Check out the new design

Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana * - Sadržaj prijevodā


Prijevod značenja Ajet: (260) Sura: El-Bekara
وَاِذْ قَالَ اِبْرٰهٖمُ رَبِّ اَرِنِیْ كَیْفَ تُحْیِ الْمَوْتٰی ؕ— قَالَ اَوَلَمْ تُؤْمِنْ ؕ— قَالَ بَلٰی وَلٰكِنْ لِّیَطْمَىِٕنَّ قَلْبِیْ ؕ— قَالَ فَخُذْ اَرْبَعَةً مِّنَ الطَّیْرِ فَصُرْهُنَّ اِلَیْكَ ثُمَّ اجْعَلْ عَلٰی كُلِّ جَبَلٍ مِّنْهُنَّ جُزْءًا ثُمَّ ادْعُهُنَّ یَاْتِیْنَكَ سَعْیًا ؕ— وَاعْلَمْ اَنَّ اللّٰهَ عَزِیْزٌ حَكِیْمٌ ۟۠
අහෝ! මාගේ පරමාධිපතියාණනි, මිය ගිය ඇත්තන්හට ඔබ යළි ප්රාණය දෙන්නේ කෙසේ දැ?යි මාගේ දෑසට ඔබ පෙන්වනු මැනව’යයි ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා තම පරමාධිපතිගෙන් ඉල්ලා සිටි අවස්ථාව ගැන -අහෝ නබිවරය,- නුඹ මෙනෙහි කර බලනු. එවිට: ‘මේ ගැන නුඹ තවමත් විශ්වාස නොකළේදැ?’යි අල්ලාහ් එතුමාගෙන් විමසා සිටියේය. ‘එසේ නොව, මම විශ්වාස කළෙමි. නමුත් මාගේ සිතෙහි තැන්පත් බව වැඩි කර ගන්නට මෙසේ අසමි’ යැයි එතුමා පවසා සිටියේය. එවිට අල්ලාහ් ඔහුට නියෝග කොට මෙසේ පැවසීය: ‘නුඹ කුරුලු වර්ග හතරක් ගෙන උන් නුඹට වඩාත් ලෙන්ගතු ලෙස ඇති කොට, පසු ව උන් කොටස් කොට ඒවායින් කොටසක් බැගින් නුඹ අවට පිහිටා ඇති කඳු අතරින් සෑම කන්දක් මත ම තබා පසු ව නුඹ උන් කැඳවන්න. එවිට උන් යළි ප්රාණය ලබා නුඹ වෙත වේගයෙන් පැමිණෙනු ඇත. සැබැවින් අල්ලාහ් ඔහුගේ රාජ්ය පාලනයේ සර්ව බලධාරී බවත් ඔහුගේ කටයුතු වලත් ඔහුගේ පිළිවෙත් හා මැවීම් වලත් ඔහු මහා ප්රඥාවන්ත බවත් දැන ගනු.
Tefsiri na arapskom jeziku:
Poruke i pouke ajeta na ovoj stranici:
• مراتب الإيمان بالله ومنازل اليقين به متفاوتة لا حد لها، وكلما ازداد العبد نظرًا في آيات الله الشرعية والكونية زاد إيمانًا ويقينًا.
•අල්ලාහ්ව විශ්වාස කිරීමේ තරාතිරම් හා ඔහු ව දැඩි ලෙස පිළිගැනීමේ පියවරවල් විවිධය. එයට සීමාවක් නැත. ගැත්තෙකු ආධ්යාත්මික හා ලෞකික වශයෙන් අල්ලාහ්ගේ සංඥාවන් දෙස තම අවධානය යොමු කරන සෑම අවස්ථාවකම ඔහු දේව විශ්වාසයෙන් හා පිළිගැනීමෙන් වර්ධනය වනු ඇත.

• بَعْثُ الله تعالى للخلق بعد موتهم دليل ظاهر على كمال قدرته وتمام عظمته سبحانه.
•මැවීම් මියගිය පසු ව අල්ලාහ් යළි ඒවා අවදි කර තිබීම. ඔහුගේ ශක්තිය හා ඔහුගේ පූර්ණ බලය විදහා පාන සාධකයක් වන්නේය.

• فضل الإنفاق في سبيل الله وعظم ثوابه، إذا صاحبته النية الصالحة، ولم يلحقه أذى ولا مِنّة محبطة للعمل.
•අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමේ මහිමය. කුසල් විනාශ කර දමන අයුරින් කියාපෑමක් හෝ වේදනාවක් හෝ සම්බන්ධ නොවුනු දැහැමි චේතනාවක් සමග බැඳුණු දානයකට හිමි කුසලක විශාලත්වය.

• من أحسن ما يقدمه المرء للناس حُسن الخلق من قول وفعل حَسَن، وعفو عن مسيء.
•වචනයෙන් හා ක්රියාවෙන් සදාචාරාත්මක ලෙස හැසිරීමත් නපුරන් නොසලකා හැරීමත් පුද්ගලයකු ජනයාට ඉදිරිපත් කරන දැහැමි ක්රියාවන් අතර පිහිටන්නකි.

 
Prijevod značenja Ajet: (260) Sura: El-Bekara
Indeks sura Broj stranice
 
Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana - Sadržaj prijevodā

Izdavač: centar za kur'anske studije "Tefsir".

Zatvaranje