Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ሙምተሂና   አንቀጽ:
یٰۤاَیُّهَا النَّبِیُّ اِذَا جَآءَكَ الْمُؤْمِنٰتُ یُبَایِعْنَكَ عَلٰۤی اَنْ لَّا یُشْرِكْنَ بِاللّٰهِ شَیْـًٔا وَّلَا یَسْرِقْنَ وَلَا یَزْنِیْنَ وَلَا یَقْتُلْنَ اَوْلَادَهُنَّ وَلَا یَاْتِیْنَ بِبُهْتَانٍ یَّفْتَرِیْنَهٗ بَیْنَ اَیْدِیْهِنَّ وَاَرْجُلِهِنَّ وَلَا یَعْصِیْنَكَ فِیْ مَعْرُوْفٍ فَبَایِعْهُنَّ وَاسْتَغْفِرْ لَهُنَّ اللّٰهَ ؕ— اِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟
අහෝ නබිවරය! -මක්කාහ් ජයග්රාහී අවස්ථාවේ සිදු වූවාක් මෙන්- දේව විශ්වාසී කාන්තාවන්, තමන් අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකර ඔහුට පමණක් නමදින බවටත්, ඔවුන් සොරකම් නොකරන බවටත්, ඔවුන් අපචාරයේ නොයෙදෙන බවටත්, අඥානයින්ගේ සිරිතක් ලෙස ඔවුන්ගේ දරුවන් මරා නොදමන බවටත්, දුරාචාරයෙන් බිහි වූ දරුවන් ඔවුන්ගේ සැමියන්ට සම්බන්ධ නොකරන බවටත්, යහපත් කටයුතුවලදී නුඹට ඔවුන් පිටු නොපාන බවටත්, -උදාහරණ වශයෙන් විලාප නගා හැඬීම, හිස මුඩු කිරීම, ඇඳුම් ඉරා ගැනීම වැනි දෑ- දිවුරමින් ප්රතිඥා දෙන්නට නුඹ වෙත පැමිණියේ නම්, නුඹ ඔවුනට ප්රතිඥා දෙනු. ඔවුන් නුඹට ප්රතිඥා දුන් පසු ඔවුන්ගේ පාපකම් සඳහා ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව අයැද සිටින මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු. ඔහුගේ ගැත්තන් අතරින් පාපක්ෂමාව අයැද ඔහු වෙත යොමුවනන්හට අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَتَوَلَّوْا قَوْمًا غَضِبَ اللّٰهُ عَلَیْهِمْ قَدْ یَىِٕسُوْا مِنَ الْاٰخِرَةِ كَمَا یَىِٕسَ الْكُفَّارُ مِنْ اَصْحٰبِ الْقُبُوْرِ ۟۠
අහෝ අල්ලාහ්ව විශ්වාස කොට, ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනුව ක්රියා කළවුනි! අල්ලාහ්ගේ කෝපය ඔවුන් කෙරෙහි බල පැවැත්වුණු, පරමාන්ත දිනය ගැන විශ්වාස නොකරන පිරිසක් නුඹලා භාරකරුවන් ලෙස නොගනු. ඔවුන් යළි අවදි කරනු ලැබීම ප්රතික්ෂේප කළ හේතුවෙන් ඔවුන් මිය ගිය පසු යළි අවදි කිරීම ගැන බලාපොරොත්තු සුන් කර ගත්තාක් මෙන් මොවුන් බලාපොරොත්තු සුන් කර ගත්තවුන් වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• مشروعية مبايعة ولي الأمر على السمع والطاعة والتقوى.
•කටයුතු භාරව සිටින්නා වෙත තමන් සවන් දෙන බවට ද, අවනත වන බවට ද, ශ්රද්ධාවෙන් කටයුතු කරන බවට ද ප්රතිඥා දීම ආගමානුගත කරන ලද්දකි.

• وجوب الصدق في الأفعال ومطابقتها للأقوال.
•කළ ප්රකාශයට අනුකූල ව ක්රියාවන් තුළින් එය තහවුරු කිරීමේ අනිවාර්යයභාවය.

• بيَّن الله للعبد طريق الخير والشر، فإذا اختار العبد الزيغ والضلال ولم يتب فإن الله يعاقبه بزيادة زيغه وضلاله.
•අල්ලාහ් ගැත්තාට යහපත් හා අයහපත් මාර්ග ගැන පැහැදිලි කර ඇත. එහෙයින් ගැත්තා මුළාව හා අපගමනය තෝරා ගෙන, පසුව පාපක්ෂමාවෙහි නිරත නොවූයේ නම්, සැබැවින්ම අල්ලාහ් ඔහුගේ මුළාව හා අපගමනය වැඩි කරමින් ඔහු දඬුවමට ලක් කරනු ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ሙምተሂና
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት