Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ዐበሰ   አንቀጽ:

අබස

ከመዕራፉ ዓላማዎች:
تذكير الكافرين المستغنين عن ربهم ببراهين البعث.
සිය පරමාධිපතියාණන් පිටු දකින කාෆිර් වරුන් වෙත නැවත නැගිටුවීමේ සංකල්පය හා බැඳුනු සාක්ෂි සමඟ සිහි කැඳවීමක්.

عَبَسَ وَتَوَلّٰۤی ۟ۙ
අල්ලාහ්ගේ දූතයාණන් තම මුහුණ ඇඹුල් කොට පිටුපෑවේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَنْ جَآءَهُ الْاَعْمٰى ۟ؕ
එසේ පිටුපෑවේ අබ්දුල්ලාහ් ඉබ්නු උම්මු මක්තූම් තුමා එතුමාගෙන් යහමඟ ලබන්නට පැමිණීම හේතුවෙනි. ඔහු අන්ධයකු විය. ඔහු එතුමාණන් වෙත පැමිණියේ එතුමාණන් දේව ප්රතික්ෂේප කරන ප්රධානීන් යහමඟ ලබනු ඇතැයි යන අපේක්ෂාවෙන් ඔවුන් සමග කාර්ය බහුලව සිටි අවස්ථාවකදීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا یُدْرِیْكَ لَعَلَّهٗ یَزَّ ۟ۙ
අහෝ දූතය! මෙම අන්ධ පුද්ගලයා ඔහුගේ පවින් පිරිසිදු වන බවට ඔබට දැනුම් දුන්නේ කවරෙකුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوْ یَذَّكَّرُ فَتَنْفَعَهُ الذِّكْرٰى ۟ؕ
එසේත් නැතහොත් ඔබේ උපදෙසට ඔහු සවන්දී ඉන් ඔහු ප්රයෝජන ලැබිය හැකි බවට ඔබට දැනුම් දුන්නේ කවරෙකුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمَّا مَنِ اسْتَغْنٰى ۟ۙ
ධනය හා බලය හේතුවෙන් ඔබ ගෙන ආ දෑ පිළිබඳ විශ්වාස කිරීමේ අවශ්යතාවක් නැති අය වනාහි,
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَنْتَ لَهٗ تَصَدّٰى ۟ؕ
ඔබ ඔහුට එය ඉදිරිපත් කරන්නෙහිය. එය පිළිගැනීමට කටයුතු කරන්නෙහිය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا عَلَیْكَ اَلَّا یَزَّكّٰى ۟ؕ
අල්ලාහ් වෙත පාපක්ෂමාවෙහි නිරත වී ඔහුගේ පාපයෙන් ඔහු පිවිතුරු නොවූයේ නම් ඔබට ලැබෙන්නේ කුමක් ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَمَّا مَنْ جَآءَكَ یَسْعٰى ۟ۙ
යහපත සොයමින් ඔබ වෙත යුහුසුළුව පැමිණි අය වනාහි,
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَهُوَ یَخْشٰى ۟ۙ
ඔහු තම පරමාධිපතිට බියෙන් කටයුතු කරන්නෙකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَنْتَ عَنْهُ تَلَهّٰى ۟ۚ
එසේ තිබියදීත් ඔබ ඔහු නොසලකා හැර, දේව ප්රතික්ෂේප කරන ප්රධානීන් සමඟ කටයුතු කරන්නෙහිය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَلَّاۤ اِنَّهَا تَذْكِرَةٌ ۟ۚ
කරුණු එසේ නොවේ. සැබැවින්ම එය පිළිගන්නා අයට වූ මෙනෙහි කිරීමකි; උපදෙසකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَمَنْ شَآءَ ذَكَرَهٗ ۟ۘ
එහෙයින් අල්ලාහ්ව මෙනෙහි කිරීමට සිතන්නන් ඔහු මෙනෙහි කරනු ඇත. අල් කුර්ආනයේ ඇති දෑ පිළිබඳ උපදෙස් ලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فِیْ صُحُفٍ مُّكَرَّمَةٍ ۟ۙ
මෙම කුර්ආනය දේව මෙහෙකරුවන් වන මලක්වරුන් අතර ඇති ගෞරවණීය ලේඛනයේ තිබිණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَّرْفُوْعَةٍ مُّطَهَّرَةٍ ۟ۙ
එය උස් ස්ථානයක ඔසවා තබනු ලැබූවකි. එය පිවිතුරුය. කිසිදු කිලිටක් එහි ඇති නොවේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بِاَیْدِیْ سَفَرَةٍ ۟ۙ
එය මලක්වරුන් අතර සිටි දූතවරුන්ගේ අත්වල තිබුණකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كِرَامٍ بَرَرَةٍ ۟ؕ
ඔවුන් තම පරමාධිපති අභියස ගෞරවයෙන් පිදුම් ලැබූවන්ය. අධික ලෙස යහපත කරන්නන්ය. අවනත වන්නන්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُتِلَ الْاِنْسَانُ مَاۤ اَكْفَرَهٗ ۟ؕ
දෙවියන් ප්රතික්ෂේප කරන මිනිසා ශාපයට භාජනය කරන ලදී. ඔහු කෙතරම් දැඩි ලෙස අල්ලාහ්ව ප්රතික්ෂේප කරන්නේද!
የአረብኛ ቁርኣን ማብራሪያ:
مِنْ اَیِّ شَیْءٍ خَلَقَهٗ ۟ؕ
මිහිතලයේ උඩඟුකමින් පසුවීමට සහ ප්රතික්ෂේප කිරීමට තරම් දෙවිඳුන් ඔහු කවර දෙයකින් මවා තිබේදැයි සිතා බලත්වා!
የአረብኛ ቁርኣን ማብራሪያ:
مِنْ نُّطْفَةٍ ؕ— خَلَقَهٗ فَقَدَّرَهٗ ۟ۙ
ඉතා අල්ප ජල බින්දුවකින් අල්ලාහ් ඔහු ව මවා පසුව අදියරින් අදියර ඔහුගේ ස්වරූපය සකස් කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ السَّبِیْلَ یَسَّرَهٗ ۟ۙ
එම අදියරයන්ගෙන් පසු ව තම මවගේ කුසින් පිටවන්නට ඔහු පහසු කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ اَمَاتَهٗ فَاَقْبَرَهٗ ۟ۙ
මෙලොව ජීවිතයේ යම් ආයු කාලයක් නියම කළ පසු ව ඔහු ඔහු ව (මිනිසා ව) මරණයට පත් කළේය. මිනීවල තුළ තැන්පත් කෙරෙව්වේය. නැවත අවදි කරනු ලබන තෙක් ඔහු එහි රැඳී සිටිනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ اِذَا شَآءَ اَنْشَرَهٗ ۟ؕ
පසු ව ඔහු අභිමත කළ විට විනිශ්චය හා ප්රතිඵල සඳහා ඔහු ව අවදි කරවනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَلَّا لَمَّا یَقْضِ مَاۤ اَمَرَهٗ ۟ؕ
තමන්ට පැවරුණු වගකීම් තම පරමාධිපතිට ඉටු කර ඇතැයි එම දේව ප්රතික්ෂේපකයා අනුමාන කරන මෙන් එම විෂය නොපවතී. ඇත්තෙන්ම ඔහුට අල්ලාහ් විසින් අනිවාර්ය කළ වගකීම් ඔහු විසින් ඉටු කර නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلْیَنْظُرِ الْاِنْسَانُ اِلٰى طَعَامِهٖۤ ۟ۙ
එහෙයින් අල්ලාහ් ව ප්රතික්ෂේප කරන මිනිසා තමන් කෑමට ගන්නා ආහාර කෙසේ නම් ඇතිවූයේ දැයි අධීක්ෂණය කොට විමසා බැලිය යුතුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَنَّا صَبَبْنَا الْمَآءَ صَبًّا ۟ۙ
එහි මුල, අහසින් බහුලව හා බලවත්ව ඇද හැළෙන වර්ෂාපතනයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ شَقَقْنَا الْاَرْضَ شَقًّا ۟ۙ
පසු ව අපි පොළොවෙහි පැළිම් ඇති කළෙමු. එය පැළෑටි සඳහා විවර විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَنْۢبَتْنَا فِیْهَا حَبًّا ۟ۙ
එහි ඇට හා බීජ තුළින් ධාන්ය හා වෙනත් දෑ හට ගැන්වූයෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّعِنَبًا وَّقَضْبًا ۟ۙ
මිදි හා ඔවුන්ගේ ගොවිපළ සතුන් උලා කන්නට තණ වර්ගද ඇති කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّزَیْتُوْنًا وَّنَخْلًا ۟ۙ
ඔලිව් හා ඉඳි ගස් ද එහි හට ගැන්වූයෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّحَدَآىِٕقَ غُلْبًا ۟ۙ
ගහ කොළවලින් පිරුණු වතු යායන්ද හට ගැන්වූයෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّفَاكِهَةً وَّاَبًّا ۟ۙ
තවද, පලතුරු හා නුඹලාගේ ගොවිපළ සතුන් උළා කන තණ බිම්ද හට ගැන්වූයෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَّتَاعًا لَّكُمْ وَلِاَنْعَامِكُمْ ۟ؕ
ඒවා නුඹලාගේ ප්රයෝජනය හා නුඹලාගේ ගොවිපළ සතුන්ගේ ප්රයෝජනය සඳහාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاِذَا جَآءَتِ الصَّآخَّةُ ۟ؗ
කන් පිපිරෙන තරමට මහා හඬ පැමිණි විට, එය දෙවන පිඹුමයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَوْمَ یَفِرُّ الْمَرْءُ مِنْ اَخِیْهِ ۟ۙ
මිනිසා තම සහෝදරයාගෙන් පලා යනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاُمِّهٖ وَاَبِیْهِ ۟ۙ
ඔහුගේ මවගෙන් හා පියාගෙන් ඔහු හැරී දුවනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَصَاحِبَتِهٖ وَبَنِیْهِ ۟ؕ
එමෙන්ම ඔහුගේ බිරියගෙන් හා දරුවන්ගෙන් ද පලා යනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِكُلِّ امْرِئٍ مِّنْهُمْ یَوْمَىِٕذٍ شَاْنٌ یُّغْنِیْهِ ۟ؕ
ඔවුන්ගෙන් සෑම කෙනෙකුම අනෙකා පිළිබඳ සැලකිල්ලක් දැක්විය නොහැකි තරමට එදින ඔවුන් දැඩි අර්බුදවල නිරතව සිටිනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وُجُوْهٌ یَّوْمَىِٕذٍ مُّسْفِرَةٌ ۟ۙ
එදින සතුටින් පිරි මුහුණු ප්රබෝධමත්ව පවතී.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ضَاحِكَةٌ مُّسْتَبْشِرَةٌ ۟ۚ
අල්ලාහ් තම දයාවෙන් ඔවුනට සූදානම් කර ඇති දෑ ගැන සතුටින් ඉපිළ ගොස් ඔවුහු සිනහසෙමින් සිටින්නාහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَوُجُوْهٌ یَّوْمَىِٕذٍ عَلَیْهَا غَبَرَةٌ ۟ۙ
එදින අභාග්යවත් මුහුණු දොම්නසින් වෙළී තිබේ. ඔවුන්ගේ මුහුණු මත දුහුවිලි තැවරී තිබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عتاب الله نبيَّه في شأن عبد الله بن أم مكتوم دل على أن القرآن من عند الله.
• මෙහි අබ්දුල්ලාහ් ඉබ්නු උම්මි මක්තූම් විෂයයෙහි තම නබිවරයාට අල්ලාහ් දොස් නගා තිබීම සැබැවින්ම අල් කුර්ආනය අල්ලාහ්ගෙන්ම බව පෙන්වා දෙන සාධකයකි.

• الاهتمام بطالب العلم والمُسْتَرْشِد.
• දැනුම සොයන්නා හා යහමඟ සොයන්නාට දිය යුතු වැදගත් කම.

• شدة أهوال يوم القيامة حيث لا ينشغل المرء إلا بنفسه، حتى الأنبياء يقولون: نفسي نفسي.
• තමන් ගැන මිස වෙන කිසිවකු ගැන සිතන්නට පවා නොහැකි තරමට කාර්ය බහුල තත්ත්වයක මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින පවතින භයානක ව්යසනය. නබිවරුන් පවා ‘මාගේ ආත්මය, මාගේ ආත්මය’ යැයි පවසන තරමටම එය භයානකව පවතී.

 
የይዘት ትርጉም ምዕራፍ: ዐበሰ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት