Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ሙጃደላ   አንቀጽ:
اَلَمْ تَرَ اَنَّ اللّٰهَ یَعْلَمُ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— مَا یَكُوْنُ مِنْ نَّجْوٰی ثَلٰثَةٍ اِلَّا هُوَ رَابِعُهُمْ وَلَا خَمْسَةٍ اِلَّا هُوَ سَادِسُهُمْ وَلَاۤ اَدْنٰی مِنْ ذٰلِكَ وَلَاۤ اَكْثَرَ اِلَّا هُوَ مَعَهُمْ اَیْنَ مَا كَانُوْا ۚ— ثُمَّ یُنَبِّئُهُمْ بِمَا عَمِلُوْا یَوْمَ الْقِیٰمَةِ ؕ— اِنَّ اللّٰهَ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟
සැබැවින්ම අල්ලාහ් අහස්හි ඇති දෑ දනියි. එමෙන්ම මහපොළොවේ ඇති දෑ ද දනී. ඒ දෙකෙහි ඇති කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. තිදෙනෙකුගේ රහසිගත කතාවක ඒ ගැන දන්නා සිව්වැන්නා ලෙස අල්ලාහ් සිටියි. එමෙන්ම පස් දෙනෙකුගේ රහසිගත කතාවක ඒ ගැන දන්නා සයවැන්නා ලෙස අල්ලාහ් සිටියි. එම සංඛ්යාව අඩු වුව ද ඊට වඩා වැඩි වුව ද ඔවුන් කොතැනක සිටිය ද ඒ ගැන දැනුවත්ව ඔවුන් සමගම ඔහු සිටියි. ඔවුන්ගේ කිසිදු කතාවක් ඔහුට සැඟවෙන්නේ නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සිදු කළ දෑ පිළිබඳ සියලු තොරතුරු ඔහු ඔවුනට දන්වා සිටියි. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ දන්නාය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَمْ تَرَ اِلَی الَّذِیْنَ نُهُوْا عَنِ النَّجْوٰی ثُمَّ یَعُوْدُوْنَ لِمَا نُهُوْا عَنْهُ وَیَتَنٰجَوْنَ بِالْاِثْمِ وَالْعُدْوَانِ وَمَعْصِیَتِ الرَّسُوْلِ ؗ— وَاِذَا جَآءُوْكَ حَیَّوْكَ بِمَا لَمْ یُحَیِّكَ بِهِ اللّٰهُ ۙ— وَیَقُوْلُوْنَ فِیْۤ اَنْفُسِهِمْ لَوْلَا یُعَذِّبُنَا اللّٰهُ بِمَا نَقُوْلُ ؕ— حَسْبُهُمْ جَهَنَّمُ ۚ— یَصْلَوْنَهَا ۚ— فَبِئْسَ الْمَصِیْرُ ۟
අහෝ ධර්ම දූතය! යුදෙව්වන් දේවත්වය විශ්වාස කරන අයෙකු දුටු විට රහසිගතව එකිනෙකා කතා කරනු ඔබ නොදුටුවෙහි ද? එසේ රහසින් කතා කිරීම අල්ලාහ් ඔවුනට තහනම් කළේය. ඉන්පසුවත් අල්ලාහ් ඔවුනට තහනම් කළ දෑ වෙත ඔවුහු නැවත යොමු වෙති. ඔවුන් අතර දේවත්වය විශ්වාස කරන ජනයා පිළිබඳ අඩුපාඩුකම් ඔවුනට විරුද්ධ කටයුතු හා දූතයාණන්හට පිටුපෑම වැනි පාපතර රහස් සාකච්ඡාවන්හි ඔවුහු නිරත වෙති. අහෝ ධර්ම දූතය! ඔවුන් නුඹලා වෙත පැමිණි විට අල්ලාහ් නුඹට සුභ නොපතන දැයින් ඔවුහු නුඹට සුභ පතති. එය ඔවුන් ඔබට මරණය අපේක්ෂා කරමින් ‘අස්සාම් අලයික’ යනුවෙන් පවසමිනි. නබි (සල්ලල්ලාහු අලයිහ් වසල්ලම්) තුමාණන්ව බොරු කරමින්, ‘අප පවසන දෑ සඳහා අල්ලාහ් අපට දඬුවම් කළ යුතු නොවේ ද? සැබැවින්ම තමන් නබිවරයෙකු බව ඔහු කරන වාදයෙහි ඔහු සත්යවාදියෙකු නම් ඔහු ගැන අප කතා කරන දෑ හේතුවෙන් අපහට අල්ලාහ් දඬුවම් කරනු ඇතැ’යි හාස්යයෙන් කතා කරති. ඔවුන් පවසා සිටින දෑ සඳහා දඬුවම් වශයෙන් ඔවුනට නිරය ප්රමාණවත් වේ. එහි උෂ්ණය ඔවුහු විදිති. ඔවුන් යොමු වන ස්ථානය ඉතා පිළිකුල් සහගතය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِذَا تَنَاجَیْتُمْ فَلَا تَتَنَاجَوْا بِالْاِثْمِ وَالْعُدْوَانِ وَمَعْصِیَتِ الرَّسُوْلِ وَتَنَاجَوْا بِالْبِرِّ وَالتَّقْوٰی ؕ— وَاتَّقُوا اللّٰهَ الَّذِیْۤ اِلَیْهِ تُحْشَرُوْنَ ۟
