Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አት-ተውባህ   አንቀጽ:
وَالَّذِیْنَ اتَّخَذُوْا مَسْجِدًا ضِرَارًا وَّكُفْرًا وَّتَفْرِیْقًا بَیْنَ الْمُؤْمِنِیْنَ وَاِرْصَادًا لِّمَنْ حَارَبَ اللّٰهَ وَرَسُوْلَهٗ مِنْ قَبْلُ ؕ— وَلَیَحْلِفُنَّ اِنْ اَرَدْنَاۤ اِلَّا الْحُسْنٰی ؕ— وَاللّٰهُ یَشْهَدُ اِنَّهُمْ لَكٰذِبُوْنَ ۟
අල්ලාහ්ට අවනත වීම සඳහා නොව මුස්ලිම්වරුන්ට හානි පමුණුවීමටත් කුහකවාසීන්ගේ බලාධිකාරිය තුළින් දේව ප්රතික්ෂේප හෙළි කිරීමටත් දෙවියන් විශ්වාස කරන්නන් අතර බෙඳුම් ඇති කිරීමටත් මස්ජිදය ගොඩනැගිල්ල ඉදිරියේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමග සටන් කරන්නන් වෙනුවෙන් බලාපොරොත්තු වන හා ඔවුන් සූදානම් කරන ස්ථානයක් ලෙසටත් මස්ජිද් තනන අයද කුහකයින් අතර වෙති. එවන් කුහකයෝ නුඹලා වෙත දිවුරමින්, "සැබැවින්ම අපි මුස්ලිම්වරුන් සමග මෘදු ලෙස කටයුතු කිරීමට මිස වෙනත් කිසිවක් බලාපොරොත්තු නොවන්නෙමු." යැයි පවසති. ඔවුන් කරන මෙම වාදයේ සැබැවින්ම ඔවුන් බොරුකාරයින් බව අල්ලාහ්ම සාක්ෂි දරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا تَقُمْ فِیْهِ اَبَدًا ؕ— لَمَسْجِدٌ اُسِّسَ عَلَی التَّقْوٰی مِنْ اَوَّلِ یَوْمٍ اَحَقُّ اَنْ تَقُوْمَ فِیْهِ ؕ— فِیْهِ رِجَالٌ یُّحِبُّوْنَ اَنْ یَّتَطَهَّرُوْا ؕ— وَاللّٰهُ یُحِبُّ الْمُطَّهِّرِیْنَ ۟
මෙවන් ලක්ෂණ සහිත මස්ජිදයන්හි සලාතය සඳහා එම කුහකයින් නුඹට කරන ඇරයුමට නුඹ ප්රතිචාර නොදක්වන්න. සැබැවින්ම දේව භක්තිය මත පදනම් ව ඉදි කරන ලද කුබා මස්ජිදය දේව ප්රතික්ෂේපය මත පදනම් ව ඉදි කරන ලද මෙම මස්ජිදයට වඩා උසස්ය. මස්ජිද් කුබාහි ජනයා ජලයෙන් කිලිටි හා අපවිත්ර දෑ පිරිසිදු කිරීමටත් පසුතැවිලි වීම හා පාපක්ෂමාව තුළින් පාපයන්ගෙන් පිරිසිදු වීමටත් ප්රිය කරති. පාපකම් කිලිටි හා අපවිත්ර දැයින් පිරිසිදු වන්නන්හට අල්ලාහ් ප්රිය කරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَمَنْ اَسَّسَ بُنْیَانَهٗ عَلٰی تَقْوٰی مِنَ اللّٰهِ وَرِضْوَانٍ خَیْرٌ اَمْ مَّنْ اَسَّسَ بُنْیَانَهٗ عَلٰی شَفَا جُرُفٍ هَارٍ فَانْهَارَ بِهٖ فِیْ نَارِ جَهَنَّمَ ؕ— وَاللّٰهُ لَا یَهْدِی الْقَوْمَ الظّٰلِمِیْنَ ۟
අල්ලාහ්ගේ නියෝග පිළිපැද, ඔහු තහනම් කළ දැයින් වැළකී, තම ක්රියාවන් හි අල්ලාහ්ගේ තෘප්තිය විශාල වශයෙන් බලාපොරොත්තුවෙන් මස්ජිදයක් ඉදිකරන්නා සමග දේව විශ්වාසීන් අතර බෙඳුම් ඇති කිරීමටත්, දේව ප්රතික්ෂේපය ශක්තිමත් කිරීමටත්, මුස්ලිම්වරුන්හට හිරිහැර කිරීමටත්, මස්ජිදයක් ඉදි කරන තැනැත්තකු සමාන වන්නේ ද? කිසිවිටෙක සමාන වන්නේ නැත. ඉදි කරන ලද පළමුවැන්න වඩාත් ශක්තිමත් හා බලවත් ගොඩනැගිල්ලකි. එය බිද වැටීම ගැන බියක් නැත. නමුත් මෙය සිදුරක් අසළ ඉදි කරනු ලැබ කඩා වැටුණු ගොඩනැගිල්ලක් බඳුය. එමගින් එම ගොඩ නැගිල්ල නිරයේ අඩියටම ගරා වැටෙනු අත. දේව ප්රතික්ෂේපය කුහකත්වය වැනි දුෂ්චරිත ඇති අපාරාධකාරී ජනයාට අල්ලාහ් ආශිර්වාද කරන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا یَزَالُ بُنْیَانُهُمُ الَّذِیْ بَنَوْا رِیْبَةً فِیْ قُلُوْبِهِمْ اِلَّاۤ اَنْ تَقَطَّعَ قُلُوْبُهُمْ ؕ— وَاللّٰهُ عَلِیْمٌ حَكِیْمٌ ۟۠
ඔවුන්ගේ හදවත් මරණයට පත්වීමෙන් හෝ අසිපතින් ඝාතනය කරනු ලැබීමෙන් වෙන් ව යන තරමට ඔවුන් ඉදි කළ ඔවුන්ගේ මස්ජිදය ඔවුන්ගේ හදවත් තුළ වේදනීය හිංසාවන් හා ස්ථාවර කුහකත්වය අඛණ්ඩ ව ඇති කළේය. අල්ලාහ් ඔහුගේ ගැත්තන්ගේ ක්රියාකාරකම් ගැන මැනවින් දන්නාය. යහපත හෝ අයහපත මත පිරිනමන දෑ තීරණය කිරීමේ දී ඔහු මහා ප්රඥාවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ اللّٰهَ اشْتَرٰی مِنَ الْمُؤْمِنِیْنَ اَنْفُسَهُمْ وَاَمْوَالَهُمْ بِاَنَّ لَهُمُ الْجَنَّةَ ؕ— یُقَاتِلُوْنَ فِیْ سَبِیْلِ اللّٰهِ فَیَقْتُلُوْنَ وَیُقْتَلُوْنَ ۫— وَعْدًا عَلَیْهِ حَقًّا فِی التَّوْرٰىةِ وَالْاِنْجِیْلِ وَالْقُرْاٰنِ ؕ— وَمَنْ اَوْفٰی بِعَهْدِهٖ مِنَ اللّٰهِ فَاسْتَبْشِرُوْا بِبَیْعِكُمُ الَّذِیْ بَایَعْتُمْ بِهٖ ؕ— وَذٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِیْمُ ۟
නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කරන්නන්ගේ ආත්මාවන් අල්ලාහ් සතු වුව ද එයට ගෞරව කිරීමක් වශයෙන් ඉතා වටිනා මිලකින් ඔහු ඔවුන්ගේ ආත්මාවන් මිලට ගෙන ඇත. එය ස්වර්ගයයි. එය අල්ලාහ්ගේ වදන උසස් වීමට දේවත්වය ප්රතික්ෂේප කරන්නන් සමග සටන් වැද දේවත්වය ප්රතික්ෂේප කරන්නන් ඝාතනය කොට දේවත්වය ප්රතික්ෂේප කරන්නන් විසින් ඔවුන් ද ඝාතනය වන පරිදිය. ඒ ගැන මූසා අලයිහිස් සලාම් තුමා ට හිමි තව්රාතයේ ද ඊසා (අලයිහිස් සලාම්) තුමාට හිමි ඉන්ජීලයේ ද මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාට හිමි කුර්ආනයේ ද අල්ලාහ් සත්ය ප්රතිඥාවක් දී ඇත. ශුද්ධ වූ අල්ලාහ්ගෙන් වූ ප්රතිඥත ගිවිසුම මෙන් වඩාත් පූර්ණවත් වෙනත් කිසිවෙකුගෙන් නැත. එහෙයින් දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා කවර කරුණක් අල්ලාහ් සමග ගිවිස ගත්තේ ද නුඹලාගේ එම ගිවිසුම ගැන නුඹලා ප්රීති වනු. සතුටු වනු. නුඹලා එහි අතිමහත් ලාභයක් ලබා ඇත්තෙහුය. එම ව්යාපාරය අතිමහත් ජයග්රහණයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• محبة الله ثابتة للمتطهرين من الأنجاس البدنية والروحية.
•ශරීරික හා ආධ්යාත්මික කිලිටිවලින් පිරිසිදු වන්නන්හට අල්ලාහ්ගේ ආදරය ස්ථීරය.

• لا يستوي من عمل عملًا قصد به وجه الله؛ فهذا العمل هو الذي سيبقى ويسعد به صاحبه، مع من قصد بعمله نصرة الكفر ومحاربة المسلمين؛ وهذا العمل هو الذي سيفنى ويشقى به صاحبه.
•අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් දැහැමි ක්රියාවක් සිදු කරන්නා හා තම ක්රියාවෙන් දේව ප්රතික්ෂේපයට උදව් වීමේ හා මුස්ලිම්වරුන්ට විරුද්ධ වීමේ අපේක්ෂාවෙන් කටයුතු කරන්නා යන දෙදෙනා සමාන වන්නේ නැත. දැහැමි අරමුණින් කරන ක්රියාවන් ශේෂව පවතින අතර එමගින් අදාළ පුද්ගලයා සතුටට පත් වන්නේය. දේව ප්රතික්ෂේපයට උදව් වන පරිදි හා මුස්ලිම්වරුන්ට එරෙහි වන පරිදි සිදු කරන ක්රියාවන් විනාශ වී යන අතර අදාළ පුද්ගලයා එමගින් අභාග්ය තත්ත්වයට පත් වන්නේය.

• مشروعية الجهاد والحض عليه كانت في الأديان التي قبل الإسلام أيضًا.
•ජිහාද් නම් දේව මාර්ගයේ කැපවීම ආගමානුගත කිරීම හා ඒ සඳහා දිරිමත් කිරීම ඉස්ලාමයට පෙර පැවති දිව්යමය ග්රන්ථවල පවසා සඳහන් ව තිබේ.

• كل حالة يحصل بها التفريق بين المؤمنين فإنها من المعاصي التي يتعين تركها وإزالتها، كما أن كل حالة يحصل بها جمع المؤمنين وائتلافهم يتعين اتباعها والأمر بها والحث عليها.
•දේව විශ්වාසීන් අතර බෙඳුම් ඇති කරන කවර තත්ත්වයක් හෝ වේවා සැබැවින්ම එය අතහැර දැමීමට හා ඉවත් කිරීමට නියම කරන ලද පාපකම් අතුරින් වන්නේය. එය දේව විශ්වාසීන් එක් රැස් කරන හා ඔවුන් සමග ආදරයක් ඇති කරන කවර තත්ත්වයක් වුව ද එය අනුගමනය කිරීමට, ඒ ගැන නියෝග කිරීමට හා ඒ සඳහා දිරි ගැන්වීමට නියම කරන්නාක් මෙන්මය.

 
የይዘት ትርጉም ምዕራፍ: አት-ተውባህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት