Check out the new design

Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana * - Sadržaj prijevodā


Prijevod značenja Ajet: (35) Sura: En-Nur
اَللّٰهُ نُوْرُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— مَثَلُ نُوْرِهٖ كَمِشْكٰوةٍ فِیْهَا مِصْبَاحٌ ؕ— اَلْمِصْبَاحُ فِیْ زُجَاجَةٍ ؕ— اَلزُّجَاجَةُ كَاَنَّهَا كَوْكَبٌ دُرِّیٌّ یُّوْقَدُ مِنْ شَجَرَةٍ مُّبٰرَكَةٍ زَیْتُوْنَةٍ لَّا شَرْقِیَّةٍ وَّلَا غَرْبِیَّةٍ ۙ— یَّكَادُ زَیْتُهَا یُضِیْٓءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌ ؕ— نُوْرٌ عَلٰی نُوْرٍ ؕ— یَهْدِی اللّٰهُ لِنُوْرِهٖ مَنْ یَّشَآءُ ؕ— وَیَضْرِبُ اللّٰهُ الْاَمْثَالَ لِلنَّاسِ ؕ— وَاللّٰهُ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟ۙ
අහස් හි හා මහපොළොවේ ආලෝකය අල්ලාහ්ය. ඒ දෙකෙහි සිටින්නන්හට මඟ පෙන්වන්නාය. දේව විශ්වාසියකුගේ හදවත තුළ සුවිශුද්ධයාණන් වන ඔහුගේ ආලෝකය ජනේලයක් නැති බිත්තියක කවුලුවක් මෙනි. එහි පහනක් පවතී. පහන දිළිසෙන පළිඟුවක් තුළය. එය මුතු මෙන් අලෝකය ගෙන දෙන තාරකාවක් මෙනි. එම පහන ආශිර්වාද ලත් ගසක තෙලින් දල්වන ලැබේ. එය ඔලිව් ගසයි. උදෑසන හෝ සන්ද්යා කාලයේ කිසිවක් එම ගස හිරුගෙන් ආවරණය නොකරනු ඇත. එහි තෙලෙහි පිරිසිදුභාවය හේතුවෙන් එයට ගින්දර ස්පර්ශ නොවූව ද එය බැබලෙන්නට බලති. එසේ නම් එය ස්පර්ශවූ විට කෙසේ නම් වේවිද? පහනේ අලෝකය පලිඟුවේ ආලෝකය මතය. දේව විශ්වාසියාගේ හදවත හිදායත් හෙවත් යහමාර්ගයේ ආලෝකය දැල්වෙන විට එලෙස පවතී. අල්ලාහ් තම ගැත්තන් අතරින් අභිමත කරන්නන් හට අල් කුර්ආනය අනුගමනය කිරීම සඳහා ආශිර්වාද කරනු ඇත. උදාහරණ දක්වමින් උපමා කරමින් අල්ලාහ් කරුණු පැහැදිලි කරයි. අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
Tefsiri na arapskom jeziku:
Poruke i pouke ajeta na ovoj stranici:
• الله عز وجل ضيق أسباب الرق (بالحرب) ووسع أسباب العتق وحض عليه .
(යුද්ධය වැනි හේතු මත) වහල් භාවයට පත්වන හේතු සාධක අල්ලාහ් සීමා කර ඇති අතර නිදහස් කිරීමේ හේතු සාධක පුළුල් කොට ඇත. ඒ සඳහා දිරි ගන්වා ඇත.

• التخلص من الرِّق عن طريق المكاتبة وإعانة الرقيق بالمال ليعتق حتى لا يشكل الرقيق طبقة مُسْتَرْذَلة تمتهن الفاحشة.
•ලිඛිත ප්රකාශනයකින් වහලා වහල්භාවයෙන් නිදහස වීමෙන් හා මුදලින් ඔහුට උපකාර කිරීමෙන් දුරාචාරයේ පීඩා විඳින, යටත් කරගත් පන්තියක වහලෙකු නොවන අයුරින් ඔහු නිදහස් වනු ඇත.

• قلب المؤمن نَيِّر بنور الفطرة، ونور الهداية الربانية.
•දේව විශ්වාසියාගේ හදවත සහජ බුද්ධියේ ආලෝකයෙන් හා දිව්ය මග පෙන්වීමේ ආලෝකයෙන් අලෝකමත් වනු ඇත.

• المساجد بيوت الله في الأرض أنشأها ليعبد فيها، فيجب إبعادها عن الأقذار الحسية والمعنوية.
•දේවස්ථාන යනු නැමදීම සඳහා මහපොළොවේ ඉදි කරන ලද අල්ලාහ්ගේ නිවෙස් වෙති. එහෙයින් ආධ්යාත්මික හා භෞතික කිලිටිලිවලින් එය දුරස් කිරීම අනිවාර්යය වේ.

• من أسماء الله الحسنى (النور) وهو يتضمن صفة النور له سبحانه.
•අස්මාඋල් හුස්නා නම් අල්ලාහ්ගේ අලංකාර නම්වලින් එකකි ‘අන්-නූර්’ -අලෝකය. ඔහු සතු විශේෂ අලෝකයේ ලක්ෂණවලින් ඔහු සමන්විතය.

 
Prijevod značenja Ajet: (35) Sura: En-Nur
Indeks sura Broj stranice
 
Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana - Sadržaj prijevodā

Izdavač: centar za kur'anske studije "Tefsir".

Zatvaranje