Check out the new design

Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana * - Sadržaj prijevodā


Prijevod značenja Ajet: (184) Sura: El-Bekara
اَیَّامًا مَّعْدُوْدٰتٍ ؕ— فَمَنْ كَانَ مِنْكُمْ مَّرِیْضًا اَوْ عَلٰی سَفَرٍ فَعِدَّةٌ مِّنْ اَیَّامٍ اُخَرَ ؕ— وَعَلَی الَّذِیْنَ یُطِیْقُوْنَهٗ فِدْیَةٌ طَعَامُ مِسْكِیْنٍ ؕ— فَمَنْ تَطَوَّعَ خَیْرًا فَهُوَ خَیْرٌ لَّهٗ ؕ— وَاَنْ تَصُوْمُوْا خَیْرٌ لَّكُمْ اِنْ كُنْتُمْ تَعْلَمُوْنَ ۟
නුඹලා වෙත අනිවාර්යය කරනු ලැබ ඇත්තේ වසරකට දින කිහිපයක් උපවාසයේ නිරත වීමය. නුඹලාගෙන් කිසිවෙකු උපවාසයේ නිරත වීමට නොහැකි දුෂ්කර රෝගයකින් පෙළෙන්නේ නම් හෝ ගමනක නිරත ව සිටින්නේ නම් හෝ ඔහුට උපවාසයෙන් මිදිය හැක. පසුව ඔහු මිදී සිටි උපවාස දින ගණන් බලා වෙනත් දිනයන්හි ඒවා ඉටු කළ යුතු ව ඇත. උපවාසය රකින්නට හැකියාව තිබී ඔවුන් ඉන් මිදෙන්නේ නම් එවන් අය ෆිද්යා හෙවත් වන්දි දිය යුතුය. එනම් ඔවුන් උපවාසය අතපසු කළ සෑම දිනයක් වෙනුවෙන්ම දුගියකුට ආහාර සැපයීමය. උපවාසයේ ඇති මහිමය නුඹලා දැන සිටියෙහු නම් එසේ උපවාසයෙන් මිදී ෆිද්යා දෙනවාට වඩා උපවාසය රැකීම නුඹලාට උතුම් වනු ඇත. මෙය අල්ලාහ් විසින් උපවාසය ආගමානුගත කළ ආරම්භයේ පැවති නීතිය විය. ඒ අනුව කැමති අය උපවාසයේ නිරත වූ අතර කැමති අය උපවාසයෙන් මිදී ඒ වෙනුවට දුගියන්හට ආහාර ලබා දුන්නේය. ඉන් පසු අල්ලාහ් උපවාසය අනිවාර්යය කළේය. ශක්තිය ඇති වැඩිවියට පත් සෑම කෙනෙකුහටම එය අනිවාර්යයෙන් ඉටු කළ යුත්තක් බවට පත් කළේය.
Tefsiri na arapskom jeziku:
Poruke i pouke ajeta na ovoj stranici:
• فَضَّلَ الله شهر رمضان بجعله شهر الصوم وبإنزال القرآن فيه، فهو شهر القرآن؛ ولهذا كان النبي صلى الله عليه وسلم يتدارس القرآن مع جبريل في رمضان، ويجتهد فيه ما لا يجتهد في غيره.
•රමළාන් මාසයේ අල් කුර්ආනය පහළ කිරීම හේතුවෙන් එම මාසය උපවාසයේ මාසය බවට පත් කොට අල්ලාහ් එය ගෞරවයට ලක් කළේය. එය කුර්ආනයේ මාසයයි. එබැවින් නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා එම මාසයේ ජිබ්රීල් (අලෛයිහි වසල්ලම්) තුමා සමග අල් කුර්ආනය හැදෑරීය. එහි වෙනත් මාසවල නිරතවනවාට වඩා එතුමා කැප වී කුර්ආනය කියවීමට කටයුතු කළේය.

• شريعة الإسلام قامت في أصولها وفروعها على التيسير ورفع الحرج، فما جعل الله علينا في الدين من حرج.
•ඉස්ලාමීය ෂරීආ ව එහි ඇති මූලිකාංග හා අතිරේක දෑ පහසුවෙන් පිළිපැදිය හැකි අයුරින් පිහිටා ඇත. එමෙන්ම එය වැරදි ඉවත් කරයි. මෙම දහම තුළින් කිසිදු අපහසුතාවක් අපහට අල්ලාහ් තබා නැත.

• قُرْب الله تعالى من عباده، وإحاطته بهم، وعلمه التام بأحوالهم؛ ولهذا فهو يسمع دعاءهم ويجيب سؤالهم.
•තම ගැත්තන් වෙත අල්ලාහ් වඩාත් සමීපය. සිව්දෙසින් ඔහු ඔවුන් ආවරණය කර සිටියි. ඔවුන්ගේ තත්ත්වයන් පිළිබඳ පූර්ණ ලෙස දැන සිටියි. එහෙයින් ඔවුන්ගේ ප්රාර්ථනාවන්හට ඔහු සවන් දෙයි. ඔවුන් පතන දෑට පිළිතුරු සපයයි.

 
Prijevod značenja Ajet: (184) Sura: El-Bekara
Indeks sura Broj stranice
 
Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana - Sadržaj prijevodā

Izdavač: centar za kur'anske studije "Tefsir".

Zatvaranje