Check out the new design

Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana * - Sadržaj prijevodā


Prijevod značenja Sura: El-Kehf   Ajet:
قَالَ اَلَمْ اَقُلْ لَّكَ اِنَّكَ لَنْ تَسْتَطِیْعَ مَعِیَ صَبْرًا ۟
"අහෝ මූසා! මා කවර කටයුත්තක් ක්රියාත්මක කරන්නේ ද ඒ මත ඉවසීමෙන් සිටීමට නුඹට නොහැකි බව මම නුඹට පවසා සිටියෙමි" යැයි හිළර් තුමා මූසා (අලයිහිස් සලාම්) තුමාට පවසා සිටියේය.
Tefsiri na arapskom jeziku:
قَالَ اِنْ سَاَلْتُكَ عَنْ شَیْ بَعْدَهَا فَلَا تُصٰحِبْنِیْ ۚ— قَدْ بَلَغْتَ مِنْ لَّدُنِّیْ عُذْرًا ۟
"මෙම වතාවෙන් පසු කිසිවක් ගැන මා විමසා සිටියේ නම් ඔබ මා වෙන් කරනු. ඔබ සමග වූ සම්බන්ධතාව අතහැර දැමීම සඳහා නිදහසට කරුණු දැක්වීමේ අවසාන වාරයට මම ළඟා වී ඇත්තෙමි. ඊට හේතුව දෙවතාවක්ම ඔබේ නියෝගයට මා විරුද්ධ වූ බැවිණි" යැයි මූසා (අලයිහිස් සලාම්) තුමා පැවසීය.
Tefsiri na arapskom jeziku:
فَانْطَلَقَا ۫— حَتّٰۤی اِذَاۤ اَتَیَاۤ اَهْلَ قَرْیَةِ ١سْتَطْعَمَاۤ اَهْلَهَا فَاَبَوْا اَنْ یُّضَیِّفُوْهُمَا فَوَجَدَا فِیْهَا جِدَارًا یُّرِیْدُ اَنْ یَّنْقَضَّ فَاَقَامَهٗ ؕ— قَالَ لَوْ شِئْتَ لَتَّخَذْتَ عَلَیْهِ اَجْرًا ۟
එක්තරා ගම්වාසීන් පිරිසක් වෙත ළඟා වන තෙක් ඔවුන් දෙදෙනා ගමන් ගත්හ. එම ගම්වාසීන්ගෙන් ඔවුන් දෙදෙනා ආහාර ඉල්ලා සිටියහ. නමුත් ඔවුන් දෙදෙනාට ආහාර සැපයීමෙන් හා ඔවුන් දෙදෙනාට ආගන්තුක සත්කාර කිරීමෙන් එම ගම්වාසීන් වැළකුණෝය. ගරා වැටෙන්නට බලන පැත්තකට ඇළවුනු තාප්පයක් එම ගම්මානයේ තිබෙනු ඔවුන් දෙදෙනා දුටුහ. එය කෙළින් පිහිටන තෙක් හිළර් තුමා එය සැකසීය. එවිට මූසා (අලයිහිස් සලාම්) තුමා හළිර් තුමා දෙස බලා, "ඔබ කැමති නම්, ඔවුන් අපට ආගන්තුක සත්කාර කිරීමෙන් වැළකී සිටීමෙන් පසු එහි අවශ්යතාව පිරිමහා ගැනීම සඳහා ඔබ එය ප්රතිසංස්කරණය කිරීම වෙනුවෙන් යම් කිසි කුලියක් ගන්නට තිබුණි." යැයි පැවසීය.
Tefsiri na arapskom jeziku:
قَالَ هٰذَا فِرَاقُ بَیْنِیْ وَبَیْنِكَ ۚ— سَاُنَبِّئُكَ بِتَاْوِیْلِ مَا لَمْ تَسْتَطِعْ عَّلَیْهِ صَبْرًا ۟
හිළර් තුමා මූසා තුමාට, "තාප්පය කෙළින් කිරීම සඳහා මා කුලියක් ලබා නොගැනීම සම්බන්ධයෙන් නුඹ කළ මෙම විරෝධය මා අතර හා නුඹ අතර වෙන් වීමේ ස්ථානයයි. මම කවර කරුණක් ක්රියාත්මක කරනු නුඹ දුටුවේ ද එවන් දෑ මත නුඹ ඉවසා සිටීමට නොහැකි වූ දෑ පිළිබඳ විස්තරය මම නුඹට දන්වා සිටිමි" යැයි පැවසීය.
Tefsiri na arapskom jeziku:
اَمَّا السَّفِیْنَةُ فَكَانَتْ لِمَسٰكِیْنَ یَعْمَلُوْنَ فِی الْبَحْرِ فَاَرَدْتُّ اَنْ اَعِیْبَهَا وَكَانَ وَرَآءَهُمْ مَّلِكٌ یَّاْخُذُ كُلَّ سَفِیْنَةٍ غَصْبًا ۟
"මා පළුදු කරන අවස්ථාවේ නුඹ හෙළා දුටු එම නැව වනාහි, සාගරයේ ඒ මත සේවය කරන දුර්වල පිරිසක් සතු විය. එය බේරා ගන්නට ඔවුනට ශක්තියක් තිබුණේ නැත. ඔවුන් ඉදිරියේ හොඳ ගණයේ නැව් සියල්ලක්ම පැහැර ගන්නා පළුඳු වූ නැව් සියල්ල අතහැර දමන රජෙකු විය. ඔහු ඒ මත ද ආක්රමණය නොකරනු පිණිස එහි අඩු පාඩුවක් ඇති කරන යමක් සිදු කිරීමට සිතුවෙමි."
