Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

অৰ্থানুবাদ ছুৰা: গাফিৰ   আয়াত:
رَبَّنَا وَاَدْخِلْهُمْ جَنّٰتِ عَدْنِ ١لَّتِیْ وَعَدْتَّهُمْ وَمَنْ صَلَحَ مِنْ اٰبَآىِٕهِمْ وَاَزْوَاجِهِمْ وَذُرِّیّٰتِهِمْ ؕ— اِنَّكَ اَنْتَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟ۙ
අපගේ පරමාධිපතියාණනි! ඔබ ඔවුනට ප්‍රතිඥා දුන් සදාතනික ස්වර්ග උයන් තුළට ඔවුන් හා ඔවුන්ගේ මුතුන් මිත්තන් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ පරපුරින් දැහැමි දෑ කළවුන් ද ඇතුළත් කරනු මැනව! නියත වශයෙන් ම ඔබ සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.
আৰবী তাফছীৰসমূহ:
وَقِهِمُ السَّیِّاٰتِ ؕ— وَمَنْ تَقِ السَّیِّاٰتِ یَوْمَىِٕذٍ فَقَدْ رَحِمْتَهٗ ؕ— وَذٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِیْمُ ۟۠
තවද ඔබ ඔවුන් නපුරු දැයින් ආරක්ෂා කරනු. තවද ඔබ කවරෙකු එදින නපුරු දැයින් ආරක්ෂා කරන්නේ ද සැබැවින් ඔබ ඔහුට කරුණාව දැක්වූයෙහි ය. තවද එයයි අතිමහත් ජයග්‍රහණ ය.
আৰবী তাফছীৰসমূহ:
اِنَّ الَّذِیْنَ كَفَرُوْا یُنَادَوْنَ لَمَقْتُ اللّٰهِ اَكْبَرُ مِنْ مَّقْتِكُمْ اَنْفُسَكُمْ اِذْ تُدْعَوْنَ اِلَی الْاِیْمَانِ فَتَكْفُرُوْنَ ۟
‘දේව විශ්වාසය වෙත නුඹලා ඇරයුම් කරනු ලබන විට නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි අවස්ථාවේ නුඹලා තුළ වූ පිළිකුලට වඩා අල්ලාහ්ගේ පිළිකුල ඉමහත් විය’ යැයි නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට ඇරයුම් කරනු ලබනු ඇත.
আৰবী তাফছীৰসমূহ:
قَالُوْا رَبَّنَاۤ اَمَتَّنَا اثْنَتَیْنِ وَاَحْیَیْتَنَا اثْنَتَیْنِ فَاعْتَرَفْنَا بِذُنُوْبِنَا فَهَلْ اِلٰی خُرُوْجٍ مِّنْ سَبِیْلٍ ۟
අපගේ පරමාධිපතියාණනි! ඔබ අප දෙවතාවක් මරණයට පත් කළෙහි ය. තවද ඔබ අපට දෙවතාවක් ජීවය දුන්නෙහි ය. එහෙයින් අපගේ පාපයන් අපි පිළිගන්නෙමු. එහෙයින් බැහැර වීමට කිසියම් මගක් ඇත් දැ? යි ඔවුහු (ප්‍රතික්ෂේප කරන්නනෝ) විමසා සිටිති.
আৰবী তাফছীৰসমূহ:
ذٰلِكُمْ بِاَنَّهٗۤ اِذَا دُعِیَ اللّٰهُ وَحْدَهٗ كَفَرْتُمْ ۚ— وَاِنْ یُّشْرَكْ بِهٖ تُؤْمِنُوْا ؕ— فَالْحُكْمُ لِلّٰهِ الْعَلِیِّ الْكَبِیْرِ ۟
එය (වූ කලී), අල්ලාහ් පමණක් ඇරයුම් කරනු ලබන විට නුඹලා ප්‍රතික්ෂේප කළ බැවිනි. තවද ඔහුට ආදේශ කරනු ලබන්නේ නම් නුඹලා විශ්වාස කළ බැවිනි. එහෙයින් තීන්දුව අතිමහත් වූ උත්තරීතර අල්ලාහ් සතු ය.
আৰবী তাফছীৰসমূহ:
هُوَ الَّذِیْ یُرِیْكُمْ اٰیٰتِهٖ وَیُنَزِّلُ لَكُمْ مِّنَ السَّمَآءِ رِزْقًا ؕ— وَمَا یَتَذَكَّرُ اِلَّا مَنْ یُّنِیْبُ ۟
ඔහු වනාහි ඔහුගේ සංඥා නුඹලාට පෙන්වයි. තවද නුඹලාට අහසින් පෝෂණ සම්පත් පහළ කරයි. (ඔහු වෙත) යොමුවන්නන් හැර (වෙනත් කිසිවකු) උපදෙස් නො ලබනු ඇත.
আৰবী তাফছীৰসমূহ:
فَادْعُوا اللّٰهَ مُخْلِصِیْنَ لَهُ الدِّیْنَ وَلَوْ كَرِهَ الْكٰفِرُوْنَ ۟
එහෙයින් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ පිළිකුල් කළ ද නුඹලා අල්ලාහ්ට පමණක් දහම පුද කරමින් අවංකයින් ලෙස ඔහුට කන්නලව් කරනු.
আৰবী তাফছীৰসমূহ:
رَفِیْعُ الدَّرَجٰتِ ذُو الْعَرْشِ ۚ— یُلْقِی الرُّوْحَ مِنْ اَمْرِهٖ عَلٰی مَنْ یَّشَآءُ مِنْ عِبَادِهٖ لِیُنْذِرَ یَوْمَ التَّلَاقِ ۟ۙ
(ඔහු) තරාතිරම් උසස් කරන්නා ය. අර්ෂ් (හෙවත් දේවාසනයෙ)හි හිමිපාණන් ය. එකිනෙකා හමු වන දිනය පිළිබඳ අවවාද කරනු පිණිස ඔහු ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන්නන් වෙත ඔහුගේ නියෝගයෙන් වූ දේව පණිවිඩ පහළ කරයි.
আৰবী তাফছীৰসমূহ:
یَوْمَ هُمْ بَارِزُوْنَ ۚ۬— لَا یَخْفٰی عَلَی اللّٰهِ مِنْهُمْ شَیْءٌ ؕ— لِمَنِ الْمُلْكُ الْیَوْمَ ؕ— لِلّٰهِ الْوَاحِدِ الْقَهَّارِ ۟
එදින ඔවුන් බැහැරව එති. ඔවුන්ගෙන් කිසිවක් අල්ලාහ් වෙත නො සැඟවෙයි. එදින ආධිපත්‍යය කවුරුන් සතු ද? යටහත් කොට පාලනය කරන්නා වූ ඒකීය වූ අල්ලාහ්ට පමණ ය.
আৰবী তাফছীৰসমূহ:
 
অৰ্থানুবাদ ছুৰা: গাফিৰ
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

অনুবাদ কৰিছে جمعية الدعوة بالربوة আৰু جمعية خدمة المحتوى الإسلامي باللغاتৰ সহযোগত মৰ্কজ ৰুৱাদুত তাৰ্জামাৰ অনুবাদক গোষ্ঠীয়ে।

বন্ধ