Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

অৰ্থানুবাদ ছুৰা: আৰ-ৰাআদ   আয়াত:
اَفَمَنْ یَّعْلَمُ اَنَّمَاۤ اُنْزِلَ اِلَیْكَ مِنْ رَّبِّكَ الْحَقُّ كَمَنْ هُوَ اَعْمٰی ؕ— اِنَّمَا یَتَذَكَّرُ اُولُوا الْاَلْبَابِ ۟ۙ
නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත පහළ කරනු ලැබූ (සියළු) දෑ සත්‍යයක් ම බව දැන ගන්නා, අන්ධයා මෙන් වූ ඔහු වැනි ද? නියත වශයෙන් ම උපදෙස් ලබනුයේ බුද්ධිය ඇත්තන් ය.
আৰবী তাফছীৰসমূহ:
الَّذِیْنَ یُوْفُوْنَ بِعَهْدِ اللّٰهِ وَلَا یَنْقُضُوْنَ الْمِیْثَاقَ ۟ۙ
ඔවුහු වනාහි අල්ලාහ්ගේ ගිවිසුම පූර්ණව ඉටු කරති. තවද ඔවුහු එම ගිවිසුම කඩ නො කරති.
আৰবী তাফছীৰসমূহ:
وَالَّذِیْنَ یَصِلُوْنَ مَاۤ اَمَرَ اللّٰهُ بِهٖۤ اَنْ یُّوْصَلَ وَیَخْشَوْنَ رَبَّهُمْ وَیَخَافُوْنَ سُوْٓءَ الْحِسَابِ ۟ؕ
තවද ඔවුහු වනාහි කවර දෙයක් සම්බන්ධකම් පවත්වා ගෙන යනු ලබන්නට අල්ලාහ් නියෝග කළේ ද එවන් සම්බන්ධකම් රකිති. තවද ඔවුන්ගේ පරමාධිපති පිළිබඳව භීතියට පත් වෙති. තවද නපුරු විනිශ්චයට ද බිය වෙති.
আৰবী তাফছীৰসমূহ:
وَالَّذِیْنَ صَبَرُوا ابْتِغَآءَ وَجْهِ رَبِّهِمْ وَاَقَامُوا الصَّلٰوةَ وَاَنْفَقُوْا مِمَّا رَزَقْنٰهُمْ سِرًّا وَّعَلَانِیَةً وَّیَدْرَءُوْنَ بِالْحَسَنَةِ السَّیِّئَةَ اُولٰٓىِٕكَ لَهُمْ عُقْبَی الدَّارِ ۟ۙ
තවද ඔවුහු වනාහි තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් ඉවසා දරා ගත්හ. තවද සලාතය විධිමත්ව ඉටු කළහ. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් රහසිගතව හා ප්‍රසිද්ධියේ විය පැහැදම් කළහ. තවද යහපත් දැයින් නපුරු දෑ ඔවුන් ඉවත් කරනු ඇත. (යහපත්) අවසන් නිවහන ඔවුනට ම ය.
আৰবী তাফছীৰসমূহ:
جَنّٰتُ عَدْنٍ یَّدْخُلُوْنَهَا وَمَنْ صَلَحَ مِنْ اٰبَآىِٕهِمْ وَاَزْوَاجِهِمْ وَذُرِّیّٰتِهِمْ وَالْمَلٰٓىِٕكَةُ یَدْخُلُوْنَ عَلَیْهِمْ مِّنْ كُلِّ بَابٍ ۟ۚ
අද්න් (නම් සදා පවතින ස්වර්ග) උයන් ඇත. ඔවුහු හා ඔවුන්ගේ මුතුන්මිත්තන් ඔවුන්ගේ බිරියන් ඔවුන්ගේ පරම්පරාවන් අතරින් කවරෙකු දැහැමි කටයුතු කළේ ද ඔවුන් ද ඇතුළු වෙති. තවද (එහි) සෑම දොරටුවකින් ම ඔවුන් වෙත මලක්වරුන් ද ඇතුළු වෙති.
আৰবী তাফছীৰসমূহ:
سَلٰمٌ عَلَیْكُمْ بِمَا صَبَرْتُمْ فَنِعْمَ عُقْبَی الدَّارِ ۟ؕ
