Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ሙምተሂና   አንቀጽ:

අල් මුම්තහිනා

ከመዕራፉ ዓላማዎች:
تحذير المؤمنين من تولي الكافرين.
දේවත්වය විශ්වාස කරන්නන් විසින් දේවත්වය ප්රතික්ෂේප කරන්නන් භාරකරුවන් ලෙස ගැනීමේ අවවාදය හා අවධානම.

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَتَّخِذُوْا عَدُوِّیْ وَعَدُوَّكُمْ اَوْلِیَآءَ تُلْقُوْنَ اِلَیْهِمْ بِالْمَوَدَّةِ وَقَدْ كَفَرُوْا بِمَا جَآءَكُمْ مِّنَ الْحَقِّ ۚ— یُخْرِجُوْنَ الرَّسُوْلَ وَاِیَّاكُمْ اَنْ تُؤْمِنُوْا بِاللّٰهِ رَبِّكُمْ ؕ— اِنْ كُنْتُمْ خَرَجْتُمْ جِهَادًا فِیْ سَبِیْلِیْ وَابْتِغَآءَ مَرْضَاتِیْ تُسِرُّوْنَ اِلَیْهِمْ بِالْمَوَدَّةِ ۖۗ— وَاَنَا اَعْلَمُ بِمَاۤ اَخْفَیْتُمْ وَمَاۤ اَعْلَنْتُمْ ؕ— وَمَنْ یَّفْعَلْهُ مِنْكُمْ فَقَدْ ضَلَّ سَوَآءَ السَّبِیْلِ ۟
අහෝ අල්ලාහ් ව විශ්වාස කොට ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනුව ක්රියා කරන්නනි! නුඹලා මිතුරුකම් පෑමටත් සෙනෙහස පෑමටත් මාගේ සතුරන් හා නුඹලාගේ සතුරන්ව, මිතුරන් ලෙස නොගනු. සැබැවින්ම නුඹලාගේ දූතයාණන්ගේ දෑතින් නුඹලා වෙත පැමිණි දහම ඔවුහු ප්රතික්ෂේප කළෝය. එම දූතයාව ඔහුගේ නිවසින් පිටුවහල් කළෝය. එමෙන්ම නුඹලාව ද මක්කාවේ පිහිටි නුඹලාගේ නිවෙස්වලින් නුඹලා ව පිටුවහල් කළෝය. එවිට නුඹලා අතර සිටින ඥාතීන් හෝ සෙනෙහෙවන්තයින් ගැන ඔවුන් සැලකිලිමත් වූයේ නැත. සැබැවින්ම ඒ සඳහා නුඹලා නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ් විශ්වාස කළ හේතුව මිස වෙන කිසිවක් ඔවුනට නොවීය. මාගේ තෘප්තිය අපේක්ෂාවෙන් හා මාගේ මාර්ගයේ ජිහාද් කිරීම අරමුණෙන් නුඹලා නික්ම ගියේ නම් නුඹලා එසේ මිතුරුකම් පාමින් කටයුතු නොකරනු. ඔවුන් ඇලුම් කරන මුස්ලිම්වරුන් පිළිබඳ තොරතුරු ඔවුන් වෙත ලබා දෙමින් නුඹලා ඔවුන් සතුටු කරවන්නෙහුය. නුඹලා සඟවා සිටින දෑ හා ප්රසිද්ධ කරන දෑ පිළිබඳ මම මැනවින් දනිමි. එය හා සෙසු අනෙකුත් දෑ කිසිවක් මට සැඟවෙන්නේ නැත. කවරෙකු එම සම්බන්ධකම් හා ආදරකම් දේව ප්රතික්ෂේපකයින් සමග සිදු කරන්නේ ද, සැබැවින්ම ඔහු මධ්යස්ත පිළිවෙතින් වෙනතකට විය. සත්යයෙන් නොමග විය. ඍජු මගින් දුරස් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنْ یَّثْقَفُوْكُمْ یَكُوْنُوْا لَكُمْ اَعْدَآءً وَّیَبْسُطُوْۤا اِلَیْكُمْ اَیْدِیَهُمْ وَاَلْسِنَتَهُمْ بِالسُّوْٓءِ وَوَدُّوْا لَوْ تَكْفُرُوْنَ ۟ؕ
