Check out the new design

Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana * - Sadržaj prijevodā


Prijevod značenja Sura: Et-Tevba   Ajet:
ثُمَّ یَتُوْبُ اللّٰهُ مِنْ بَعْدِ ذٰلِكَ عَلٰی مَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ غَفُوْرٌ رَّحِیْمٌ ۟
සැබැවින්ම කවරෙකු මෙම දඬුවමට පසු ව තම ප්රතික්ෂේපභාවයෙන් හා මුළාවෙන් මිදී පාප ක්ෂමාව අයැද සිටින්නේ ද, එවිට සැබැවින්ම අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත. ඔහුගේ තව්බා ව පිළිගනු ඇත. තමාට පසුතැවිලි වී සමාව අයදින තම ගැත්තන් කෙරෙහි අල්ලාහ් අති ක්ෂමාශීලිය. එමෙන්ම ඔවුන් කෙරෙහි මහා කාරුණිකය. එය ප්රතික්ෂේප කිරීමෙන් හා වැරදි සිදු කිරීමෙන් පසු ඔවුන් කළ පාප ක්ෂමාව පිළිගැනීමෙනි.
Tefsiri na arapskom jeziku:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِنَّمَا الْمُشْرِكُوْنَ نَجَسٌ فَلَا یَقْرَبُوا الْمَسْجِدَ الْحَرَامَ بَعْدَ عَامِهِمْ هٰذَا ۚ— وَاِنْ خِفْتُمْ عَیْلَةً فَسَوْفَ یُغْنِیْكُمُ اللّٰهُ مِنْ فَضْلِهٖۤ اِنْ شَآءَ ؕ— اِنَّ اللّٰهَ عَلِیْمٌ حَكِیْمٌ ۟
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කොට ඔහු විසින් ආගමානුගත කළ කරුණු පිළිපදින්නනි! සැබැවින්ම දෙවියන්ට ආදේශ තබන්නන් කිලිටිය. එය ඔවුන් තුළ දේව ප්රතික්ෂේපය, අපරාධය, පහත් ගුණාංග හා පහත් සිරිත් විරිත් තිබෙන බැවිණි. එහෙයින් මක්කා පාරිශුද්ධ භූමියට ඔවුන් ඇතුළත් නොවිය යුතුය. මස්ජිදුල් හරාම් ද ඒ අතරිනි. මෙම වසරින් පසු (එනම් නව වන හිජ්රි වර්ෂයෙන් පසු) ඔවුන් හජ් හෝ උම්රා වන්දනාකරුවන් ලෙස සිටිය ද ඇතුළත් නොවිය යුතුයි. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා වෙත ඔවුන් ගෙන එන ආහාර පාන හා විවිධ ව්යාපාරික භාණ්ඩ නැවැත්වීම හේතුවෙන් නුඹලා දිළිඳුභාවය පිළිබඳ ව බියවන්නේ නම්, දැනගනු! අල්ලාහ්ගේ අභිමතය පරිදි ඔහුගේ භාග්යය නුඹලාට ප්රමාණවත් වන්නේය. සැබැවින්ම නුඹලා කවර ස්ථාවරයක සිටින්නේ දැයි අල්ලාහ් මැනවින් දන්නාය. නුඹලා වෙනුවෙන් ඔහු යොදා ඇති සැලසුම ගැන මහා ප්රඥාවන්තය.
Tefsiri na arapskom jeziku:
قَاتِلُوا الَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِاللّٰهِ وَلَا بِالْیَوْمِ الْاٰخِرِ وَلَا یُحَرِّمُوْنَ مَا حَرَّمَ اللّٰهُ وَرَسُوْلُهٗ وَلَا یَدِیْنُوْنَ دِیْنَ الْحَقِّ مِنَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ حَتّٰی یُعْطُوا الْجِزْیَةَ عَنْ یَّدٍ وَّهُمْ صٰغِرُوْنَ ۟۠
අල්ලාහ් කිසිදු හවුල්කරුවකු නොමැති දෙවියා බව විශ්වාස නොකරන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස නොකරන, අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඔවුනට තහනම් කළ මිය ගිය සතුන්, සූකර මාංශ, මත් ද්රව්ය, පොළිය යනාදියෙන් වැළකී නොසිටින, අල්ලාහ් ආගමානුගත කළ දෑ ට යටත් නොවන යුදෙව්වන් හා කිතුනුවන් අතරින් අල්ලාහ් ව ප්රතික්ෂේප කරන්නන් සමග ඔවුන් යටහත් පහත්ව බදු ගෙවන තෙක් නුඹලා සටන් කරනු.
Tefsiri na arapskom jeziku:
وَقَالَتِ الْیَهُوْدُ عُزَیْرُ ١بْنُ اللّٰهِ وَقَالَتِ النَّصٰرَی الْمَسِیْحُ ابْنُ اللّٰهِ ؕ— ذٰلِكَ قَوْلُهُمْ بِاَفْوَاهِهِمْ ۚ— یُضَاهِـُٔوْنَ قَوْلَ الَّذِیْنَ كَفَرُوْا مِنْ قَبْلُ ؕ— قَاتَلَهُمُ اللّٰهُ ۚ— اَنّٰی یُؤْفَكُوْنَ ۟
සැබැවින්ම යුදෙව් හා කිතුනු සෑම සමූහයක්ම දෙවියන්ට ආදේශ තබන්නෝ වෙති. සැබැවින්ම උසෙයිර් අල්ලාහ්ගේ පුතණුවන් බව ඇරයුම් කරමින් යුදෙව්වන් අල්ලාහ්ට අදේශ තබති. සැබැවින්ම මසීහ් ඊසා අල්ලාහ්ගේ පුතණුවන් බව ඇරයුම් කරමින් කිතුනුවන් අල්ලාහ්ට ආදේශ තබති. එය කිසිදු සාධකයක් ඉදිරිපත් කිරීමකින් තොර ව ඔවුන්ගේ කටින් ගොතා පවසන ප්රකාශ පමණි. මොවුහු තමන්ට පෙර, "සැබැවින්ම මලාඉකාවරුන් අල්ලාහ්ගේ දූවරුන්" යැයි පවසා සිටි අයට සමාන අය වෙති. අල්ලාහ් එයට ඉහළය, උත්තරීතරය. අල්ලාහ් ඔවුන් විනාශ කර දැමීය. සැබෑ සත්යයෙන් ව්යාජ දෑ වෙත ඔවුන් හැරෙනුයේ කෙසේද?
Tefsiri na arapskom jeziku:
اِتَّخَذُوْۤا اَحْبَارَهُمْ وَرُهْبَانَهُمْ اَرْبَابًا مِّنْ دُوْنِ اللّٰهِ وَالْمَسِیْحَ ابْنَ مَرْیَمَ ۚ— وَمَاۤ اُمِرُوْۤا اِلَّا لِیَعْبُدُوْۤا اِلٰهًا وَّاحِدًا ۚ— لَاۤ اِلٰهَ اِلَّا هُوَ ؕ— سُبْحٰنَهٗ عَمَّا یُشْرِكُوْنَ ۟
යුදෙව්වන් තම ආගමික විද්වතුන් ද, කිතුනුවන් තම වන්දනාකරුවන් ද අල්ලාහ් හැර දමා තම දෙවිවරුන් ලෙස ගත්තෝය. ඔවුන්ට අල්ලාහ් තහනම් කළ දෑ ඔවුන් මත අනුමත කර ගනිති. අල්ලාහ් ඔවුනට අනුමත කළ දෑ ඔවුන් මත තහනම් කර ගනිති. කිතුනුවන් අල්ලාහ් සමගම මර්යම්ගේ පුත් ඊසාව දෙවියකු ලෙස ගත්තෝය. යුදෙව් විද්වතුන්ට, කිතුනු වන්දනාකරුවන්ට, උසෙයිර්ට හා මර්යම්ගේ පුත් ඊසාට අල්ලාහ් අණ කර සිටියේ ඔහුට පමණක් හැර වෙනත් කිසිවකුට නොනමදින ලෙසත් කිසිවක් ඔහුට ආදේශ නොකරන ලෙසත්ය. ඔහු සුවිශුද්ධ ඒකීය දෙවියාය. ඔහු හැර නැමදුමට සුදුසු වෙනත් කිසිවෙකු නැත. ඔහු සුපිවිතුරුය. දෙවියන්ට ආදේශ කරන්නන් හෝ වෙනත් අය පවසා සිටින පරිදි ඔහුට කිසිදු හවුල්කරුවකු සිටීමෙන් ඔහු පිවිතුරුය.
Tefsiri na arapskom jeziku:
Poruke i pouke ajeta na ovoj stranici:
• في الآيات دليل على أن تعلق القلب بأسباب الرزق جائز، ولا ينافي التوكل.
•පෝෂණ සාධක සමග හදවත බැඳී තිබීම අනුමත බවටත්, තවක්කුල් හෙවත් දෙවියන්ට සියල්ල භාර කිරීම අතහැර නොදැමිය යුතු බවටත් වූ සාධක මෙම පාඨ වල අන්තර්ගත වී ඇත.