Tefsiri na arapskom jeziku:
وَاَمَّا الْغُلٰمُ فَكَانَ اَبَوٰهُ مُؤْمِنَیْنِ فَخَشِیْنَاۤ اَنْ یُّرْهِقَهُمَا طُغْیَانًا وَّكُفْرًا ۟ۚ
"මා දරුවා මරා දමන අවස්ථාවේ ඒ ගැන නුඹ හෙළා දුටු එම දරුවා වනාහි, ඔහුගේ දෙමාපියන් දෙවියන් විශ්වාස කරන්නන් වූහ. අල්ලාහ්ගේ දැනුමෙහි ඔහු දෙවියන් ප්රතික්ෂේප කරන්නෙකු විය. එහෙයින් ඔහු වැඩි වියට පත් වූයේ නම් ඔවුන් දෙදෙනා අල්ලාහ්ට ප්රතික්ෂේප කිරීමට සලස්වනු ඇතැයි ද, ඔවුන් දෙදෙනා ඔහු මත තබා ඇති ඉමහත් ආදරය හා ඉමහත් අවශ්යතාව හේතුවෙන් බරපතල අපරාධ සිදු කරනු ඇතැයි අපි බියවීමු."
Tefsiri na arapskom jeziku:
فَاَرَدْنَاۤ اَنْ یُّبْدِلَهُمَا رَبُّهُمَا خَیْرًا مِّنْهُ زَكٰوةً وَّاَقْرَبَ رُحْمًا ۟
"ඔහුට වඩා දහමින් හා දැහැමි බවින් පිරුණු හා පවින් පිවිතුරු, ඔහුට වඩා සෙනෙහසින් ඔහුගේ දෙමාපියන්ට ලෙන්ගතු යහපත් දරුවෙක් පෙරළා දෙන්නට අපි අපේක්ෂා කළෙමු."
Tefsiri na arapskom jeziku:
وَاَمَّا الْجِدَارُ فَكَانَ لِغُلٰمَیْنِ یَتِیْمَیْنِ فِی الْمَدِیْنَةِ وَكَانَ تَحْتَهٗ كَنْزٌ لَّهُمَا وَكَانَ اَبُوْهُمَا صَالِحًا ۚ— فَاَرَادَ رَبُّكَ اَنْ یَّبْلُغَاۤ اَشُدَّهُمَا وَیَسْتَخْرِجَا كَنْزَهُمَا ۖۗ— رَحْمَةً مِّنْ رَّبِّكَ ۚ— وَمَا فَعَلْتُهٗ عَنْ اَمْرِیْ ؕ— ذٰلِكَ تَاْوِیْلُ مَا لَمْ تَسْطِعْ عَّلَیْهِ صَبْرًا ۟ؕ۠
"මා ප්රතිසංස්කරණය කළ එම තාප්පය වනාහි එය මා ප්රතිසංස්කරණය කරන විට නුඹ එය හෙළා දුටුවෙහිය. අප ගිය එම නගරයේ පියා අහිමි කුඩා දරුවන් දෙදෙනෙකු වූහ. ඔවුන් දෙදෙනා වෙනුවෙන් වළ දමන ලද නිධන් වස්තුවක් එම තාප්පය යට විය. එම කුඩා දරුවන් දෙදෙනාගේ පියාණන් දැහැමියෙකු විය. එහෙයින් අහෝ මූසා! ඔබේ පරමාධිපති ඔවුන් දෙදෙනා නිසි වයසට පත් වී වැඩුණු පසු එයට යටින් වලලා ඇති ඔවුන් දෙදෙනාගේ නිධන් වස්තුව හෙළි කිරීමට සිතුවේය. දැන් ඒ තාප්පය කඩා වැටුණේ නම් ඔවුන් දෙදෙනාගේ නිධන් ධනය මතු වනු ඇත. එය නාස්ති වී යන්නට ඉඩ තිබිණ. මෙම සැළසුම ඔවුන් දෙදෙනාට නුඹේ පරමාධිපති වෙතින් ලැබුණු ආශිර්වාදයක් විය. මේ සියල්ල මා සිදු කළේ මාගේ ස්වයං පරීක්ෂණය තුළින් නොවේ. ඔබ ඉවසීමෙන් බලා නොසිටි දෑහි විස්තරය එය වේ" යැයි පැවසීය.
Tefsiri na arapskom jeziku:
وَیَسْـَٔلُوْنَكَ عَنْ ذِی الْقَرْنَیْنِ ؕ— قُلْ سَاَتْلُوْا عَلَیْكُمْ مِّنْهُ ذِكْرًا ۟ؕ
"අහෝ දූතය! දේව ආදේශකයින් හා යුදෙව්වන් පරීක්ෂා කරමින් දුල් කර්නයින් පිළිබඳ තොරතුරු ඔවුහු නුඹෙන් විමසා සිටිති. නුඹලා එමගින් පාඩම් ලබනු පිණිසත්, උපදෙස් ලබනු පිණිසත් ඔහුගේ තොරතුරුවලින් කොටසක් මා නුඹලාට මතු කියවා පෙන්වමි" යැයි පවසනු.
Tefsiri na arapskom jeziku:
Poruke i pouke ajeta na ovoj stranici:
• وجوب التأني والتثبت وعدم المبادرة إلى الحكم على الشيء.
•කරුණක් සම්බන්ධයෙන් විනිශ්චය කිරීමේදී ඉක්මන් නොවීම, හික්මීම හා ස්ථාවරත්වය පිළිපැදීමේ අනිවාර්යය භාවය.

• أن الأمور تجري أحكامها على ظاهرها، وتُعَلق بها الأحكام الدنيوية في الأموال والدماء وغيرها.
•සියලු කරුණුවල තීන්දු ක්රියාත්මක වනුයේ ඒවායෙහි හෙළිවන දෑ පදනම් කරගෙනය. ධනය ජීවිත හා වෙනත් දෑහී ලෞකික නීති බැඳෙනුයේ ඒ මතය.

• يُدْفَع الشر الكبير بارتكاب الشر الصغير، ويُرَاعَى أكبر المصلحتين بتفويت أدناهما.
• සුළු හානියක් සිදු කිරීමෙන් මහා හානියක් වැළැක්වීම. ඒ දෙකින් වඩාත් පහත් දෑ අතහැර ඒ දෙකින් වඩාත් යහපත දෑ ගැන සැලකිලිමත් වීම.

• ينبغي للصاحب ألا يفارق صاحبه ويترك صحبته حتى يُعْتِبَه ويُعْذِر منه.
•තම මිතුරාට අවවාද දී නිදහසට කරුණු ඉදිරිපත් කරන තෙක් ඔහු ව වෙන් නොකළ යුතුය; අතහැර නොදමිය යුතුය.

• استعمال الأدب مع الله تعالى في الألفاظ بنسبة الخير إليه وعدم نسبة الشر إليه .
•අල්ලාහ් සමග බැඳුණු වචන භාවිතයේ දී යහපත් වචන භාවිතා කිරීම සහ අයහපත බැඳුණු වචන භාවිතයෙන් තොරව ඔහු වෙත විනයානුකූලව කටයුතු කිරීම.

• أن العبد الصالح يحفظه الله في نفسه وفي ذريته.
•සැබැවින්ම දැහැමි ගැත්තා වනාහි අල්ලාහ් ඔහු විෂයයෙහි හා ඔහුගේ පරම්පරාව විෂයයෙහි අරක්ෂා කරනු ඇත.

 
Prijevod značenja Sura: El-Kehf
Indeks sura Broj stranice
 
Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana - Sadržaj prijevodā

Izdavač: centar za kur'anske studije "Tefsir".

Zatvaranje