අහෝ අල්ලාහ් ව විශ්වාස කොට ඔහු ආගමානුගත කළ දෑ අනුගමනය කරන්නනි! පාපය, සතුරුකම හා දූතයාණන්ට පිටුපෑම යනාදී කරුණු නුඹලා අතර රහසින් සාකච්ඡා කොට නුඹලා යුදෙව්වන් බවට පත් නොවනු. අල්ලාහ්ට අවනත වීම ඔහුට පාපකම් කිරීමෙන් වැළැක්වීම යනාදී කරුණු නුඹලා අතර සාකච්ඡා කරනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට බැතිමත් ව කටයුතු කරනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා රැස් කරනු ලබනුයේ ඔහු වෙතමය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّمَا النَّجْوٰی مِنَ الشَّیْطٰنِ لِیَحْزُنَ الَّذِیْنَ اٰمَنُوْا وَلَیْسَ بِضَآرِّهِمْ شَیْـًٔا اِلَّا بِاِذْنِ اللّٰهِ ؕ— وَعَلَی اللّٰهِ فَلْیَتَوَكَّلِ الْمُؤْمِنُوْنَ ۟
සැබැවින්ම පාපකම, සතුරුකම හා දූතයාණන්ට විරුද්ධවීම යනාදී කරුණු ඇතුළත් රහසිගත සාකච්ඡා වනාහි ෂෙයිතාන් විසින් තම මිතුරන් සඳහා අලංකරණය කරන ලද හා කුකුස් ඇති කරන ලද්දක් වේ. එය සැබැවින්ම දේව විශ්වාසීන්ට සමීප ව සිට ඔවුනට දුක ගෙන දෙනු පිණිසය. ෂෙයිතාන් හෝ ඔහුගේ අලංකරණය අල්ලාහ්ගේ අභිමතය හා කැමැත්ත නොමැති ව කිසිවකින් දේව විශ්වාසීන්ට හානියක් ඇති නොවන්නේය. තවද දේව විශ්වාසීන් ඔවුන්ගේ සියලු කටයුතු වලදී අල්ලාහ් මත රැඳී සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِذَا قِیْلَ لَكُمْ تَفَسَّحُوْا فِی الْمَجٰلِسِ فَافْسَحُوْا یَفْسَحِ اللّٰهُ لَكُمْ ۚ— وَاِذَا قِیْلَ انْشُزُوْا فَانْشُزُوْا یَرْفَعِ اللّٰهُ الَّذِیْنَ اٰمَنُوْا مِنْكُمْ ۙ— وَالَّذِیْنَ اُوْتُوا الْعِلْمَ دَرَجٰتٍ ؕ— وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ خَبِیْرٌ ۟
අහෝ අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනුව කටයුතු කළවුනි! ‘සභාවන්හි විවෘත වනු යැයි නුඹලාට පවසනු ලැබූ විට නුඹලා එහි විවෘත වූයෙහුය. නුඹලාගේ මෙලොව හා මතුලොව ජීවිතයේ ඔහු නුඹලාට විවෘත කර දෙනු ඇත. උසස් අය වාඩි වීම සඳහා ඇතැම් සභාවන්ගෙන් නැගී සිටින මෙන් නුඹලාට පවසනු ලැබූ විට එයින් නුඹලා නැගී සිටියහ. නුඹලා අතරින් විශ්වාස කළවුන් හා දැනුම දෙනු ලැබූවන් මහඟු තරාතිරම්වලින් අල්ලාහ් උසස් කර ඇත. නුඹලා සිදු කරන දෑහි තොරතුරු අල්ලාහ් දන්නාය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• مع أن الله عالٍ بذاته على خلقه؛ إلا أنه مطَّلع عليهم بعلمه لا يخفى عليه أي شيء.
•අල්ලාහ් ඔහුගේ මැවීම්වලට වඩා පැවැත්මෙන් උසස් මෙන්ම, තම ප්රඥාවෙන් සැබැවින්ම ඔහු ඔවුන් කෙරෙහි නිරීක්ෂා කරන්නාය. ඔහු වෙත කිසිවක් සැගවෙන්නේ නැත.

• لما كان كثير من الخلق يأثمون بالتناجي أمر الله المؤمنين أن تكون نجواهم بالبر والتقوى.
•මැවීම් අතරින් බොහෝ දෙනා අයුතු ලෙස රහසිගත සාකච්ඡාවල නිරත වී පාපකම් උපයමින් සිටියදී ඔවුන්ගේ එම රහස් සාකච්ඡා තුළ යහපත හා දේව සවිඥානකත්වය ඇති කරන දෑ කතා කරන්නැයි දේව විශ්වාසී ජනයාට අල්ලාහ් නියෝග කර සිටියේය.

• من آداب المجالس التوسيع فيها للآخرين.
•සභාගර්භයන්හි සෙසු අය සඳහා ඉඩ ප්රස්ථාව ලබා දීම හා විවෘත වීම විනයකි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ሙጃደላ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት