Check out the new design

Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana * - Sadržaj prijevodā


Prijevod značenja Ajet: (62) Sura: En-Nur
اِنَّمَا الْمُؤْمِنُوْنَ الَّذِیْنَ اٰمَنُوْا بِاللّٰهِ وَرَسُوْلِهٖ وَاِذَا كَانُوْا مَعَهٗ عَلٰۤی اَمْرٍ جَامِعٍ لَّمْ یَذْهَبُوْا حَتّٰی یَسْتَاْذِنُوْهُ ؕ— اِنَّ الَّذِیْنَ یَسْتَاْذِنُوْنَكَ اُولٰٓىِٕكَ الَّذِیْنَ یُؤْمِنُوْنَ بِاللّٰهِ وَرَسُوْلِهٖ ۚ— فَاِذَا اسْتَاْذَنُوْكَ لِبَعْضِ شَاْنِهِمْ فَاْذَنْ لِّمَنْ شِئْتَ مِنْهُمْ وَاسْتَغْفِرْ لَهُمُ اللّٰهَ ؕ— اِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟
ඔවුන්ගේ විශ්වාසය තුළ සැබෑ දේව විශ්වාසීන් වනාහි, අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන්ව ද විශ්වාස කළවුන්ය. යම් කටයුත්තක ඔවුන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග සිටින විට මුස්ලිම්වරුන්ගේ යහපත සඳහා එතුමා ඔවුන් එක්රැස් කරයි. එවිට හැරී යන්නට එතුමාගෙන් ඔවුන් අවසර පතන තෙක් ඔවුහු හැරී නොගියෝය. අහෝ දූතය! හැරී යන අවස්ථාවේ අවසරය පැතූ ඔවුහු සැබෑ ලෙස අල්ලාහ්ව විශ්වාස කරන්නෝ වෙති. ඔහුගේ දූතයාණන්ව ද විශ්වාස කරන්නෝ වෙති. ඔවුන්ගේ වැදගත් කටයුතු සඳහා ඔබෙන් ඔවුන් අවසර පැතූ විට ඔවුන්ගෙන් ඔබ අවසර දෙන්නට අභිමත කරන අයට අවසර දෙනු. ඔවුන්ගේ පාපකම්වලට නුඹ ඔවුන් වෙනුවෙන් සමාව අයැදිනු. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන් අතරින් සමාව අයැද සිටින්නන්හට අතික්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
Tefsiri na arapskom jeziku:
Poruke i pouke ajeta na ovoj stranici:
• دين الإسلام دين النظام والآداب، وفي الالتزام بالآداب بركة وخير.
•ඉස්ලාම් දහම පිළිවෙලක් සහිත විනායනුකූල දහමකි. විනයානුකූල දෑ පිළිපැදීමෙහි යහපත හා සමෘද්ධිය ඇත.

• منزلة رسول الله صلى الله عليه وسلم تقتضي توقيره واحترامه أكثر من غيره.
•අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ස්ථාවරය හා නිලය සෙසු අයට වඩා එතුමාණන් ගෞරවයට ලක් කිරීමටත් ගරුබුහුමන් දැක්වීමටත් අවශ්යතාව ඇති කරයි.

• شؤم مخالفة سُنَّة النبي صلى الله عليه وسلم.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පිළිවෙතට පටහැනිව කටයුතු කිරීමේ අභාග්යය.

• إحاطة ملك الله وعلمه بكل شيء.
•සියලු දෑ මත අල්ලාහ්ගේ ආධිපත්යය හා ඔහුගේ දැනුම සර්වප්රකාරයෙන් ආවරණය වී තිබීම.

 
Prijevod značenja Ajet: (62) Sura: En-Nur
Indeks sura Broj stranice
 
Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana - Sadržaj prijevodā

Izdavač: centar za kur'anske studije "Tefsir".

Zatvaranje