Check out the new design

Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana * - Sadržaj prijevodā


Prijevod značenja Ajet: (110) Sura: El-Maida
اِذْ قَالَ اللّٰهُ یٰعِیْسَی ابْنَ مَرْیَمَ اذْكُرْ نِعْمَتِیْ عَلَیْكَ وَعَلٰی وَالِدَتِكَ ۘ— اِذْ اَیَّدْتُّكَ بِرُوْحِ الْقُدُسِ ۫— تُكَلِّمُ النَّاسَ فِی الْمَهْدِ وَكَهْلًا ۚ— وَاِذْ عَلَّمْتُكَ الْكِتٰبَ وَالْحِكْمَةَ وَالتَّوْرٰىةَ وَالْاِنْجِیْلَ ۚ— وَاِذْ تَخْلُقُ مِنَ الطِّیْنِ كَهَیْـَٔةِ الطَّیْرِ بِاِذْنِیْ فَتَنْفُخُ فِیْهَا فَتَكُوْنُ طَیْرًا بِاِذْنِیْ وَتُبْرِئُ الْاَكْمَهَ وَالْاَبْرَصَ بِاِذْنِیْ ۚ— وَاِذْ تُخْرِجُ الْمَوْتٰی بِاِذْنِیْ ۚ— وَاِذْ كَفَفْتُ بَنِیْۤ اِسْرَآءِیْلَ عَنْكَ اِذْ جِئْتَهُمْ بِالْبَیِّنٰتِ فَقَالَ الَّذِیْنَ كَفَرُوْا مِنْهُمْ اِنْ هٰذَاۤ اِلَّا سِحْرٌ مُّبِیْنٌ ۟
අල්ලාහ් ඊසා (අලය්හිස් සලාම්) තුමා සමග කතා කළ අවස්ථාව මෙනෙහි කර බලනු. අහෝ මර්යම්ගේ පුත් ඊසා! ඔබ ව පියකුගෙන් තොරව මැවූ අවස්ථාවේ ඔබ වෙත කළ මාගේ ආශිර්වාදය මෙනෙහි කරනු. එමෙන්ම ඔබේ මව වන මර්යම් තුමියගේ සමකාලීන කාන්තාවන් අතර ඇය ව විශේෂයෙන් තෝරා ගනිමින් මා ඇය වෙත පිරිනැමූ ආශිර්වාදය ද මෙනෙහි කර බලනු. එමෙන්ම ඔබ බිළිඳු වියේ සිටියදී අල්ලාහ් වෙත ජනයා ඇරයුම් කරමින් ඔවුන් සමග කතා කිරීමටත් ඔවුන් වෙත නබිවරයකු වශයෙන් අපි ඔබ එවූ අවස්ථාවේ ඔවුන් සමග කතා කිරීමටත් ජිබ්රීල් (අලය්හිස් සලාම්) තුමා මගින් ඔබ ව ශක්තිමත් කළ අවස්ථාවද මෙනෙහි කර බලනු. එමෙන්ම මම ඔබට අක්ෂර උගන්වා මූසා (අලය්හිස් සලාම්) තුමා වෙත පහළ කළ තව්රාතය හා ඔබ වෙත පහළ කළ ඉන්ජීලයද උගන්වා ආගමික පිළිවෙත් තුළ පවතින යථාර්ථයන්, එහි ප්රයෝජන හා එහි ප්රඥාව ඉගැන්වූ අවස්ථාවද මෙනෙහි කර බලනු. එමෙන්ම පක්ෂියකුගේ හැඩයෙන් යුත් යමක් මැටියෙන් තනා පසු ව ඔබ එයට පිම්ඹෙහිය. එවිට එය පක්ෂියෙකු බවට පත් විය; එම අවස්ථාවද මෙනෙහි කර බලනු. තවද ඔබ උපතින්ම අන්ධ වූවන් සුවපත් කරන්නෙහිය. කුෂ්ට රෝගීන්ට ප්රතිකාර කරන්නෙහිය. එවිට ඔවුන්හට නිරෝගිමත් චර්මයක් ලැබුණි. එමෙන්ම මළවුන් අවදි කරන මෙන් ඔබ අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කර සිටීම හේතුවෙන් මළවුනට ඔහු යළි ජීවය ලබා දුන්නේය. ඒ සියල්ල මාගේ අනුහසින් සිදු විය. එමෙන්ම ඔබ ඉස්රාඊල් දරුවන් වෙත පැහැදිලි ප්රාතිහාර්යයන් ගෙන ආ අවස්ථාවේ ඔබ ව ඝාතනය කිරීමට තැත් කළ කල්හි ඔවුන්ගෙන් මම ඔබ ව වළක්වමින් ඔබ වෙත කළ ආශිර්වාදයද මෙනෙහි කර බලනු. ඔවුන් එය ප්රතික්ෂේප කොට 'ඊසා ගෙන ආ දෑ පැහැදිලි හූනියමක් මිස වෙනකක් නොවේ යැයි පැවසූහ.
Tefsiri na arapskom jeziku:
Poruke i pouke ajeta na ovoj stranici:
• إثبات جمع الله للخلق يوم القيامة جليلهم وحقيرهم.
•කීර්තිමත් හා අපකීර්තිමත් සියලු මැවීම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් එක්රැස් කරන බවට තහවුරු කිරීම.

• إثبات بشرية المسيح عليه السلام وإثبات آياته الحسية من إحياء الموتى وإبراء الأكمه والأبرص التي أجراها الله على يديه.
• ඊසා මසීහ් (අලය්හිස් සලාම්) මිනිසෙකු බව තහවුරු කිරීම හා ඔහුගේ අතින් අල්ලාහ් ක්රියාත්මක කළා වූ කුෂ්ට රෝග සුව කිරීම මිය ගිය ඇත්තන් යළි අවදි කිරීම යනාදී ඔහුගේ ආධ්යාත්මික ප්රාතිහාර්යයන් තහවුරු කිරීම.

• بيان أن آيات الأنبياء تهدف لتثبيت الأتباع وإفحام المخالفين، وأنها ليست من تلقاء أنفسهم، بل تأتي بإذن الله تعالى.
•නබිවරුන්හට පිරිනැමූ ප්රාතිහාර්යයන් හි අරමුණ වනුයේ අනුගාමිකයින් ස්ථාවර කිරීම හා විරුද්ධවාදීන්හට තහවුරු කිරීමය. එය ඔවුන් විසින් ඉදිරිපත් කළ දෙයක් නොව අල්ලාහ්ගේ අනුහසින් පැමිණි දෙයකි.

 
Prijevod značenja Ajet: (110) Sura: El-Maida
Indeks sura Broj stranice
 
Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana - Sadržaj prijevodā

Izdavač: centar za kur'anske studije "Tefsir".

Zatvaranje