• في الآيات دليل على أن الرزق ليس بالاجتهاد، وإنما هو فضل من الله تعالى تولى قسمته.
•සැබැවින්ම පෝෂණය පිහිටන්නේ කැපවීමෙන් පමණක් නොවන බවත් සැබැවින්ම එය අල්ලාහ්ගේ භාග්යයෙන් වන බවත් එහි කොටස ඔහු භාරගෙන ඇති බවත් පෙන්වා දෙන සාධක මෙම පාඨ වල සඳහන් වී ඇත.

• الجزية واحد من خيارات ثلاثة يعرضها الإسلام على الأعداء، يقصد منها أن يكون الأمر كله للمسلمين بنزع شوكة الكافرين.
•ඉස්ලාමය, සතුරන්ට ලබා දෙන විකල්ප තුනෙන් එකක් වන්නේ ජිසියා බදු ය. ඉන් අපේක්ෂා කරනුයේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් දඬුවමින් ඉවත් කිරීමෙන් සමස්ත කටයුතු මුස්ලිම්වරුන් සතු කිරීමය.

• في اليهود من الخبث والشر ما أوصلهم إلى أن تجرؤوا على الله، وتنقَّصوا من عظمته سبحانه.
•අල්ලාහ් ගැන වැරදි කීමට හා ඔහුගේ ගරුත්වයට අඩුපාඩු කීමට ඔවුන්ව යොමු කරන කිලිටි හා නපුරු ගතිගුණ යුදෙව්වන් තුළ විය.

 
Prijevod značenja Sura: Et-Tevba
Indeks sura Broj stranice
 
Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana - Sadržaj prijevodā

Izdavač: centar za kur'anske studije "Tefsir".

Zatvaranje