Check out the new design

የተከበረው ቁርአን መልዕክተ ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማውጫ


የመልዕክት ትርጉም ሱራ (ምዕራፍ): አን ናዚዓት   አንቀፅ:

අන් නාසිආත්

ከሱራዋ ጥቅል ሀሳብ መካከል:
التذكير بالله واليوم الآخر.
අවසන් දිනය සහ අල්ලාහ් පිළිබඳ සිහි කැඳවීම.

وَالنّٰزِعٰتِ غَرْقًا ۟ۙ
කෲර හා දැඩි ලෙස දෙවියන් ප්රතික්ෂේප කරමින් සිටියවුන්ගේ ප්රාණ ගලවා ගන්නා මලක්වරුන් හෙවත් දේව මෙහෙකරුවන් මත අල්ලාහ් දිවුරා පවසයි.
ዓረብኛ ተፍሲሮች:
وَّالنّٰشِطٰتِ نَشْطًا ۟ۙ
දෙවියන් මත විශ්වාසය තැබූවන්ගේ ප්රාණ පහසුවෙන් හා සැහැල්ලුවෙන් ශරීරයෙන් මුදා හරින මලක්වරුන් හෙවත් දේව මෙහෙකරුවන් මත ද අල්ලාහ් දිවුරා පවසයි.
ዓረብኛ ተፍሲሮች:
وَّالسّٰبِحٰتِ سَبْحًا ۟ۙ
අහසේ සිට මිහිතලයට අල්ලාහ්ගේ නියෝග රැගෙන පාවෙමින් පැමිණෙන මලක්වරුන් මත අල්ලාහ් දිවුරා පවසයි.
ዓረብኛ ተፍሲሮች:
فَالسّٰبِقٰتِ سَبْقًا ۟ۙ
අල්ලාහ්ගේ නියෝගය ඉටු කිරීමෙහිලා ඇතැමුන් පසුකරමින් තරඟ වැද ඉදිරියට යන මලක්වරුන් මත දිවුරා පවසයි.
ዓረብኛ ተፍሲሮች:
فَالْمُدَبِّرٰتِ اَمْرًا ۟ۘ
දේව ගැත්තන්ගේ කටයුතු සඳහා භාරකාරත්වය පිරිනැමූ මලක්වරුන් මෙන්, තම කටයුතු ඉටු කිරීම සඳහා අල්ලාහ් ඔවුන් හට නියෝග කළ කරුණු ක්රියාත්මක කරන මලක්වරුන් මත ද අල්ලාහ් දිවුරා ඇත. සැබැවින්ම ඔවුන් විනිශ්චය හා ප්රතිඵල පිරිනැමීම සඳහා නැවත නැගිටුවනු ලබන බව මෙම දිවුරුම් හරහා තරයේ පවසා සිටින්නේය.
ዓረብኛ ተፍሲሮች:
یَوْمَ تَرْجُفُ الرَّاجِفَةُ ۟ۙ
පළමුවරට හොරණෑව පිඹිනු ලබන විට මහපොළොව කම්පනය වෙයි.
ዓረብኛ ተፍሲሮች:
تَتْبَعُهَا الرَّادِفَةُ ۟ؕ
ඒ සමඟම ඊට පසු ව දෙවන පිඹුමද ක්රියාත්මක වෙයි.
ዓረብኛ ተፍሲሮች:
قُلُوْبٌ یَّوْمَىِٕذٍ وَّاجِفَةٌ ۟ۙ
එදින දේවත්වය ප්රතික්ෂේප කරන්නන්ගේ හා පාපතර කලහකාරීන්ගේ හදවත් බියෙන් පසුවෙයි.
ዓረብኛ ተፍሲሮች:
اَبْصَارُهَا خَاشِعَةٌ ۟ۘ
අවමානයේ සලකුණු ඔවුන්ගේ බැල්ම තුළින් හෙළි වේ.
ዓረብኛ ተፍሲሮች:
یَقُوْلُوْنَ ءَاِنَّا لَمَرْدُوْدُوْنَ فِی الْحَافِرَةِ ۟ؕ
අප මිය ගිය පසු නැවත ජීවිතයක් ලබන්නෙමු දැයි ඔවුන් විමසමින් සිටිනු ඇත.
ዓረብኛ ተፍሲሮች:
ءَاِذَا كُنَّا عِظَامًا نَّخِرَةً ۟ؕ
අපගේ අස්ථි දිරා ගොස් ශූන්ය වූ පසු නැවත අපි නැගිටුවනු ලබන්නෙමු ද?!
ዓረብኛ ተፍሲሮች:
قَالُوْا تِلْكَ اِذًا كَرَّةٌ خَاسِرَةٌ ۟ۘ
"අපි එසේ යළි නැගිටුවනු ලබන්නේ නම් එය ඉමහත් පාඩුවකි. මහා අපරාධයකි" යැයි ඔවුන් පවසා සිටිනු ඇත.
ዓረብኛ ተፍሲሮች:
فَاِنَّمَا هِیَ زَجْرَةٌ وَّاحِدَةٌ ۟ۙ
නැවත නැගිටුවනු ලැබීමේ ක්රියාවලිය පහසුය. එය පිඹීමට භාර කළ මලක්වරයාගේ එකම එක් හඬක් පමණි.
ዓረብኛ ተፍሲሮች:
فَاِذَا هُمْ بِالسَّاهِرَةِ ۟ؕ
එවිට මිය ගොස් පොළොවට වැළලුනු සියලු දෙනා යළි ජීවමානව ඒ මත නැගී සිටිනු ඇත.
ዓረብኛ ተፍሲሮች:
هَلْ اَتٰىكَ حَدِیْثُ مُوْسٰی ۟ۘ
අහෝ දහම් දූතයාණෙනි! මූසා තම පරමාධිපති සමඟත් තම සතුරා වූ ෆිර්අවුන් සමඟත් ක්රියා කළ ආකාරය පිළිබඳ තොරතුරු ඔබට ලැබුණෙහිද?
ዓረብኛ ተፍሲሮች:
اِذْ نَادٰىهُ رَبُّهٗ بِالْوَادِ الْمُقَدَّسِ طُوًی ۟ۚ
පාරිශුද්ධ තුවා නම් නිම්නයට ඔහුගේ පරමාධිපති ඔහුව කැඳවූ අවස්ථාවේ දී.
ዓረብኛ ተፍሲሮች:
በዚህ ገፅ ያሉት አንቀፆች ከሚያስተላልፉት ጠቃሚ መልዕክት መካከል:
• التقوى سبب دخول الجنة.
• තක්වා හෙවත් දෙවියන් පිළිබඳ වූ බැතිමත්කම ස්වර්ගයට පිවිසීමට හේතුවක් වන්නේය.

• تذكر أهوال القيامة دافع للعمل الصالح.
• මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ව්යසන පිළිබඳ මෙනෙහි කිරීම දැහැමි ක්රියාවන් කිරීමට මඟ පාදනු ඇත.

• قبض روح الكافر بشدّة وعنف، وقبض روح المؤمن برفق ولين.
• දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ ප්රාණයන් කෲර හා දැඩි ලෙස ගලවා ගන්නා අතර දෙවියන් විශ්වාස කරන්නන්ගේ ප්රාණයන් ඉතා සැහැල්ලුවෙන් හා මෘදු ලෙස මුදවාලනු ඇත.

اِذْهَبْ اِلٰی فِرْعَوْنَ اِنَّهٗ طَغٰی ۟ؗۖ
ඔහු ඔහුට (මූසාට) මෙසේ පැවසීය. "ඔබ ෆිර්අවුන් වෙත යනු. සැබැවින්ම ඔහු අපරාධ කිරීමෙහිලා හා උඩගුකමෙන් ඉක්මවා ගොස් ඇත."
ዓረብኛ ተፍሲሮች:
فَقُلْ هَلْ لَّكَ اِلٰۤی اَنْ تَزَكّٰی ۟ۙ
"අහෝ ෆිර්අවුන්! දේව ප්රතික්ෂේප කිරීමෙන් හා පාපකමින් මිදී පිවිතුරු වන්නට කැමැත්තක් ඇද්දැ"යි ඔහුගෙන් ඔබ (මූසා) විමසනු.
ዓረብኛ ተፍሲሮች:
وَاَهْدِیَكَ اِلٰی رَبِّكَ فَتَخْشٰی ۟ۚ
ඔබ මවා ඔබව නිරීක්ෂණය කරමින් සිටින ඔබේ පරමාධිපති වෙත මම ඔබට මඟ පෙන්වන්නම්. එවිට ඔහුට බිය වී ඔහුව තෘප්තියට පත් කරන ක්රියාවන් සිදු කරන්න. ඔහු කෝපයට පත් කරන දැයින් ඔබ වැළකෙන්න.
ዓረብኛ ተፍሲሮች:
فَاَرٰىهُ الْاٰیَةَ الْكُبْرٰی ۟ؗۖ
තමන් අල්ලාහ් වෙතින් එවනු ලැබූ දූතයාණන් බව සහතික කරන අතිමහත් සාධක මූසා තුමා ඔහුට ඉදිරිපත් කළහ. එය අත හා සැරයටියේ ප්රාතිහාර්යයන්ය.
ዓረብኛ ተፍሲሮች:
فَكَذَّبَ وَعَصٰی ۟ؗۖ
නමුත්, ෆිර්අවුන් එම සාධක බොරු කර, මූසා කවර දෙයක් පිළිබඳ අණ කර සිටියේද එයට පිටුපාමින් සිටියේය.
ዓረብኛ ተፍሲሮች:
ثُمَّ اَدْبَرَ یَسْعٰی ۟ؗۖ
පසුව ඔහු අල්ලාහ්ට පිටුපෑමෙහි හා සත්යයට විරුද්ධ වීමෙහි වෙහෙසෙමින් මූසා (අලයිහිස් සලාම්) තුමා කවර කරුණක් ගෙන ආවේ ද එය විශ්වාස කිරීම හෙළා දුටුවේය.
ዓረብኛ ተፍሲሮች:
فَحَشَرَ ۫— فَنَادٰی ۟ؗۖ
පසුව මූසා පරාජය කරනු පිණිස තම සේනාව හා තම අනුගාමිකයින් එක්රැස් කොට මෙසේ ඇමතීය.
ዓረብኛ ተፍሲሮች:
فَقَالَ اَنَا رَبُّكُمُ الْاَعْلٰی ۟ؗۖ
නුඹලාගේ උත්තරීතර පරමාධිපති මම වෙමි. මට හැර වෙන කිසිවකුට අවනත වන්නට නුඹලාට අයිතියක් නැත.
ዓረብኛ ተፍሲሮች:
فَاَخَذَهُ اللّٰهُ نَكَالَ الْاٰخِرَةِ وَالْاُوْلٰی ۟ؕ
එවිට අල්ලාහ් ඔහුව (ෆිර්අවුන්ව) හසු කළේය. මෙලොවෙහි ඔහුව මුහුදේ ගිල්වා දඬුවම් කළ අතර මතුලොවේදීද දැඩි වේදනාවට ලක් කරමින් ඔහුට දඬුවම් ලබා දෙනු ඇත.
ዓረብኛ ተፍሲሮች:
اِنَّ فِیْ ذٰلِكَ لَعِبْرَةً لِّمَنْ یَّخْشٰی ۟ؕ۠
මෙලොවෙහි හා මතුලොවෙහි කවර දෙයකින් අපි ෆිර්අවුන් දඬුවමට ලක් කළේ ද එහි අල්ලාහ්ට බියවන්නන් හට උපදෙස් ඇත. එම උපදෙස් මගින් ප්රයෝජන ලබනුයේ එවැන්නන්ය.
ዓረብኛ ተፍሲሮች:
ءَاَنْتُمْ اَشَدُّ خَلْقًا اَمِ السَّمَآءُ ؕ— بَنٰىهَا ۟۫
අහෝ නැවත නැගිටුවනු ලැබීමේ සංකල්පය බොරු කරන්නනි! අල්ලාහ්ට අසීරු වනුයේ නුඹලාව ඇති කිරීමද එසේත් නැතිනම් ඔහු මැවූ අහස ඇති කිරීමද?
ዓረብኛ ተፍሲሮች:
رَفَعَ سَمْكَهَا فَسَوّٰىهَا ۟ۙ
එහි වියන ඉහළට උස් කර තැබීය. පසු ව එය රිසි ලෙස හැඩ ගැස්වීය. එහි කිසිදු ඉරිතැලීමක් හෝ පැල්මක් හෝ අඩුවක් හෝ දැක ගත නොහැක.
ዓረብኛ ተፍሲሮች:
وَاَغْطَشَ لَیْلَهَا وَاَخْرَجَ ضُحٰىهَا ۪۟
හිරු අවරට යන විට එහි රාත්රිය අඳුරු කළේය. හිරු උදා වන විට එහි ආලෝකය හෙළි කළේය.
ዓረብኛ ተፍሲሮች:
وَالْاَرْضَ بَعْدَ ذٰلِكَ دَحٰىهَا ۟ؕ
අහස මැවීමෙන් පසු මහපොළොව දිගු හැරියේය. එහි ප්රයෝනවත් වන සියලු දෑ ඔහු එහි ඇති කළේය.
ዓረብኛ ተፍሲሮች:
اَخْرَجَ مِنْهَا مَآءَهَا وَمَرْعٰىهَا ۪۟
ජලය ගලා යන උල්පත් එහි මතු කොට සතුන්ගේ ආහාරය සඳහා තණබිම් ද හට ගැන්වීය.
ዓረብኛ ተፍሲሮች:
وَالْجِبَالَ اَرْسٰىهَا ۟ۙ
මහපොළොව ශක්මත් කරනු වස් එහි කඳු පිහිටවීය.
ዓረብኛ ተፍሲሮች:
مَتَاعًا لَّكُمْ وَلِاَنْعَامِكُمْ ۟ؕ
අහෝ ජනයිනි! මේ සියල්ල ඔබට හා ඔබේ ගොවිපළ සතුන්ට භුක්ති විඳිනු පිණිසය. එබැවින් මේ සියල්ල මැවූ අල්ලාහ් ඔවුන්ව (මිනිසුන්ව) නව මැවීමකින් යුතුව යළි අවදි කරවන්නට නොහැක්කෙකු නොවන්නේය.
ዓረብኛ ተፍሲሮች:
فَاِذَا جَآءَتِ الطَّآمَّةُ الْكُبْرٰی ۟ؗۖ
එහි අර්බුදවලින් සියල්ල ආවරණය කරන දෙවන පිඹුම පිඹිනු ලැබ ලොව අවසානය සිදුවන විට
ዓረብኛ ተፍሲሮች:
یَوْمَ یَتَذَكَّرُ الْاِنْسَانُ مَا سَعٰی ۟ۙ
තමන් කළින් සිදු කළ යම් යහපතක් වුවද අයහපතක් වුවද මිනිසාට ඒවා සිහිපත් වනු ඇත.
ዓረብኛ ተፍሲሮች:
وَبُرِّزَتِ الْجَحِیْمُ لِمَنْ یَّرٰی ۟
නිරය ගෙනැවිත් එය බලන්නන් හට ඔවුන්ගේ දෑස් ඉදිරියේම ප්රදර්ශණය කරනු ලැබේ.
ዓረብኛ ተፍሲሮች:
فَاَمَّا مَنْ طَغٰی ۟ۙ
එවිට, කවරෙකු නොමගෙහි සීමාව ඉක්මවා ගියේද
ዓረብኛ ተፍሲሮች:
وَاٰثَرَ الْحَیٰوةَ الدُّنْیَا ۟ۙ
සදා පවතින මතුලොව ජීවිතය අතහැර දමා විනාශ වී යන මෙලොව ජීවිතය තෝරා ගත්තේද
ዓረብኛ ተፍሲሮች:
فَاِنَّ الْجَحِیْمَ هِیَ الْمَاْوٰی ۟ؕ
එවිට, නිරා ගින්න ඔහු පිවිසෙන ලැගුම්හල වනු ඇත.
ዓረብኛ ተፍሲሮች:
وَاَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهٖ وَنَهَی النَّفْسَ عَنِ الْهَوٰی ۟ۙ
එමෙන්ම කවරෙකු තම පරමාධිපති ඉදිරියේ පෙනී සිටීමට බියෙන් යුතුව ඔහු තහනම් කළ දැයින් වැළකෙන්නේද එවිට ඔහු පිවිසෙන ලැගුම්හල ස්වර්ගය වනු ඇත.
ዓረብኛ ተፍሲሮች:
فَاِنَّ الْجَنَّةَ هِیَ الْمَاْوٰی ۟ؕ
එමෙන්ම කවරෙකු තම පරමාධිපති ඉදිරියේ පෙනී සිටීමට බියෙන් යුතුව ඔහු තහනම් කළ දැයින් වැළකෙන්නේද එවිට ඔහු පිවිසෙන ලැගුම්හල ස්වර්ගය වනු ඇත.
ዓረብኛ ተፍሲሮች:
یَسْـَٔلُوْنَكَ عَنِ السَّاعَةِ اَیَّانَ مُرْسٰىهَا ۟ؕ
අහෝ දූතය! නැවත නැගිටුවනු ලැබීම බොරු කරන්නන් වන ඔවුහු එම අවසන් හෝරාව කවදා එන්නේදැයි ඔබෙන් විමසති.
ዓረብኛ ተፍሲሮች:
فِیْمَ اَنْتَ مِنْ ذِكْرٰىهَا ۟ؕ
ඔවුනට ඔබ ඒ පිළිබඳ පවසන තරමට ඒ ගැන දැනුමක් ඔබට නැත. එය ඔබගේ කටයුත්තක් ද නොවේ. ඇත්තෙන්ම ඔබේ කටයුත්ත වනුයේ ඒ සඳහා සූදානම් කරවීමය.
ዓረብኛ ተፍሲሮች:
اِلٰی رَبِّكَ مُنْتَهٰىهَا ۟ؕ
අවසන් දිනය පිළිබඳ දැනුම ඇත්තේ ඔබේ පරමාධිපතිට පමණය.
ዓረብኛ ተፍሲሮች:
اِنَّمَاۤ اَنْتَ مُنْذِرُ مَنْ یَّخْشٰىهَا ۟ؕ
සැබැවින්ම ඔබ එම අවසන් හෝරාව පිළිබඳ බියවන්නන් හට අවවාද කරන්නෙකු පමණි. ඔබේ අවවාදය තුළින් ප්රයෝජන ලබනුයේ ඔවුහුමය.
ዓረብኛ ተፍሲሮች:
كَاَنَّهُمْ یَوْمَ یَرَوْنَهَا لَمْ یَلْبَثُوْۤا اِلَّا عَشِیَّةً اَوْ ضُحٰىهَا ۟۠
අවසන් හෝරාව දෑසින්ම දකින දින ඔවුන් මෙලොව ජීවත් වූයේ එක් දිනක දහවල් කාලයක් හෝ එහි අලුයම් කාලයක් පමණක් යැයි සිතනු ඇත.
ዓረብኛ ተፍሲሮች:
በዚህ ገፅ ያሉት አንቀፆች ከሚያስተላልፉት ጠቃሚ መልዕክት መካከል:
• وجوب الرفق عند خطاب المدعوّ.
• ඇරයුම් කරනු ලබන්නා ඉදිරියේ කාරුණිකව කතා කිරීම අනිවාර්යය.

• الخوف من الله وكفّ النفس عن الهوى من أسباب دخول الجنة.
• අල්ලාහ් පිළිබඳ බිය ඇති කර ගැනීමත් තම ආත්මය ආශාවන්ගෙන් වළක්වා ගැනීමත්, ස්වර්ගයට පිවිසීමේ හේතු සාධක අතරින් සමහරක් වෙති.

• علم الساعة من الغيب الذي لا يعلمه إلا الله.
• අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනී.

• بيان الله لتفاصيل خلق السماء والأرض.
• අහස් හා මහපොළොව මැවීමෙහි තතු පැහැදිලි කරමින් අල්ලාහ් පිළිබඳ විස්තර කිරීම.

 
የመልዕክት ትርጉም ሱራ (ምዕራፍ): አን ናዚዓት
የሱራዎች ማውጫ ገፅ ቁጥር
 
የተከበረው ቁርአን መልዕክተ ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማውጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

ለመዝጋት