Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

অৰ্থানুবাদ ছুৰা: ইব্ৰাহীম   আয়াত:
مُهْطِعِیْنَ مُقْنِعِیْ رُءُوْسِهِمْ لَا یَرْتَدُّ اِلَیْهِمْ طَرْفُهُمْ ۚ— وَاَفْـِٕدَتُهُمْ هَوَآءٌ ۟ؕ
(එදින) ඔවුන්ගේ හිස් ඔසවා ගනිමින් වේගයෙන් දුවන්නන් වෙති. ඔවුන්ගේ (දිගහැරුණු) ඇහිපිය ඔවුන් වෙත නැවත හැරී නො එයි. තවද ඔවුන්ගේ හදවත් හිස්ව පවතී.
আৰবী তাফছীৰসমূহ:
وَاَنْذِرِ النَّاسَ یَوْمَ یَاْتِیْهِمُ الْعَذَابُ فَیَقُوْلُ الَّذِیْنَ ظَلَمُوْا رَبَّنَاۤ اَخِّرْنَاۤ اِلٰۤی اَجَلٍ قَرِیْبٍ ۙ— نُّجِبْ دَعْوَتَكَ وَنَتَّبِعِ الرُّسُلَ ؕ— اَوَلَمْ تَكُوْنُوْۤا اَقْسَمْتُمْ مِّنْ قَبْلُ مَا لَكُمْ مِّنْ زَوَالٍ ۟ۙ
තවද ඔවුන් වෙත දඬුවම පැමිණෙන දිනය පිළිබඳ නුඹ ජනයාට අවවාද කරනු. එවිට අපගේ පරමාධිපතියාණනි! ටික කලකට අපව ප්‍රමාද කරනු මැනව! එවිට ඔබේ ඇරයුමට අපි පිළිතුරු දෙන්නෙමු. තවද පණිවිඩකරුවන්ව අනුගමනය කරන්නෙමු යැයි අපරාධ කළවුන් පවසති. මීට පෙර නුඹලාට කිසිදු විනාශයක් නො වනු ඇතැයි නුඹලා දිවුරා නො සිටියෙහු ද?
আৰবী তাফছীৰসমূহ:
وَّسَكَنْتُمْ فِیْ مَسٰكِنِ الَّذِیْنَ ظَلَمُوْۤا اَنْفُسَهُمْ وَتَبَیَّنَ لَكُمْ كَیْفَ فَعَلْنَا بِهِمْ وَضَرَبْنَا لَكُمُ الْاَمْثَالَ ۟
තවද තමන්ට ම අපරාධ කළවුන්ගේ වාසස්ථානවල නුඹලා වාසය කර ඇත්තාහු ය. තවද ඔවුනට අප සිදු කළේ කෙසේ දැ? යි නුඹලාට පැහැදිලි විය. තවද අපි නුඹලාට උදාහරණ ගෙන හැර පෑවෙමු. (යැයි ඔවුනට කියනු ලැබේ.)
আৰবী তাফছীৰসমূহ:
وَقَدْ مَكَرُوْا مَكْرَهُمْ وَعِنْدَ اللّٰهِ مَكْرُهُمْ ؕ— وَاِنْ كَانَ مَكْرُهُمْ لِتَزُوْلَ مِنْهُ الْجِبَالُ ۟
තවද ඔවුහු ඔවුන්ගේ කුමන්ත්‍රණය සැබැවින් ම සැලසුම් කළෝ ය. තවද ඔවුන්ගේ කුමන්ත්‍රණය ඉන් කඳු ඉවත් වන තරම් වුව ද ඔවුන්ගේ කුමන්ත්‍රණය ඇත්තේ අල්ලාහ් අබියස ය.
আৰবী তাফছীৰসমূহ:
فَلَا تَحْسَبَنَّ اللّٰهَ مُخْلِفَ وَعْدِهٖ رُسُلَهٗ ؕ— اِنَّ اللّٰهَ عَزِیْزٌ ذُو انْتِقَامٍ ۟ؕ
තම පණිවිඩකරුවන්ට කළ ප්‍රතිඥාව කඩ කරන්නෙකු ලෙස නුඹ අල්ලාහ් ගැන නොසිතිය යුතු වේ. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව බලධාරී ය; සම ප්‍රතිචාර දක්වන්නා ය.
আৰবী তাফছীৰসমূহ:
یَوْمَ تُبَدَّلُ الْاَرْضُ غَیْرَ الْاَرْضِ وَالسَّمٰوٰتُ وَبَرَزُوْا لِلّٰهِ الْوَاحِدِ الْقَهَّارِ ۟
එදින මහපොළොව වෙනත් පොළොවක් ලෙස ද අහස් ද (එලෙසම) පෙරළනු ලැබේ. තවද බල පරාක්‍රමයාණන් වූ ඒකීය අල්ලාහ් ඉදිරියට ඔවුහු පැමිණෙනු ඇත.
আৰবী তাফছীৰসমূহ:
وَتَرَی الْمُجْرِمِیْنَ یَوْمَىِٕذٍ مُّقَرَّنِیْنَ فِی الْاَصْفَادِ ۟ۚ
තවද එදින යදම්වල බැඳ දමනු ලැබූවන් ලෙසින් අපරාධකරුවන් නුඹ දකිනු ඇත.
আৰবী তাফছীৰসমূহ:
سَرَابِیْلُهُمْ مِّنْ قَطِرَانٍ وَّتَغْشٰی وُجُوْهَهُمُ النَّارُ ۟ۙ
ඔවුන්ගේ ඇඟලුම් ලෝ දියෙනි. තවද (නිරා) ගින්න ඔවුන්ගේ මුහුණු වෙළා ගනු ඇත.
আৰবী তাফছীৰসমূহ:
لِیَجْزِیَ اللّٰهُ كُلَّ نَفْسٍ مَّا كَسَبَتْ ؕ— اِنَّ اللّٰهَ سَرِیْعُ الْحِسَابِ ۟
සෑම ආත්මයකට ම එය ඉපැයූ දෑ සඳහා අල්ලාහ් ප්‍රතිඵල දෙනු පිණිස ය. නියත වශයෙන් ම අල්ලාහ් විනිශ්චය කිරීමේ දී ඉතා වේගවත් ය.
আৰবী তাফছীৰসমূহ:
هٰذَا بَلٰغٌ لِّلنَّاسِ وَلِیُنْذَرُوْا بِهٖ وَلِیَعْلَمُوْۤا اَنَّمَا هُوَ اِلٰهٌ وَّاحِدٌ وَّلِیَذَّكَّرَ اُولُوا الْاَلْبَابِ ۟۠
මෙය ජනයා වෙත කෙරෙන දැනුම් දීමකි. තවද එමඟින් ඔවුන් අවවාද ලබනු පිණිස ද නියත වශයෙන් ම ඔහු ඒකීය දෙවිඳුන් යැයි ඔවුන් දැන ගනු පිණිස ද බුද්ධිය ඇත්තවුන් මෙනෙහි කරනු පිණිස ද වේ.
আৰবী তাফছীৰসমূহ:
 
অৰ্থানুবাদ ছুৰা: ইব্ৰাহীম
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

অনুবাদ কৰিছে جمعية الدعوة بالربوة আৰু جمعية خدمة المحتوى الإسلامي باللغاتৰ সহযোগত মৰ্কজ ৰুৱাদুত তাৰ্জামাৰ অনুবাদক গোষ্ঠীয়ে।

বন্ধ