Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

অৰ্থানুবাদ ছুৰা: আল-আম্বীয়া   আয়াত:

අල් අන්බියා

اِقْتَرَبَ لِلنَّاسِ حِسَابُهُمْ وَهُمْ فِیْ غَفْلَةٍ مُّعْرِضُوْنَ ۟ۚ
ජනයාට ඔවුන්ගේ විනිශ්චය ළඟා විය. එහෙත් ඔවුහු (ඒ ගැන) නො සැලකිලිමත්ව පිටුදකින්නන් ලෙස සිටිති.
আৰবী তাফছীৰসমূহ:
مَا یَاْتِیْهِمْ مِّنْ ذِكْرٍ مِّنْ رَّبِّهِمْ مُّحْدَثٍ اِلَّا اسْتَمَعُوْهُ وَهُمْ یَلْعَبُوْنَ ۟ۙ
ඔවුන් වෙත ඔවුන්ගේ පරමාධිපතිගෙන් නව උපදෙසක් පැමිණි සෑම විටෙකම ඔවුන් හාස්‍යයට ලක් කරමින් එයට ඔවුහු සවන් දුන්නේ ම ය.
আৰবী তাফছীৰসমূহ:
لَاهِیَةً قُلُوْبُهُمْ ؕ— وَاَسَرُّوا النَّجْوَی ۖۗ— الَّذِیْنَ ظَلَمُوْا ۖۗ— هَلْ هٰذَاۤ اِلَّا بَشَرٌ مِّثْلُكُمْ ۚ— اَفَتَاْتُوْنَ السِّحْرَ وَاَنْتُمْ تُبْصِرُوْنَ ۟
ඔවුන්ගේ හදවත් නො සැලකිලිමත් ලෙසින් පවතී. තවද "මොහු නුඹලා මෙන් මිනිසෙකු මිස වෙන කවුරු ද? නුඹලා දැක දැකම හූනියම වෙතට යන්නෙහු දැ?" යි අපරාධ කළවුන් රහස් සාකච්ඡාවන් රහසින් කතා කර ගත්හ.
আৰবী তাফছীৰসমূহ:
قٰلَ رَبِّیْ یَعْلَمُ الْقَوْلَ فِی السَّمَآءِ وَالْاَرْضِ ؗ— وَهُوَ السَّمِیْعُ الْعَلِیْمُ ۟
මාගේ පරමාධිපති අහස්හි හා මහපොළොවෙහි (සිදු කරන) ප්‍රකාශයන් දනී. තවද ඔහු සර්ව ශ්‍රාවක ය. සර්වඥානී ය යැයි ඔහු (නබිවරයා) පැවසුවේ ය.
আৰবী তাফছীৰসমূহ:
بَلْ قَالُوْۤا اَضْغَاثُ اَحْلَامٍ بَلِ افْتَرٰىهُ بَلْ هُوَ شَاعِرٌ ۖۚ— فَلْیَاْتِنَا بِاٰیَةٍ كَمَاۤ اُرْسِلَ الْاَوَّلُوْنَ ۟
නැත. එය සිහිනවල ව්‍යාකූලත්වයකි. එසේ නොව ඔහු එය ගෙතුවේ ය. නැත. ඔහු කවියෙකි. එහෙයින් මුතුන්මිත්තන්ට එවනු ලැබුවාක් මෙන් සංඥාවක් ඔහු අප වෙත ගෙන එත්වා යැයි ඔවුහු පැවසූහ.
আৰবী তাফছীৰসমূহ:
مَاۤ اٰمَنَتْ قَبْلَهُمْ مِّنْ قَرْیَةٍ اَهْلَكْنٰهَا ۚ— اَفَهُمْ یُؤْمِنُوْنَ ۟
ඔවුනට පෙර අපි විනාශ කළ කිසිදු ගම්මානයක් (එහි වැසියන්) විශ්වාස නො කළේ ය. එසේ නම් මොවුන් විශ්වාස කරනු ඇත් ද?
আৰবী তাফছীৰসমূহ:
وَمَاۤ اَرْسَلْنَا قَبْلَكَ اِلَّا رِجَالًا نُّوْحِیْۤ اِلَیْهِمْ فَسْـَٔلُوْۤا اَهْلَ الذِّكْرِ اِنْ كُنْتُمْ لَا تَعْلَمُوْنَ ۟
නුඹට පෙර අපි දූතයින් ලෙස පිරිමින්ව ම මිස එව්වේ නැත. අපි ඔවුනට දේව පණිවිඩ ලබා දුනිමු. එහෙයින් නුඹලා නොදැන සිටින්නේ නම් දැනුම ඇත්තන්ගෙන් නුඹලා විමසනු.
আৰবী তাফছীৰসমূহ:
وَمَا جَعَلْنٰهُمْ جَسَدًا لَّا یَاْكُلُوْنَ الطَّعَامَ وَمَا كَانُوْا خٰلِدِیْنَ ۟
තවද ආහාර අනුභව නො කරන ශරීරයක් බවට අපි ඔවුන් පත් නො කළෙමු. තවද ඔවුහු සදාතනිකයින් නො වූහ.
আৰবী তাফছীৰসমূহ:
ثُمَّ صَدَقْنٰهُمُ الْوَعْدَ فَاَنْجَیْنٰهُمْ وَمَنْ نَّشَآءُ وَاَهْلَكْنَا الْمُسْرِفِیْنَ ۟
පසුව එම ප්‍රතිඥාව ඔවුනට අපි සැබෑ කළෙමු. එවිට අපි ඔවුන් හා අප අභිමත කරන්නා වූ අය මුදවා ගත්තෙමු. තවද සීමාව ඉක්මවා ගියවුන් අපි විනාශ කළෙමු.
আৰবী তাফছীৰসমূহ:
لَقَدْ اَنْزَلْنَاۤ اِلَیْكُمْ كِتٰبًا فِیْهِ ذِكْرُكُمْ ؕ— اَفَلَا تَعْقِلُوْنَ ۟۠
සැබැවින් ම අපි නුඹලා වෙත ධර්ම ග්‍රන්ථයක් පහළ කළෙමු. එහි නුඹලාට මෙනෙහි කිරීමක් විය. නුඹලා වටහා ගත යුතු නො වේ ද?
আৰবী তাফছীৰসমূহ:
 
অৰ্থানুবাদ ছুৰা: আল-আম্বীয়া
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

অনুবাদ কৰিছে جمعية الدعوة بالربوة আৰু جمعية خدمة المحتوى الإسلامي باللغاتৰ সহযোগত মৰ্কজ ৰুৱাদুত তাৰ্জামাৰ অনুবাদক গোষ্ঠীয়ে।

বন্ধ