Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ


অৰ্থানুবাদ আয়াত: (18) ছুৰা: আল-মুজাদালাহ
یَوْمَ یَبْعَثُهُمُ اللّٰهُ جَمِیْعًا فَیَحْلِفُوْنَ لَهٗ كَمَا یَحْلِفُوْنَ لَكُمْ وَیَحْسَبُوْنَ اَنَّهُمْ عَلٰی شَیْءٍ ؕ— اَلَاۤ اِنَّهُمْ هُمُ الْكٰذِبُوْنَ ۟
අල්ලාහ් සියල්ලන් යළි අවදි කරන දින ප්රතිඵල පිරිනැමීම සඳහා ඔවුන් අතරින් කිසිවෙකු අවදි නොකරවා අතහැර දමන්නේ නැත. සැබැවින්ම තමන් දේව ප්රතික්ෂේපයේ හා කුහකත්වයේ නොසිටි බවත්, සැබැවින්ම තමන් අල්ලාහ්ට තෘප්තිය ගෙන දෙන දෑ ඉටු කරන දේව විශ්වාසීන් ලෙස සිටි බවත්, අල්ලාහ්ට දිවුරා පවසති. අහෝ විශ්වාස කළවුනි! සැබැවින්ම තමන් මුස්ලිම්වරුන් යැයි මෙලොවෙහි ඔවුන් නුඹලාට දිවුරා සිටියාක් මෙන් මතුලොවෙහි ඔහුට ඔවුහු දිවුරා සිටිති. සැබැවින්ම ඔවුන් අල්ලාහ්ට දිවුරා සිටින මෙම දිවුරුම තමන්ට යම් යහපතක් ගෙන දෙන හෝ අයහපත තමන්ගෙන් වළක්වන බව සිතති. දැන ගනු! මෙලොවෙහි ඔවුන් කළ දිවුරුමෙහි හා මතුලොව ඔවුන් කළ දිවුරුමෙහි ඔවුන් සැබෑ ලෙසින්ම මුසාවාදීහු වෙති.
আৰবী তাফছীৰসমূহ:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• لطف الله بنبيه صلى الله عليه وسلم؛ حيث أدَّب صحابته بعدم المشقَّة عليه بكثرة المناجاة.
•අධික ලෙස කතා කිරීම තුළින් නබිතුමන් දුෂ්කරතාවයට පත් නොවන සේ ඔහුගේ සගයින්හට විනය කියා දී අල්ලාහ් තම නබිවරයාට පෙන් වූ සෙනෙහස.

• ولاية اليهود من شأن المنافقين.
•යුදෙව්වන් සමග ඇති කරගන්නා මිතුරුකම කුහකයින්ගේ කටයුත්තකි.

• خسران أهل الكفر وغلبة أهل الإيمان سُنَّة إلهية قد تتأخر، لكنها لا تتخلف.
•දේවත්වය ප්රතික්ෂේප කරන්නන්ගේ පරාජය හා දේවත්වය විශ්වාස කරන්නන්ගේ ජයග්රහණය. එය දේව පිළිවෙතය. එය ප්රමාද වුව ද එහි වෙනසක් සිදු වන්නේ නැත.

 
অৰ্থানুবাদ আয়াত: (18) ছুৰা: আল-মুজাদালাহ
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

তাফছীৰ চেণ্টাৰ ফৰ কোৰানিক ষ্টাডিজৰ ফালৰ পৰা প্ৰচাৰিত।

বন্ধ