Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ


অৰ্থানুবাদ আয়াত: (4) ছুৰা: আল-মুমতাহিনাহ
قَدْ كَانَتْ لَكُمْ اُسْوَةٌ حَسَنَةٌ فِیْۤ اِبْرٰهِیْمَ وَالَّذِیْنَ مَعَهٗ ۚ— اِذْ قَالُوْا لِقَوْمِهِمْ اِنَّا بُرَءٰٓؤُا مِنْكُمْ وَمِمَّا تَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ ؗ— كَفَرْنَا بِكُمْ وَبَدَا بَیْنَنَا وَبَیْنَكُمُ الْعَدَاوَةُ وَالْبَغْضَآءُ اَبَدًا حَتّٰی تُؤْمِنُوْا بِاللّٰهِ وَحْدَهٗۤ اِلَّا قَوْلَ اِبْرٰهِیْمَ لِاَبِیْهِ لَاَسْتَغْفِرَنَّ لَكَ وَمَاۤ اَمْلِكُ لَكَ مِنَ اللّٰهِ مِنْ شَیْءٍ ؕ— رَبَّنَا عَلَیْكَ تَوَكَّلْنَا وَاِلَیْكَ اَنَبْنَا وَاِلَیْكَ الْمَصِیْرُ ۟
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! සැබැවින්ම ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා හා ඔහු සමග වූ දේව විශ්වාසීන් දේවත්වය ප්රතික්ෂේප කළ ඔවුන්ගේ ජනයාට: ‘නුඹලාගෙන් ද, අල්ලාහ් හැර නුඹලා නමදින පිළිමවලින් ද සැබැවින්ම අපි ඉවත් වන්නන් වෙමු. නුඹලා කවර දහමක සිටින්නේ ද එය අපි ප්රතික්ෂේප කළෙමු. අල්ලාහ් ව පමණක් නුඹලා විශ්වාස කොට ඔහුට කිසිවක් ආදේශ නොකරන තෙක් අප අතර හා නුඹලා අතර සතුරුකම හා පිළිකුළ හෙළි වී ඇත." යැයි පවසා සිටන අවස්ථාවේ නුඹලාට ඔවුන් තුළ පූර්වාදර්ශයක් විය. ඔවුන් මෙන් නුඹලා ද නුඹලාගේ දේව ප්රතික්ෂෙපකයින් ගෙන් ඉවත්වීම ද නුඹලාට එහි වීය. නමුත් ඉබ්රාහීම් අලයිහිස් සලාම් තුමා "ඔබ වෙනුවෙන් මා අල්ලාහ්ගෙන් පාපක්ෂමාව අයැද සිටිමි." යැයි තම පියාණන් වෙනුවෙන් කළ ප්රකාශයේ හැර. ඔහු සම්බන්ධයෙන් නුඹලා අනුකම්පා නොකරනු. ඉබ්රාහීම් අලයිහිස් සලාම් තුමා එසේ පවසා සිටියේ තම පියාණන් ගැන එතුමාගේ බලාපොරොත්තු සුන්වීමට පෙරය. දෙවියන්ට ආදේශ තබන කෙනෙකු වෙනුවෙන් දෙවියන්ගෙන් සමාව අයැද සිටීම දේව විශ්වාසී කෙනෙකුට සුදුසු නොවීය. අල්ලාහ්ගේ දඬුවමින් නුඹ ව වළක්වන්නට මට අයිතියක් නැත. අපගේ පරමාධිපතියාණනි! අපගේ සියලු කටයුතු වලදී අපි නුඹ වෙතම රැඳී සිටින්නෙමු. පාපක්ෂමාවෙහි නිරත ව නුඹ වෙතම යොමු වන්නෙමු. මළවුන් කෙරෙන් නැවත නැගිටුවනු ලබන දිනයේ නැවත යොමු වන ස්ථානය ඇත්තේ නුඹ වෙතය.
আৰবী তাফছীৰসমূহ:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• تسريب أخبار أهل الإسلام إلى الكفار كبيرة من الكبائر.
•මුස්ලිම්වරුන්ගේ තොරතුරු දෙවියන් ප්රතික්ෂේප කරන ප්රචණ්ඩකාරීන් වෙත කාන්දු කිරීම මහා පාපයකි.

• عداوة الكفار عداوة مُتَأصِّلة لا تؤثر فيها موالاتهم.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ සතුරුකම, සහජ සතුරුකමකි. ඔවුන් සමග මිතුරුකම් පෑම හේතුවෙන් යහපත් බලපෑමක් ඇති කරන්නේ නැත.

• استغفار إبراهيم لأبيه لوعده له بذلك، فلما نهاه الله عن ذلك لموته على الكفر ترك الاستغفار له.
•ඉබ්රාහීම් අලයිහිස් සලාම් තුමා තම පියාණන් වෙනුවෙන් පාපක්ෂමාව ඇයැද සිටීම එතුමා ඔහුට දුන් පොරොන්දුවක් විය. ඔහු දේව ප්රතික්ෂේපය මත මිය යන විට අල්ලාහ් එය එතුමාට තහනම් කළ කල්හි ඔහු වෙනුවෙන් සමාව ඇයැද සිටීම එතුමා අතහැර දැමීය.

 
অৰ্থানুবাদ আয়াত: (4) ছুৰা: আল-মুমতাহিনাহ
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

তাফছীৰ চেণ্টাৰ ফৰ কোৰানিক ষ্টাডিজৰ ফালৰ পৰা প্ৰচাৰিত।

বন্ধ