Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

অৰ্থানুবাদ ছুৰা: আন-নূৰ   আয়াত:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَتَّبِعُوْا خُطُوٰتِ الشَّیْطٰنِ ؕ— وَمَنْ یَّتَّبِعْ خُطُوٰتِ الشَّیْطٰنِ فَاِنَّهٗ یَاْمُرُ بِالْفَحْشَآءِ وَالْمُنْكَرِ ؕ— وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَیْكُمْ وَرَحْمَتُهٗ مَا زَكٰی مِنْكُمْ مِّنْ اَحَدٍ اَبَدًا ۙ— وَّلٰكِنَّ اللّٰهَ یُزَكِّیْ مَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ سَمِیْعٌ عَلِیْمٌ ۟
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා ෂෙයිතාන්ගේ පියවර අනුගමනය නො කරනු. තවද කවරෙකු ෂෙයිතාන්ගේ පියවර අනුගමනය කරන්නේ ද එවිට (දැනගනු!) ඔහු අශීලාචාර දෑ හා පිළිකුල් සහගත දෑ නියෝග කරන්නේ ය. තවද නුඹලා වෙත අල්ලාහ්ගේ අනුග්‍රහය සහ ඔහුගේ කරුණාව නො වී නම් නුඹලා අතරින් කිසිවකු හෝ පිවිතුරු නො වනු ඇත. එහෙත් අල්ලාහ් ඔහු අභිමත කරන අය පිවිතුරු කරයි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය.
আৰবী তাফছীৰসমূহ:
وَلَا یَاْتَلِ اُولُوا الْفَضْلِ مِنْكُمْ وَالسَّعَةِ اَنْ یُّؤْتُوْۤا اُولِی الْقُرْبٰی وَالْمَسٰكِیْنَ وَالْمُهٰجِرِیْنَ فِیْ سَبِیْلِ اللّٰهِ ۪ۖ— وَلْیَعْفُوْا وَلْیَصْفَحُوْا ؕ— اَلَا تُحِبُّوْنَ اَنْ یَّغْفِرَ اللّٰهُ لَكُمْ ؕ— وَاللّٰهُ غَفُوْرٌ رَّحِیْمٌ ۟
තවද සමීප ඥාතීන්ට, දුප්පතුන්ට, අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම ගියවුන්ට පිරි නො නමන බවට නුඹලා අතරින් භාග්‍ය සම්පන්නයින් හා වස්තුව ඇත්තන් දිවුරිය නො යුතු ය. (ඔවුනට) ඔවුහු සමාව දෙත්වා! තවද (ඒ ගැන) නොසළකා හරිත්වා! අල්ලාහ් නුඹලාට සමාව දීම ගැන නුඹලා ප්‍රිය නො කරන්නෙහු ද? තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය.
আৰবী তাফছীৰসমূহ:
اِنَّ الَّذِیْنَ یَرْمُوْنَ الْمُحْصَنٰتِ الْغٰفِلٰتِ الْمُؤْمِنٰتِ لُعِنُوْا فِی الدُّنْیَا وَالْاٰخِرَةِ ۪— وَلَهُمْ عَذَابٌ عَظِیْمٌ ۟ۙ
නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කරන, අහිංසක, පතිවත රකින කාන්තාවන්හට අවලාද පවසන්නන් වනාහි ඔවුන් මෙලොවෙහි හා මතු ලොවෙහි ශාප කරනු ලැබුවෝ ය. තවද ඔවුනට මහත් වූ දඬුවමක් ඇත.
আৰবী তাফছীৰসমূহ:
یَّوْمَ تَشْهَدُ عَلَیْهِمْ اَلْسِنَتُهُمْ وَاَیْدِیْهِمْ وَاَرْجُلُهُمْ بِمَا كَانُوْا یَعْمَلُوْنَ ۟
ඔවුන් කරමින් සිටි දෑ හේතුවෙන් ඔවුන්ගේ දිවවල් ද, ඔවුන්ගේ අත් ද, ඔවුන්ගේ පාද ද ඔවුනට එරෙහිව එදින සාක්ෂි දරනු ඇත.
আৰবী তাফছীৰসমূহ:
یَوْمَىِٕذٍ یُّوَفِّیْهِمُ اللّٰهُ دِیْنَهُمُ الْحَقَّ وَیَعْلَمُوْنَ اَنَّ اللّٰهَ هُوَ الْحَقُّ الْمُبِیْنُ ۟
එදින ඔවුන් ගැන සැබෑ විනිශ්චය අල්ලාහ් ඔවුනට පූර්ණව පිරිනමයි. නියත වශයෙන් ම අල්ලාහ් වනාහි ඔහු මය පැහැදිලි සත්‍යය වනුයේ යැයි ඔවුහු දැන ගනු ඇත.
আৰবী তাফছীৰসমূহ:
اَلْخَبِیْثٰتُ لِلْخَبِیْثِیْنَ وَالْخَبِیْثُوْنَ لِلْخَبِیْثٰتِ ۚ— وَالطَّیِّبٰتُ لِلطَّیِّبِیْنَ وَالطَّیِّبُوْنَ لِلطَّیِّبٰتِ ۚ— اُولٰٓىِٕكَ مُبَرَّءُوْنَ مِمَّا یَقُوْلُوْنَ ؕ— لَهُمْ مَّغْفِرَةٌ وَّرِزْقٌ كَرِیْمٌ ۟۠
අසභ්‍ය කාන්තාවෝ අසභ්‍ය පුරුෂයින් වෙනුවෙනි. තවද අසභ්‍ය පුරුෂයෝ අසභ්‍ය කාන්තාවන් වෙනුවෙනි. තවද දැහැමි කාන්තාවෝ දැහැමි පුරුෂයින් වෙනුවෙනි. තවද දැහැමි පුරුෂයෝ දැහැමි කාන්තාවන් වෙනුවෙනි. ඔවුහු ඔවුන් පවසන දැයින් නිදොස් වූවෝ වෙති. ඔවුනට සමාව ද ගෞරවනීය පෝෂණය ද ඇත.
আৰবী তাফছীৰসমূহ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَدْخُلُوْا بُیُوْتًا غَیْرَ بُیُوْتِكُمْ حَتّٰی تَسْتَاْنِسُوْا وَتُسَلِّمُوْا عَلٰۤی اَهْلِهَا ؕ— ذٰلِكُمْ خَیْرٌ لَّكُمْ لَعَلَّكُمْ تَذَكَّرُوْنَ ۟
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගේ නිවෙස් නො වන නිවෙස්වලට නුඹලා අවසර පතා එහි වැසියන්ට නුඹලා සලාම් පවසන තෙක් ඇතුළු නො වනු. එය නුඹලාට ශ්‍රේෂ්ඨ ය. (මෙය) නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස ය.
আৰবী তাফছীৰসমূহ:
 
অৰ্থানুবাদ ছুৰা: আন-নূৰ
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

অনুবাদ কৰিছে جمعية الدعوة بالربوة আৰু جمعية خدمة المحتوى الإسلامي باللغاتৰ সহযোগত মৰ্কজ ৰুৱাদুত তাৰ্জামাৰ অনুবাদক গোষ্ঠীয়ে।

বন্ধ