Check out the new design

Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana * - Sadržaj prijevodā


Prijevod značenja Ajet: (141) Sura: El-Bekara
تِلْكَ اُمَّةٌ قَدْ خَلَتْ ۚ— لَهَا مَا كَسَبَتْ وَلَكُمْ مَّا كَسَبْتُمْ ۚ— وَلَا تُسْـَٔلُوْنَ عَمَّا كَانُوْا یَعْمَلُوْنَ ۟۠
එය නුඹලාට පෙර ඉකුත්ව ගිය සමූහයකි. ඔවුන් කළ ක්රියාවන් ඔවුන් සමගමය. ඔවුන් උපයා ගත් දෑ ඔවුන් සතුය. නුඹලා උපයාගත් දෑ නුඹලා සතුය. ඔවුන්ගේ ක්රියාවන් ගැන නුඹලා ප්රශ්න කරනු නොලබන්නෙහුය. නුඹලාගේ ක්රියාවන් පිළිබඳ ඔවුන් ප්රශ්න කරනු නොලබති. කිසිවකුගේ පාපයක් හේතුවෙන් කිසිවකු ග්රහණය කරනු නොලැබේ. වෙනත් කිසිවකුගේ ක්රියාවක් තමන්ට ප්රයෝජනවත් නොවනු ඇත. නමුත් ඔවුන් සෑම කෙනෙකුටම ඔවුන් ඉදිරිපත් කළ දෑ සඳහා ප්රතිඵල පිරිනමනු ලැබේ.
Tefsiri na arapskom jeziku:
Poruke i pouke ajeta na ovoj stranici:
• أن دعوى أهل الكتاب أنهم على الحق لا تنفعهم وهم يكفرون بما أنزل الله على نبيه محمد صلى الله عليه وسلم.
සැබැවින්ම තමන් සත්යය මත සිටින බවට ආගම් ලත් ජනයා කරන තර්කය ඔවුනට කිසිසේත් ප්රයෝජනවත් නොවන්නේය. නමුත් අල්ලාහ් තම නබිවරයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා පිළිබඳ පහළ කර ඇති දෑ ඔවුහු ප්රතික්ෂේප කරති.

• سُمِّي الدين صبغة لظهور أعماله وسَمْته على المسلم كما يظهر أثر الصبغ في الثوب.
සායම් -රන්ජනය- යන අර්ථය ගෙන දෙන ‘සිබ්ගා’ යන පදය දහමට නම් යෙදී ඇත. ඇඳුමක සායම් සළකුණු මතුපිටින් පෙනෙන සේ එහි ළකුණු මුස්ලිම්වරයා මත දක්නට ඇත.

• أن الله تعالى قد رَكَزَ في فطرةِ خلقه جميعًا الإقرارَ بربوبيته وألوهيته، وإنما يضلهم عنها الشيطان وأعوانه.
සැබැවින්ම අල්ලාහ් ඔහුගේ මැවීම් සියල්ල ස්වභාදහම අනුව මවා ඇති බවත් එය ඔහුගේ දේවත්වය හා පරිපාලනය පිළිගන්නා ලෙසින් නිමවා ඇති බවත් පෙන්වා දෙයි. ඔවුන් නොමග හරිනුයේ ෂෙයිතාන් හා ඔහුගේ සහයකයින් විසිනි.

 
Prijevod značenja Ajet: (141) Sura: El-Bekara
Indeks sura Broj stranice
 
Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana - Sadržaj prijevodā

Izdavač: centar za kur'anske studije "Tefsir".

Zatvaranje