ඔවුන් නුඹලාව ජය ගත්තේ නම් ඔවුන්ගේ හදවත් තුළ සඟවාගෙන සිටින සතුරුකම් හෙළි කරනු ඇත. නුඹලට පහර දීමටත් හිංසා කිරීමටත් ඔවුන්ගේ දෑත් නුඹලා වෙත දිගු කරනු ඇත. ඔවුන්ගේ කටින් බැණ වදිමින් හා දොස් නගමින් නුඹලාට පහර දෙනු ඇත. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කොට ඔවුන් මෙන් නුඹලා ද පත්වීම ගැන ඔවුහු ආශා කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَنْ تَنْفَعَكُمْ اَرْحَامُكُمْ وَلَاۤ اَوْلَادُكُمْ ۛۚ— یَوْمَ الْقِیٰمَةِ ۛۚ— یَفْصِلُ بَیْنَكُمْ ؕ— وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ بَصِیْرٌ ۟
දේවත්වය ප්රතික්ෂේප කළවුන් සමග නුඹලා සම්බන්ධකම් පවත් වන්නේ නම් ඔවුන් හේතුවෙන් නුඹලාගේ ඥාතීත්වය හෝ නුඹලාගේ දරුවන් හෝ නුඹලාට ප්රයෝජනවත් වන්නේම නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් නුඹලා අතර වෙන් කරනු ඇත. එවිට ඔවුන් අතරින් ස්වර්ගවාසීන් ස්වර්ගයට පිවිසෙති. නිරා වාසීන් නිරයට පිවිසෙති. නුඹලා අතරින් කිසිවෙක් කිසිවෙකුට හෝ ප්රයෝජනවත් නොවනු ඇත. සැබැවින්ම නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ අල්ලාහ් නිරීක්ෂා කරන්නාය. නුඹලාගේ ක්රියාවන් අතරින් කිසිවක් ශුද්ධ වූ අල්ලාහ්ට සැඟවී යන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَدْ كَانَتْ لَكُمْ اُسْوَةٌ حَسَنَةٌ فِیْۤ اِبْرٰهِیْمَ وَالَّذِیْنَ مَعَهٗ ۚ— اِذْ قَالُوْا لِقَوْمِهِمْ اِنَّا بُرَءٰٓؤُا مِنْكُمْ وَمِمَّا تَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ ؗ— كَفَرْنَا بِكُمْ وَبَدَا بَیْنَنَا وَبَیْنَكُمُ الْعَدَاوَةُ وَالْبَغْضَآءُ اَبَدًا حَتّٰی تُؤْمِنُوْا بِاللّٰهِ وَحْدَهٗۤ اِلَّا قَوْلَ اِبْرٰهِیْمَ لِاَبِیْهِ لَاَسْتَغْفِرَنَّ لَكَ وَمَاۤ اَمْلِكُ لَكَ مِنَ اللّٰهِ مِنْ شَیْءٍ ؕ— رَبَّنَا عَلَیْكَ تَوَكَّلْنَا وَاِلَیْكَ اَنَبْنَا وَاِلَیْكَ الْمَصِیْرُ ۟
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! සැබැවින්ම ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා හා ඔහු සමග වූ දේව විශ්වාසීන් දේවත්වය ප්රතික්ෂේප කළ ඔවුන්ගේ ජනයාට: ‘නුඹලාගෙන් ද, අල්ලාහ් හැර නුඹලා නමදින පිළිමවලින් ද සැබැවින්ම අපි ඉවත් වන්නන් වෙමු. නුඹලා කවර දහමක සිටින්නේ ද එය අපි ප්රතික්ෂේප කළෙමු. අල්ලාහ් ව පමණක් නුඹලා විශ්වාස කොට ඔහුට කිසිවක් ආදේශ නොකරන තෙක් අප අතර හා නුඹලා අතර සතුරුකම හා පිළිකුළ හෙළි වී ඇත." යැයි පවසා සිටන අවස්ථාවේ නුඹලාට ඔවුන් තුළ පූර්වාදර්ශයක් විය. ඔවුන් මෙන් නුඹලා ද නුඹලාගේ දේව ප්රතික්ෂෙපකයින් ගෙන් ඉවත්වීම ද නුඹලාට එහි වීය. නමුත් ඉබ්රාහීම් අලයිහිස් සලාම් තුමා "ඔබ වෙනුවෙන් මා අල්ලාහ්ගෙන් පාපක්ෂමාව අයැද සිටිමි." යැයි තම පියාණන් වෙනුවෙන් කළ ප්රකාශයේ හැර. ඔහු සම්බන්ධයෙන් නුඹලා අනුකම්පා නොකරනු. ඉබ්රාහීම් අලයිහිස් සලාම් තුමා එසේ පවසා සිටියේ තම පියාණන් ගැන එතුමාගේ බලාපොරොත්තු සුන්වීමට පෙරය. දෙවියන්ට ආදේශ තබන කෙනෙකු වෙනුවෙන් දෙවියන්ගෙන් සමාව අයැද සිටීම දේව විශ්වාසී කෙනෙකුට සුදුසු නොවීය. අල්ලාහ්ගේ දඬුවමින් නුඹ ව වළක්වන්නට මට අයිතියක් නැත. අපගේ පරමාධිපතියාණනි! අපගේ සියලු කටයුතු වලදී අපි නුඹ වෙතම රැඳී සිටින්නෙමු. පාපක්ෂමාවෙහි නිරත ව නුඹ වෙතම යොමු වන්නෙමු. මළවුන් කෙරෙන් නැවත නැගිටුවනු ලබන දිනයේ නැවත යොමු වන ස්ථානය ඇත්තේ නුඹ වෙතය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبَّنَا لَا تَجْعَلْنَا فِتْنَةً لِّلَّذِیْنَ كَفَرُوْا وَاغْفِرْ لَنَا رَبَّنَا ۚ— اِنَّكَ اَنْتَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟
"අපගේ පරමාධිපතියාණනි, දෙවියන් ප්රතික්ෂේප කළවුන් අප මත ආධිපත්යය දරමින් ඔවුන්ගේ අර්බුධයට ඔබ අපව ලක් නොකරනු මැනව! එවිට ඔවුහු, ‘ඔවුන් සත්ය මත සිටියෙහු නම් ඔවුනට එරෙහිව අපි ආධිපත්යය නොදරන්නට තිබුණි’ යැයි පවසා සිටිනු ඇත. අපගේ පරමාධිපතියාණනි! අපගේ පාපකම්වලට අපට සමාව දෙනු මැනව. සැබැවින්ම නුඹ කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. නුඹේ මැවීම ආගමානුගත කිරීම හා නියමයෙහි නුඹ මහා ප්රඥාවන්තය." (යැයි පැවසීය)
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• تسريب أخبار أهل الإسلام إلى الكفار كبيرة من الكبائر.
•මුස්ලිම්වරුන්ගේ තොරතුරු දෙවියන් ප්රතික්ෂේප කරන ප්රචණ්ඩකාරීන් වෙත කාන්දු කිරීම මහා පාපයකි.

• عداوة الكفار عداوة مُتَأصِّلة لا تؤثر فيها موالاتهم.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ සතුරුකම, සහජ සතුරුකමකි. ඔවුන් සමග මිතුරුකම් පෑම හේතුවෙන් යහපත් බලපෑමක් ඇති කරන්නේ නැත.

• استغفار إبراهيم لأبيه لوعده له بذلك، فلما نهاه الله عن ذلك لموته على الكفر ترك الاستغفار له.
•ඉබ්රාහීම් අලයිහිස් සලාම් තුමා තම පියාණන් වෙනුවෙන් පාපක්ෂමාව ඇයැද සිටීම එතුමා ඔහුට දුන් පොරොන්දුවක් විය. ඔහු දේව ප්රතික්ෂේපය මත මිය යන විට අල්ලාහ් එය එතුමාට තහනම් කළ කල්හි ඔහු වෙනුවෙන් සමාව ඇයැද සිටීම එතුමා අතහැර දැමීය.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ሙምተሂና
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት