Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ሙጃደላ   አንቀጽ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِذَا نَاجَیْتُمُ الرَّسُوْلَ فَقَدِّمُوْا بَیْنَ یَدَیْ نَجْوٰىكُمْ صَدَقَةً ؕ— ذٰلِكَ خَیْرٌ لَّكُمْ وَاَطْهَرُ ؕ— فَاِنْ لَّمْ تَجِدُوْا فَاِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟
නබි තුමාණන්ගේ සහගාමීන් බහුතරයක් දෙනා එතුමාණන්ව අධික ලෙස මුණ ගැසෙන්නට පටන් ගත් කල්හි අල්ලාහ් මෙසේ පැවසීය: "අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා දූතයාණන් සමග රහසිගත පුද්ගලික කරණු කතා කරන්නට සිතන්නේ නම් නුඹලා පුද්ගලිකව එතුමා සමග කතා කිරීම සඳහා දානයක් පිළිගන්වනු. එසේ දානයක් පිළිගැන්වීම තුළ හදවත් පිරිසිදු කරන පරිදි අල්ලාහ්ට අවනත වීමක් ඇති බැවින් නුඹලාට එය උතුම්ය. එමෙන්ම වඩාත් පිවිතුරුය. එසේ දානයක් පිළිගැන්වීමට කිසිවක් නුඹලාට නොලැබුණේ නම් එසේ කිසිවක් පිළිනොගන්වා එතුමා සමග පුද්ගලික කතාවෙහි නිරතවීමෙහි වරදක් නැත. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්ගේ පාපකම්වලට පාපක්ෂමාව පිරිනමන්නාය. ඔවුනට ඉසිලිය හැකි දෑ පමණක් මිස වෙනත් කිසිවක් ඔවුන් මත නොපටවන සේ ඔහු ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ءَاَشْفَقْتُمْ اَنْ تُقَدِّمُوْا بَیْنَ یَدَیْ نَجْوٰىكُمْ صَدَقٰتٍ ؕ— فَاِذْ لَمْ تَفْعَلُوْا وَتَابَ اللّٰهُ عَلَیْكُمْ فَاَقِیْمُوا الصَّلٰوةَ وَاٰتُوا الزَّكٰوةَ وَاَطِیْعُوا اللّٰهَ وَرَسُوْلَهٗ ؕ— وَاللّٰهُ خَبِیْرٌ بِمَا تَعْمَلُوْنَ ۟۠
දූතයාණන් සමග නුඹලා පුද්ගලිකව කතා කරන විට දානය පිළිගැන්වීම හේතුවෙන් දිළිඳුභාවයට නුඹලා බිය වන්නෙහු ද? අල්ලාහ් නියෝග කළ දෑ ඉටු කිරීමට නුඹලාට නොහැකි වූ විට එය අතහැර දැමීමට ඔහු නුඹලාට අවකාශය සලසා දී ඔහු නුඹලාට සමාව දුන්නේය. එහෙයින් නුඹලා සලාතය පූර්ණවත් පරිදි ඉටු කරනු. නුඹලාගේ ධනයෙන් සකාත් ගෙවනු. අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු. නුඹලා සිදු කරන දෑ පිළිබඳ සියලු තොරතුරු අල්ලාහ් දන්නේය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැගවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَمْ تَرَ اِلَی الَّذِیْنَ تَوَلَّوْا قَوْمًا غَضِبَ اللّٰهُ عَلَیْهِمْ ؕ— مَا هُمْ مِّنْكُمْ وَلَا مِنْهُمْ ۙ— وَیَحْلِفُوْنَ عَلَی الْكَذِبِ وَهُمْ یَعْلَمُوْنَ ۟ۚ
අහෝ දූතය! ප්රතික්ෂේපය හා පිටුපෑම හේතුවෙන් අල්ලාහ්ගේ කෝපයට ලක් වූ යුදෙව්වන් තම මිතුරන් ලෙස ගත් කුහකයින් නුඹ නොදුටුවෙහි ද? එම කුහකයින් දේව විශ්වාසීන් සමගත් නැත. යුදෙව්වන් සමගත් නැත. ඔවුහු ඔවුන් වෙතත් මොවුන් වෙතත් කට්ටිපනිමින් කටයුතු කරති. සැබැවින්ම තමන් මුස්ලිම්වරුන් බවත් මුස්ලිම්වරුන්ගේ තොරතුරු යුදෙව්වන්ට දන්වා නොසිටින බවත් සහතික කර පවසති. නමුත් ඔවුන්ගේ දිවුරුමෙහි ඔවුන් බොරුකාරයෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَعَدَّ اللّٰهُ لَهُمْ عَذَابًا شَدِیْدًا ؕ— اِنَّهُمْ سَآءَ مَا كَانُوْا یَعْمَلُوْنَ ۟
මතුලොවෙහි ඔවුනට දැඩි දඬුවමක් අල්ලාහ් සූදානම් කර ඇත. එය ඔවුන් නිරා ගින්නේ පහත්ම තලයට ඇතුළත් කිරීමෙනි. මෙලොවෙහි ඔවුන් සිදුකරමින් පැමිණි දෙවියන් ප්රතික්ෂේප කරන ක්රියාවන් අශීලාචාරය විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِتَّخَذُوْۤا اَیْمَانَهُمْ جُنَّةً فَصَدُّوْا عَنْ سَبِیْلِ اللّٰهِ فَلَهُمْ عَذَابٌ مُّهِیْنٌ ۟
දේව ප්රතික්ෂේපය හේතුකොට ගෙන තමන් ඝාතනය කරනු ලැබීමට බියෙන් දිවුරා පවසන්නට ගත්තෝය. ඔවුන්ගේ රුධිරය හා ඔවුන්ගේ ධනය ඔවුන් ආරක්ෂා කරනු පිණිස එසේ දිවුරා ඔවුන් ඉස්ලාමය මතුපිටින් පෙන්වීය. මුස්ලිම්වරුන් අධෛර්යට පත් කිරීමටත්, ඔවුන් දුර්වල කිරීමටත්, ඔවුන් කටයුතු කරමින් සිටි බැවින් ඔවුන් මිනිසුන් වෙනතකට යොමු කරන්නට තැත් කළෝය. ඔවුන් අවමානයට හා අපහාසයට පත් කරන නින්දනීය දඬුවමක් ඔවුනට ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَنْ تُغْنِیَ عَنْهُمْ اَمْوَالُهُمْ وَلَاۤ اَوْلَادُهُمْ مِّنَ اللّٰهِ شَیْـًٔا ؕ— اُولٰٓىِٕكَ اَصْحٰبُ النَّارِ ؕ— هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟
ඔවුන්ගේ ධනය හෝ ඔවුන්ගේ දරුවන් අල්ලාහ්ගෙන් වූ කිසිවකට ප්රයෝජනවත් නොවීය. ඔවුන් නිරා ගින්නේ වැසියෝ වෙති. ඔවුන් එහි පිවිස සදා රුඳෙති. ඔවුන්ගෙන් දඬුවම විසන්ධි කරනු නොලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَوْمَ یَبْعَثُهُمُ اللّٰهُ جَمِیْعًا فَیَحْلِفُوْنَ لَهٗ كَمَا یَحْلِفُوْنَ لَكُمْ وَیَحْسَبُوْنَ اَنَّهُمْ عَلٰی شَیْءٍ ؕ— اَلَاۤ اِنَّهُمْ هُمُ الْكٰذِبُوْنَ ۟
අල්ලාහ් සියල්ලන් යළි අවදි කරන දින ප්රතිඵල පිරිනැමීම සඳහා ඔවුන් අතරින් කිසිවෙකු අවදි නොකරවා අතහැර දමන්නේ නැත. සැබැවින්ම තමන් දේව ප්රතික්ෂේපයේ හා කුහකත්වයේ නොසිටි බවත්, සැබැවින්ම තමන් අල්ලාහ්ට තෘප්තිය ගෙන දෙන දෑ ඉටු කරන දේව විශ්වාසීන් ලෙස සිටි බවත්, අල්ලාහ්ට දිවුරා පවසති. අහෝ විශ්වාස කළවුනි! සැබැවින්ම තමන් මුස්ලිම්වරුන් යැයි මෙලොවෙහි ඔවුන් නුඹලාට දිවුරා සිටියාක් මෙන් මතුලොවෙහි ඔහුට ඔවුහු දිවුරා සිටිති. සැබැවින්ම ඔවුන් අල්ලාහ්ට දිවුරා සිටින මෙම දිවුරුම තමන්ට යම් යහපතක් ගෙන දෙන හෝ අයහපත තමන්ගෙන් වළක්වන බව සිතති. දැන ගනු! මෙලොවෙහි ඔවුන් කළ දිවුරුමෙහි හා මතුලොව ඔවුන් කළ දිවුරුමෙහි ඔවුන් සැබෑ ලෙසින්ම මුසාවාදීහු වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِسْتَحْوَذَ عَلَیْهِمُ الشَّیْطٰنُ فَاَنْسٰىهُمْ ذِكْرَ اللّٰهِ ؕ— اُولٰٓىِٕكَ حِزْبُ الشَّیْطٰنِ ؕ— اَلَاۤ اِنَّ حِزْبَ الشَّیْطٰنِ هُمُ الْخٰسِرُوْنَ ۟
ෂෙයිතාන් ඔවුන් මත ආධිපත්යය දැරීය. ඔහුගේ කුකුස හේතුවෙන් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් ඔවුන්ව වැළැක්වීය. එහෙයින් ඔහු පිළිගන්නා දෑ ඔවුහු නොකළෝය. ඔවුන් සිදු කළේ ඔහුට කෝපය ඇති කරන දෑය. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවූහු ඉබ්ලීස්ගේ සේනාව හා ඔහු ව අනුගමනය කළවුන් වෙති. දැනගනු! සැබැවින්ම ඉබ්ලීස්ගේ සේනාව හා ඔහු ව අනුගමනය කළවුන් වනාහි මෙලොව හා මතුලොව පරාජිතයෝ වෙති. සැබැවින්ම ඔවුන් මුළාව වෙනුවට යහමගත් නිරය වෙනුවට ස්වර්ගයත් විකුණා දැමීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ یُحَآدُّوْنَ اللّٰهَ وَرَسُوْلَهٗۤ اُولٰٓىِٕكَ فِی الْاَذَلِّیْنَ ۟
සැබැවින්ම අල්ලාහ්ට සතුරු වූවන් හා ඔහුගේ දූතයාණන්ට සතුරු වූවන් වනාහි, මෙලොවෙහි හා මතුලොවෙහි අල්ලාහ් අවමානයට ලක් කළ පිරිස අතර ද, ඔහු නින්දාවට පත් කළ දේව ප්රතික්ෂේපිත සමූහයා අතර ද වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَتَبَ اللّٰهُ لَاَغْلِبَنَّ اَنَا وَرُسُلِیْ ؕ— اِنَّ اللّٰهَ قَوِیٌّ عَزِیْزٌ ۟
අල්ලාහ් ඔහුගේ පූර්ව දැනුමෙහි, ‘අපගේ සතුරන්ට එරෙහිව මා හා මාගේ දූතයාණන් සැබැවින්ම ජය ගන්නෙමු' යැයි අල්ලාහ් තීන්දු කළේය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ දූතයාණන්ට උදව් කිරීමට ශක්තිය ඇත්තාය. සර්වබලධාරීය. ඔවුන්ගේ සතුරන්ගෙන් ඔහු පළි ගනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• لطف الله بنبيه صلى الله عليه وسلم؛ حيث أدَّب صحابته بعدم المشقَّة عليه بكثرة المناجاة.
•අධික ලෙස කතා කිරීම තුළින් නබිතුමන් දුෂ්කරතාවයට පත් නොවන සේ ඔහුගේ සගයින්හට විනය කියා දී අල්ලාහ් තම නබිවරයාට පෙන් වූ සෙනෙහස.

• ولاية اليهود من شأن المنافقين.
•යුදෙව්වන් සමග ඇති කරගන්නා මිතුරුකම කුහකයින්ගේ කටයුත්තකි.

• خسران أهل الكفر وغلبة أهل الإيمان سُنَّة إلهية قد تتأخر، لكنها لا تتخلف.
•දේවත්වය ප්රතික්ෂේප කරන්නන්ගේ පරාජය හා දේවත්වය විශ්වාස කරන්නන්ගේ ජයග්රහණය. එය දේව පිළිවෙතය. එය ප්රමාද වුව ද එහි වෙනසක් සිදු වන්නේ නැත.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ሙጃደላ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት