Check out the new design

Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana * - Sadržaj prijevodā


Prijevod značenja Sura: Alu Imran   Ajet:
وَاِنَّ مِنْهُمْ لَفَرِیْقًا یَّلْوٗنَ اَلْسِنَتَهُمْ بِالْكِتٰبِ لِتَحْسَبُوْهُ مِنَ الْكِتٰبِ وَمَا هُوَ مِنَ الْكِتٰبِ ۚ— وَیَقُوْلُوْنَ هُوَ مِنْ عِنْدِ اللّٰهِ وَمَا هُوَ مِنْ عِنْدِ اللّٰهِ ۚ— وَیَقُوْلُوْنَ عَلَی اللّٰهِ الْكَذِبَ وَهُمْ یَعْلَمُوْنَ ۟
යුදෙව්වන් අතර අල්ලාහ් වෙතින් පහළ වූ තව්රාතය නොහොත් තෝරාවේ නැති දෑ මෙනෙහි කරමින් තම දිවවල් හරවා පවසන පිරිසක් සිටිති. නියතවශයෙන්ම ඔවුන් කියවනුයේ තව්රාතය යැයි නුඹලා සිතනු ඇත. නමුත් එය තව්රාතය නොවන්නේය. ඒවා ඔවුන් අල්ලාහ් වෙත බොරු ගොත පවසන ඔවුන්ගේ ප්රකාශ පමණක් වෙයි. ඔවුහු: ‘අපි කියවා පෙන්වන දෑ අල්ලාහ් වෙතින් පහළ වූවක්’ යැයි පවසති. නමුත් එය අල්ලාහ් වෙතින් පහළ නොවූවකි. ඔවුන් අල්ලාහ් කෙරෙහි බොරු පවසති. ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කෙරෙහි පවසන ඔවුන්ගේ බොරුව ගැන මැනවින් දනිති.
Tefsiri na arapskom jeziku:
مَا كَانَ لِبَشَرٍ اَنْ یُّؤْتِیَهُ اللّٰهُ الْكِتٰبَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ ثُمَّ یَقُوْلَ لِلنَّاسِ كُوْنُوْا عِبَادًا لِّیْ مِنْ دُوْنِ اللّٰهِ وَلٰكِنْ كُوْنُوْا رَبّٰنِیّٖنَ بِمَا كُنْتُمْ تُعَلِّمُوْنَ الْكِتٰبَ وَبِمَا كُنْتُمْ تَدْرُسُوْنَ ۟ۙ
අල්ලාහ් වෙතින් පහළ කරන ලද ලේඛනයක් මිනිසෙකුට පිරිනමා දැනුම හා අවබෝධය ද ඔහුට පිරිනමා, ඔහුව නබිවරයකු ලෙස තෝරා පත් කළ පසුව: “අල්ලාහ් හැර නුඹලා මට ගැතිකම් කරනු” යැයි පැවසීම එම මිනිසාට සුදුසු නොවන්නේය. නමුත් ඔහු ඔවුනට: “මිනිසුනට පහළ කරන ලද පුස්තකය නුඹලා ඉගැන්වීම හේතුවෙන් සහ එයින් නුඹලා වටහාගත් දෑ හා ආරක්ෂා කළ දෑ උගන්වන්නන් ලෙස සිටිමින් නුඹලා නැමදුම් ඉටු කරන මිනිසුන් හැඩගස්වන ඔවුන්ගේ කටයුතු විධිමත් කරන විද්වතුන් ලෙස සිටිනු යැයි පැවසිය හැක.
Tefsiri na arapskom jeziku:
وَلَا یَاْمُرَكُمْ اَنْ تَتَّخِذُوا الْمَلٰٓىِٕكَةَ وَالنَّبِیّٖنَ اَرْبَابًا ؕ— اَیَاْمُرُكُمْ بِالْكُفْرِ بَعْدَ اِذْ اَنْتُمْ مُّسْلِمُوْنَ ۟۠
එලෙසම නුඹලා මලක්වරුන් හා නබිවරුන් දෙවිවවරුන් ලෙස ගෙන අල්ලාහ් හැර ඔවුනට නැමදුම් ඉටු කරනු යැයි පවසා සිටීම ද සුදුසු නොවන්නේය. නුඹලා අල්ලාහ්ට යටහත් වී ඔහුට අවනත වූවායින් පසු අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීමට ඔහු නුඹලාට නියෝග කර සිටීම සුදුසු කටයුත්තක් වන්නේද?
Tefsiri na arapskom jeziku:
وَاِذْ اَخَذَ اللّٰهُ مِیْثَاقَ النَّبِیّٖنَ لَمَاۤ اٰتَیْتُكُمْ مِّنْ كِتٰبٍ وَّحِكْمَةٍ ثُمَّ جَآءَكُمْ رَسُوْلٌ مُّصَدِّقٌ لِّمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهٖ وَلَتَنْصُرُنَّهٗ ؕ— قَالَ ءَاَقْرَرْتُمْ وَاَخَذْتُمْ عَلٰی ذٰلِكُمْ اِصْرِیْ ؕ— قَالُوْۤا اَقْرَرْنَا ؕ— قَالَ فَاشْهَدُوْا وَاَنَا مَعَكُمْ مِّنَ الشّٰهِدِیْنَ ۟
අල්ලාහ් නබිවරුන්ගෙන් ස්ථීර ප්රතිඥාවක් ගත් අවස්ථාව අහෝ! දූතය, සිහිපත් කර බලනු. එනම් ‘මේ සමග මම නුඹලාට පුස්තකයක් පිරිනමමි. නුඹලාට ප්රඥාවද උගන්වමින් නුඹලා උසස් තරාතිරම හා නිලයක් ලබනු ඇත. පසු ව මා වෙතින් දූතයකු නුඹලා වෙත පැමිණෙනු ඇත. (ඔහු මුහම්මද්ය) නුඹලා සමග වන පුස්තකය හා ප්රඥාව ඔහු තහවුරු කරයි. ඔහු ගෙන එන දෑ නුඹලා විශ්වාස කරනු. ඔහුව පිළිපදිමින් ඔහුට උදව් කරනු. "අහෝ! නබිවරුනි, නුඹලා මෙම ප්රතිඥාව පිළිගන්නෙහුද? නුඹලා මාගේ ඒ දැඩි ප්රතිඥාව ගෙන ඇත්තෙහුය." එවිට ඔවුහු: ‘එය අපි පිළිගන්නෙමු’ යැයි පැවසූහ. අල්ලාහ්: ‘නුඹලා මත හා නුඹලාගේ සමූහයන් මත නුඹලා සාක්ෂි දරනු. නුඹලාටත් ඔවුන්ටත් සාක්ෂිකරුවන් අතර නුඹලා සමග මම ද සිටිමි.’ යැයි පැවසීය.
Tefsiri na arapskom jeziku:
فَمَنْ تَوَلّٰی بَعْدَ ذٰلِكَ فَاُولٰٓىِٕكَ هُمُ الْفٰسِقُوْنَ ۟
සාක්ෂිය මගින් තහවුරු කරන ලද ප්රතිඥාව අල්ලාහ් හා ඔහුගේ දූතයා විසින් ගත් පසු ව කවරෙකු එයට පිටුපාන්නේද ඔවුහුය අල්ලාහ්ගේ දහමින් හා ඔහුට අවනත වීමෙන් බැහැරවූවන් වන්නේ.
Tefsiri na arapskom jeziku:
اَفَغَیْرَ دِیْنِ اللّٰهِ یَبْغُوْنَ وَلَهٗۤ اَسْلَمَ مَنْ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ طَوْعًا وَّكَرْهًا وَّاِلَیْهِ یُرْجَعُوْنَ ۟
අල්ලාහ්ගේ දහම (ඉස්ලාමය) හැර ඔහුගේ ගැත්තන්හට ඔහු තෝරා දුන් වෙනත් දහමක් තිබේද? ඔහුගේ දහමින් හා ඔහුගේ අවනතභාවයෙන් බැහැරවූවන් එය හැර වෙනත් දහමක් සොයන්නෝද? අහස්හි හා මහපොළොවේ ඇති සියලු මැවීම් යටහත් වන්නේත් අවනත වන්නේත් සුවිශුද්ධ වූ ඔහුට පමණය. එය මුඃමින් නොහොත් දෙවියන් විශ්වාස කරන්නන් මෙන් කැමැත්තෙන් පිළිගන්නන් ද දෙවියන් ප්රතික්ෂේප කරන්නන් මෙන් අකමැත්තෙන් හෝ පිළිගන්නන්ද වෙති. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල පිරිනැමීම සඳහා සියලු මැවීම් උත්තරීතර ඔහු වෙතම යොමු කරනු ඇත.
Tefsiri na arapskom jeziku:
Poruke i pouke ajeta na ovoj stranici:
• ضلال علماء اليهود ومكرهم في تحريفهم كلام الله، وكذبهم على الناس بنسبة تحريفهم إليه تعالى.
•යුදෙව් විද්වතුන්ගේ මුළා කිරීම අල්ලාහ්ගේ වදන් වෙනස් කිරීමේදී ඔවුන් පිළිපැද්දා වූ කූට උපක්රම උත්තරීතර අල්ලාහ් වෙත ව්යාජ කරුණු ඈඳා ඔවුන් කළ වෙනස් කිරීම් නිවැරදි යැයි පවසමින් ජනයා හට කළ වංචා ව.

• كل من يدعي أنه على دين نبي من أنبياء الله إذا لم يؤمن بمحمد عليه الصلاة والسلام فهو ناقض لعهده مع الله تعالى.
•අල්ලාහ්ගේ නබිවරුන් අතුරින් යම්කිසි නබිවරයකුගේ දහම මත සිටින්නේ යැයි වාද කරන සෑම කෙනෙකුම මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ව විශ්වාස නොකළේ නම් ඔහු අල්ලාහ් සමග ඇති කර ගත් ගිවිසුම කඩ කළ අයකු වන්නේය.

• أعظم الناس منزلةً العلماءُ الربانيون الذين يجمعون بين العلم والعمل، ويربُّون الناس على ذلك.
•මිනිසුන් අතර තරාතිරමින් වඩාත් උතුම් වනුයේ දැනුම හා ක්රියාව යන දෙකම එකට එක් කරගත් දෙවියන් කෙරෙහි පමණක් විශ්වාස තැබූ විද්වතුන් වෙති. ඔවුහු එලෙසම මිනිසුන්ද පුරුදු පුහුණු කරති.

• أعظم الضلال الإعراض عن دين الله تعالى الذي استسلم له سبحانه الخلائق كلهم بَرُّهم وفاجرهم.
•වඩාත් නොමග ගිය අය වනුයේ මිනිසුන් අතර සිටින දැහැමි හා පාපී යන සියලු මැවීම් යටහත්ව කටයුතු කරන අල්ලාහ්ගේ දහම ප්රතික්ෂේප කරන්නාය.

 
Prijevod značenja Sura: Alu Imran
Indeks sura Broj stranice
 
Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana - Sadržaj prijevodā

Izdavač: centar za kur'anske studije "Tefsir".

Zatvaranje