‘නුඹලා ඉවසා සිටි හේතුවෙන් නුඹලා වෙත ශාන්තිය අත්වේවා! එහෙයින් අවසන් නිවහන යහපත් විය.’ (යැයි පවසති.)
আৰবী তাফছীৰসমূহ:
وَالَّذِیْنَ یَنْقُضُوْنَ عَهْدَ اللّٰهِ مِنْ بَعْدِ مِیْثَاقِهٖ وَیَقْطَعُوْنَ مَاۤ اَمَرَ اللّٰهُ بِهٖۤ اَنْ یُّوْصَلَ وَیُفْسِدُوْنَ فِی الْاَرْضِ ۙ— اُولٰٓىِٕكَ لَهُمُ اللَّعْنَةُ وَلَهُمْ سُوْٓءُ الدَّارِ ۟
අල්ලාහ්ගේ ගිවිසුම තහවුරු කිරීමෙන් පසු එය කඩ කරන තවද අල්ලාහ් විසින් නියෝග කරන ලද (ඥාතී සම්බන්ධතා වැනි) දෑ විසන්ධි කරන තවද මහපොළොවේ කලහකම් කරන අය වනාහි ඔවුනට මය ශාප ය. තවද නපුරු නිවහන ද ඔවුනට ඇත.
আৰবী তাফছীৰসমূহ:
اَللّٰهُ یَبْسُطُ الرِّزْقَ لِمَنْ یَّشَآءُ وَیَقْدِرُ ؕ— وَفَرِحُوْا بِالْحَیٰوةِ الدُّنْیَا ؕ— وَمَا الْحَیٰوةُ الدُّنْیَا فِی الْاٰخِرَةِ اِلَّا مَتَاعٌ ۟۠
අල්ලාහ් ඔහු අභිමත කරන අයට ජීවන පහසුකම් දිගු හරියි. තවද ඔහු (එය) සීමා කරයි. තවද ඔවුහු මෙලොව ජීවිතය පිළිබඳව සතුටු වෙති. තවද මෙලොව ජීවිතය මතු ලොවෙහි (ස්වල්ප) භුක්ති විඳීමක් මිස වෙනකක් නො වේ.
আৰবী তাফছীৰসমূহ:
وَیَقُوْلُ الَّذِیْنَ كَفَرُوْا لَوْلَاۤ اُنْزِلَ عَلَیْهِ اٰیَةٌ مِّنْ رَّبِّهٖ ؕ— قُلْ اِنَّ اللّٰهَ یُضِلُّ مَنْ یَّشَآءُ وَیَهْدِیْۤ اِلَیْهِ مَنْ اَنَابَ ۟ۖۚ
තවද ‘ඔහු වෙත ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් පහළ කරනු ලැබිය යුතු නො වේ දැ?’ යි ප්‍රතික්ෂේප කළවුන් විමසති. ‘(නබිවරය!) නියත වශයෙන් ම අල්ලාහ් ඔහුට අභිමත අයව නොමග යෑමට ඉඩ හරිනු ඇත. තවද ඔහු වෙතට යොමුවන්නන්හට ඔහු මග පෙන්වනු ඇත යැයි පවසනු.’
আৰবী তাফছীৰসমূহ:
اَلَّذِیْنَ اٰمَنُوْا وَتَطْمَىِٕنُّ قُلُوْبُهُمْ بِذِكْرِ اللّٰهِ ؕ— اَلَا بِذِكْرِ اللّٰهِ تَطْمَىِٕنُّ الْقُلُوْبُ ۟ؕ
ඔවුන් වනාහි දේවත්වය විශ්වාස කළෝ ය. තවද ඔවුන්ගේ හදවත් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් සැනසුමට පත් වනු ඇත. දැන ගනු! අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් හදවත් සැනසුමට පත් වනු ඇත.
আৰবী তাফছীৰসমূহ:
 
অৰ্থানুবাদ ছুৰা: আৰ-ৰাআদ
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

অনুবাদ কৰিছে جمعية الدعوة بالربوة আৰু جمعية خدمة المحتوى الإسلامي باللغاتৰ সহযোগত মৰ্কজ ৰুৱাদুত তাৰ্জামাৰ অনুবাদক গোষ্ঠীয়ে।

বন্ধ