Check out the new design

Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana * - Sadržaj prijevodā


Prijevod značenja Ajet: (165) Sura: El-Bekara
وَمِنَ النَّاسِ مَنْ یَّتَّخِذُ مِنْ دُوْنِ اللّٰهِ اَنْدَادًا یُّحِبُّوْنَهُمْ كَحُبِّ اللّٰهِ ؕ— وَالَّذِیْنَ اٰمَنُوْۤا اَشَدُّ حُبًّا لِّلّٰهِ ؕ— وَلَوْ یَرَی الَّذِیْنَ ظَلَمُوْۤا اِذْ یَرَوْنَ الْعَذَابَ ۙ— اَنَّ الْقُوَّةَ لِلّٰهِ جَمِیْعًا ۙ— وَّاَنَّ اللّٰهَ شَدِیْدُ الْعَذَابِ ۟
මෙසේ පැහැදිලි සාක්ෂි හා සාධක තිබියදීත් ජනයා අතර ඇතැමෙක් අල්ලාහ් හැර වෙනත් දෑ නැමදුමට ගනිති. ඔවුන් ඒවා අල්ලාහ්ගේ සමීපතයින් බවට පත් කර ගෙන අල්ලාහ්ට ප්රිය කරනවාක් සේම ඒවාටත් ප්රිය කරති. අල්ලාහ්ට වඩාත් ප්රියමනාප වනුයේ එවන් දෑ නමදින මොවුනට වඩා සත්යය විශ්වාස කළවුන්ය. ඔවුහු අල්ලාහ්ට කිසිවෙකු ආදේශ නොකළහ. ඔවුහු සතුටේදී මෙන්ම දුකේදීත් ඔහු ව ප්රිය කරති. නමුත් මොවූහු සතුටුදායක තත්ත්වයන්හි පමණක් ඔවුන්ගේ දෙවිවරුන්ට ප්රිය කරති. නමුත් පීඩාකාරී තත්ත්වයකදී අල්ලාහ් හැර වෙනත් කිසිවකුට කණ්ණලව් නොකරති. අපරාධකරුවන් තමන්ගේ ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් නියම වූ දඬවම් මතු ලොවෙහි දෑසින් දකින විට සියලු ශක්තිය ඇත්තේ අල්ලාහ්ට පමණක් බවත් ඔහු ව පිටුපාන්නන්හට දැඩි ලෙස ඔහු දඬුවම් කරන බවත් වටහා ගනු ඇත. එය ඔවුන් දකින විට ඔහු සමග කිසිවකු ආදේශ නොකරනු ඇත.
Tefsiri na arapskom jeziku:
Poruke i pouke ajeta na ovoj stranici:
• المؤمنون بالله حقًّا هم أعظم الخلق محبة لله؛ لأنهم يطيعونه على كل حال في السراء والضراء، ولا يشركون معه أحدًا.
•අවංකව අල්ලාහ් ව පමණක් විශ්වාස කරන්නන් වන ඔවුහුමය, අල්ලාහ්ට වඩාත් ප්රියමනාප මැවීම වනුයේ. ඔවුහු සතුටේදී හා දුකේදී යන සෑම තත්ත්වයකම ඔහුට අවනත වෙති. ඒ කිසිවිටෙක කිසිදු ආදේශයක් ඔහුට නොකරති.

• في يوم القيامة تنقطع كل الروابط، ويَبْرَأُ كل خليل من خليله، ولا يبقى إلا ما كان خالصًا لله تعالى.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු සම්බන්ධකම් බිඳ වැටෙනු ඇත. සෑම මිතුරෙකුම තම මිතුරාගෙන් ඉවත් ව යයි. අල්ලාහ්ට අවංකව ඉටු කළ දෑ හැර වෙනත් කිසිවක් ඉතිරි නොවෙයි.

• التحذير من كيد الشيطان لتنوع أساليبه وخفائها وقربها من مشتهيات النفس.
•ආත්ම ආශාවන් හරහා විවිධ වැරදි ක්රියාමාර්ග සිදු කිරීමටත් ඒවා සඟවා ඒ වෙත සමීපකම් ඇති කිරීමටත් මාන බලන ෂෙයිතාන්ගේ කුමන්ත්රණ ගැන ප්රවේශම් වීම.

 
Prijevod značenja Ajet: (165) Sura: El-Bekara
Indeks sura Broj stranice
 
Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana - Sadržaj prijevodā

Izdavač: centar za kur'anske studije "Tefsir".

Zatvaranje