Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አት-ተውባህ   አንቀጽ:
فَلَا تُعْجِبْكَ اَمْوَالُهُمْ وَلَاۤ اَوْلَادُهُمْ ؕ— اِنَّمَا یُرِیْدُ اللّٰهُ لِیُعَذِّبَهُمْ بِهَا فِی الْحَیٰوةِ الدُّنْیَا وَتَزْهَقَ اَنْفُسُهُمْ وَهُمْ كٰفِرُوْنَ ۟
අහෝ දූතය! කුහකයින් සතු වස්තුව, ඔවුන්ගේ දරුවන් පිළිබඳව විමතියට පත් නොවනු. ඒවා ආකර්ෂණීය ලෙස නොගනු. ඔවුන්ගේ වස්තුවේ හා දරුවන්ගේ අවසානය නපුරකි. ඒවා ලබා ගැනීම සඳහා ගන්නා වෙහෙස හා උත්සාහය ඔවුනට වේදනාවක් බවට අල්ලාහ් පත් කරනු ඇත. එමෙන්ම ඔවුන් සත්යය ප්රතික්ෂේප කරමින් සිටියදීම ඔවුන්ගේ ප්රාණය අල්ලාහ් බැහැර කරන තෙක් ඒවායෙහි අර්බුද පහළ කිරීමෙන් ද ඔවුන් දඬුවමට ලක් කරනු ඇත. ඔහු නිරා ගින්නෙහි පහළම තලයේ තනි ව දඬුවම් කරනු ලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَحْلِفُوْنَ بِاللّٰهِ اِنَّهُمْ لَمِنْكُمْ ؕ— وَمَا هُمْ مِّنْكُمْ وَلٰكِنَّهُمْ قَوْمٌ یَّفْرَقُوْنَ ۟
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! බොරුකාර කුහකයෝ සැබැවින්ම ඔවුන් ද නුඹලාගේ කණ්ඩායමේ පිරිසක් වෙතැයි සහතික කොට පවසති. ඔවුන් නුඹලා අතරින් යැයි පෙන්නුම් කළ ද ඔවුන් ඇතුළාන්තයේ නුඹලා අතරින් නොවෙති. ඔවුන්, දෙවියන්ට ආදේශ තැබූවන් අත් වූ මරණය හා සිරගත වීම් වැනි දෑ තමන්ට ද අත්වනු ඇතැයි බිය වූ පිරිසකි. එහෙයින් ආරක්ෂාව පිණිස ඔවුහු තම ඉස්ලාමය පෙන්නුම් කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَوْ یَجِدُوْنَ مَلْجَاً اَوْ مَغٰرٰتٍ اَوْ مُدَّخَلًا لَّوَلَّوْا اِلَیْهِ وَهُمْ یَجْمَحُوْنَ ۟
මෙම කුහකයෝ තමන් ආරක්ෂා කර ගත හැකි ආරක්ෂිත ස්ථානයක් දුටුවේ නම් හෝ කඳු වල සැඟවිය හැකි ගුහාවන් දුටුවේ නම් හෝ රිංගිය හැකි උමගක් දුටුවේ නම් හෝ ඔවුන් ඒ වෙත පිවිස රැකවරණය ලබන්නට බලති. ඒ වෙත වේගයෙන් පිවිසෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمِنْهُمْ مَّنْ یَّلْمِزُكَ فِی الصَّدَقٰتِ ۚ— فَاِنْ اُعْطُوْا مِنْهَا رَضُوْا وَاِنْ لَّمْ یُعْطَوْا مِنْهَاۤ اِذَا هُمْ یَسْخَطُوْنَ ۟
අහෝ දූතය! දානයක් බෙදා දිමේදී තමන් ප්රිය කරන දෑ තමන්ට නොලැබුනු අවස්ථා වලදී ඔබට දොස් පවරන්නන් ද කුහකයින් අතර වෙති. එහෙයින් ඔබ ඒවායින් ඔවුන් පතන දෑ පිරිනැමුවෙහි නම් ඔබෙන් එය පිළිගන්නා අතර ඒවායින් ඔවුන් නොපතන දෑ ඔබ ඔවුනට පිරිනැමුවෙහි නම් ඔවුන් මැසිවිලි නගති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَوْ اَنَّهُمْ رَضُوْا مَاۤ اٰتٰىهُمُ اللّٰهُ وَرَسُوْلُهٗ ۙ— وَقَالُوْا حَسْبُنَا اللّٰهُ سَیُؤْتِیْنَا اللّٰهُ مِنْ فَضْلِهٖ وَرَسُوْلُهٗۤ ۙ— اِنَّاۤ اِلَی اللّٰهِ رٰغِبُوْنَ ۟۠
දානයන් බෙදා දීමේදී ඔබට දොස් නගන මෙම කුහකයින් ඔවුනට අල්ලාහ් නියම කළ දෑ ද ඒවායින් ඔහුගේ දූතයාණන් ඔවුනට පිරිනැමූ දෑ ද පිළිගෙන "අපට අල්ලාහ් ප්රමාණවත්ය. ඔහුගේ භාග්යයෙන් ඔහු අභිමත කරන දෑ ඔහු අපට පිරිනමනු ඇත. අල්ලාහ් පිරිනැමූ දැයින් ඔහුගේ දූතයාණන්ද අපට පිරිනමනු ඇත. ඔහුගේ භාග්යයෙන් අප වෙත පිරීනැමූ දෑ ප්රිය කරන්නන් ලෙසින් ඔහු වෙත පමණක් අප යොමු වන්නෙමු" යැයි පවසා සිටියේ නම් එසේ සිදු කළේ නම් ඔවුන් ඔබට දොස් නැගීමට වඩා එය ඔවුනට යහපත් වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّمَا الصَّدَقٰتُ لِلْفُقَرَآءِ وَالْمَسٰكِیْنِ وَالْعٰمِلِیْنَ عَلَیْهَا وَالْمُؤَلَّفَةِ قُلُوْبُهُمْ وَفِی الرِّقَابِ وَالْغٰرِمِیْنَ وَفِیْ سَبِیْلِ اللّٰهِ وَابْنِ السَّبِیْلِ ؕ— فَرِیْضَةً مِّنَ اللّٰهِ ؕ— وَاللّٰهُ عَلِیْمٌ حَكِیْمٌ ۟
අනිවාර්යයෙන් ලබා දිය යුතු සකාත් වනාහි, එය පිරිනමනු ලැබිය යුත්තේ දිළිඳුන්හටත් (ඔවුන් අවශ්යතාවන්ගෙන් පෙළෙන්නෝ වෙති. යම් වෙළදාමකින් හෝ රැකියාවකින් යම් මුදලක් ඔවුන් ලැබුව ද එය ඔවුනට ප්රමාණවත් නැත. ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ දැනුම්වත් කරන්නේද නැත.) එමෙන්ම දුප්පතුන්හටත් (කිසිවක් අයිති කර ගැනීමේ තත්ත්වයක් ඔවුනට නැත. ඔවුන්ගේ ස්වරූපය හා ඔවුන්ගේ ප්රකාශ හේතුවෙන් ඔවුන්ගේ දුප්පත්කම ජනයාට සැඟවිය නොහැක.) එමෙන්ම සකාත් රැස්කිරීම සඳහා ප්රධානියා විසින් එවනු ලබන ඒ පිළිබඳ ව කටයුතු කරන්නන්හටත්, ඉස්ලාමය වැලඳ ගැනීමට කැමැත්තෙන් සිටින මුස්ලිම් නොවන්නන් හට හෝ තම විශ්වාසය පිළිබඳ දුර්වල අයට ඔවුන්ගේ විශ්වාසය බලවත් කිරීමට හෝ එය ලබා දීමෙන් නපුර වැළක්වීමට හැකි වන අයටත්, නිදහස් කිරීමට නියමිත වහලුන් විෂයෙහි වියදම් කිරීමටත්, එමෙන්ම නාස්තිකාරී හෝ පාපකාරී නොවන කටයුතුත්තක් සඳහා ණය වී එම ණය පියවා ගත නොහැකි තත්ත්වයක් උදා වූ ණයකරුවන්හටත්, අල්ලාහ්ගේ මාර්ගයේ නිරතවීමට සූදානම් කිරීම සඳහා වියදම් කිරීමටත් තම වියදම සඳහා මුදල් අහිමි වූ මගියාහටත් විය යුතුය. අල්ලාහ්ගෙන් වූ නියමයක් වශයෙන් මොවුන් අතර සකාතය සීමා කළ යුතුය. තම ගැත්තන්ගේ යහපත පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. එමෙන්ම ඔහුගේ සැලසුමෙහි හා ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمِنْهُمُ الَّذِیْنَ یُؤْذُوْنَ النَّبِیَّ وَیَقُوْلُوْنَ هُوَ اُذُنٌ ؕ— قُلْ اُذُنُ خَیْرٍ لَّكُمْ یُؤْمِنُ بِاللّٰهِ وَیُؤْمِنُ لِلْمُؤْمِنِیْنَ وَرَحْمَةٌ لِّلَّذِیْنَ اٰمَنُوْا مِنْكُمْ ؕ— وَالَّذِیْنَ یُؤْذُوْنَ رَسُوْلَ اللّٰهِ لَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්)හට වචනයෙන් හිංසා කරන්නන්ද කුහකයින් අතර වෙති. අල්ලාහ්ගේ දූතයාණන්ගේ ඉවසීම ඔවුන් දුටු කල්හි, සැබැවින්ම ඔහු සෑම කෙනෙකුගෙන්ම අසා දැන ගෙන එය ඔහු තහවුරු කරයි. සත්ය හා අසත්ය අතර වෙන් කර හඳුනා නොගනියි යැයි පවසති. "අහෝ දූතය! ඔබ ඔවුනට මෙසේ පවසනු. සැබැවින්ම දූතයා යහපත මිස වෙනත් කිසිවකට සවන් දෙන්නේ නැත. අල්ලාහ් සත්ය බව තහවුරු කරයි. එමෙන්ම දෙවියන් විශ්වාස කරන්නන් විසින් කවර තොරතුරක් ගෙන එන්නේ ද එය ද සත්ය බව තහවුරු කරයි. අල්ලාහ් ඔවුනට කරුණා කරත්වා! සැබැවින්ම එතුමාණන් ව එවා ඇත්තේ එතුමාණන් විශ්වාස කළ අයට ආශිර්වාදයක් වශයෙනි. කවර වර්ගයක වේදනාවක් කවරෙකු එතුමාණන්ට ගෙන දෙන්නේ ද ඔවුනට වේදනා සහගත දඬුවමක් ඇත." යැයි ඔවුනට පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الأموال والأولاد قد تكون سببًا للعذاب في الدنيا، وقد تكون سببًا للعذاب في الآخرة، فليتعامل العبد معهما بما يرضي مولاه، فتتحقق بهما النجاة.
•වස්තුව හා දරුවන් මෙලොවෙහි වේදනාවට හේතුවක් වන්නේය. ඇතැම් විට මතු ලොවෙහි වේදනාවට ද හේතුවක් වන්නේය. එහෙයින් ගැත්තා තම භාරකරුගේ තෘප්තිය අනුව ඒ දෙක සමග කටයුතු කළ යුතු වේ. ඒ දෙකින් ජය තහවුරු කර ගත යුතු වේ.

• توزيع الزكاة موكول لاجتهاد ولاة الأمور يضعونها على حسب حاجة الأصناف وسعة الأموال.
•සකාත් ලැබිය යුතු පාර්ශවයින්ගේ අවශ්යතා සහ සකාත් භාණ්ඩ වල ධාරිතාව අනුව ඒවා ස්ථානගත කරන කටයුතු භාර අයගේ විඥානය මත පවරනු ලැබේ.

• إيذاء الرسول صلى الله عليه وسلم فيما يتعلق برسالته كفر، يترتب عليه العقاب الشديد.
•දූත මෙහෙවර විෂයෙහි දූතයාණන්ට (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) හිරිහැර කිරීම දේව ප්රතික්ෂේපයකි. ඒ සඳහා දැඩි දඬුවම නියම වේ.

• ينبغي للعبد أن يكون أُذن خير لا أُذن شر، يستمع ما فيه الصلاح والخير، ويُعرض ترفُّعًا وإباءً عن سماع الشر والفساد.
• ගැත්තෙකුට නපුරු ශ්රවණයක් නොව යහපත් ශ්රවණයක් තිබිය යුතු වේ. ඔහු එහි ඇති දැහැමි හා යහපත් දෑට සවන් දෙයි. නපුර හා දුෂ්ඨ දෑට සවන් දීමෙන් වැළකී සිට පාරිශුද්ධභාවයක් පෙන්නුම් කරයි.

 
የይዘት ትርጉም ምዕራፍ: አት-ተውባህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት