Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-ማኢዳህ   አንቀጽ:
اُحِلَّ لَكُمْ صَیْدُ الْبَحْرِ وَطَعَامُهٗ مَتَاعًا لَّكُمْ وَلِلسَّیَّارَةِ ۚ— وَحُرِّمَ عَلَیْكُمْ صَیْدُ الْبَرِّ مَا دُمْتُمْ حُرُمًا ؕ— وَاتَّقُوا اللّٰهَ الَّذِیْۤ اِلَیْهِ تُحْشَرُوْنَ ۟
ජලජ සතුන් දඬයම් කිරීම හා පදිංචිකරුවන්ට මෙන්ම මගීන්ට තම ගමන්මලු සකසා ගැනීමේදී ප්රයෝජනවත් වනු පිණිස මහ මුහුද ඔබට ලබා දෙන ජීවී හෝ අජීවි දෑ ද අල්ලාහ් ඔබට අනුමත කර ඇත. නමුත් හජ් හා උම්රාහි ඉහ්රාම් තත්ත්වයේ සිටින තාක්කල් ගොඩ බිම සතුන් දඬයම් කිරීම ඔබට තහනම් කළේය. අල්ලාහ්ගේ නියෝග පිළිපැඳ ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට බැතියෙන් යුතු ව කටයුතු කරන්න. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ යොමු වනුයේ ඔහු වෙත පමණය. ඔබේ ක්රියාවන් සඳහා ඔහු ඔබට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
جَعَلَ اللّٰهُ الْكَعْبَةَ الْبَیْتَ الْحَرَامَ قِیٰمًا لِّلنَّاسِ وَالشَّهْرَ الْحَرَامَ وَالْهَدْیَ وَالْقَلَآىِٕدَ ؕ— ذٰلِكَ لِتَعْلَمُوْۤا اَنَّ اللّٰهَ یَعْلَمُ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ وَاَنَّ اللّٰهَ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟
මිනිසුන් වෙනුවෙන් කටයුතු කරන ශුද්ධ වූ නිවසක් ලෙස අල්ලාහ් කඃබා ව ඇති කළේය. සලාතය හජ් හා උම්රා වැනි ඔවුන්ගේ ආගමික යහපත සඳහා එය ක්රියා කරන අතරම හරම් සීමාව තුළ ආරක්ෂාව හා සියලු ආහාර වර්ග ඒ වෙත එකතු කිරීම වැනි ලෞකික යහපත සඳහා ද එය ක්රියා කරනු ඇත. ශුද්ධ වූ මාස (එනම් දුල් කඃදා, දුල් හිජ්ජා, මුහර්රම් හා රජබ්) සෙස්සන් සමග සටන් කිරීමෙන් තමන් ආරක්ෂා කරන්නක් ලෙස කටයුතු කරයි. තවද හරම් සීමා වෙත ගෙන යනු ලබන කැපයට නියමිත සතුන්ද සලකුණු තබන ලද සතුන්ද යම් හානියකින් තමන්ට බාධා පමුණුවීමෙන් එම අදාළ පුද්ගලයා ආරක්ෂා කරනු පිණිස කටයුතු කරයි. මෙය අල්ලාහ් ඔබ වෙත පිරිනමා ඇත්තේ සැබැවින්ම අල්ලාහ් අහස්හි හා මහපොළොවේ ඇති සියල්ල පිළිබඳ මැනවින් දන්නා බව ඔබ වටහා ගනු පිණිසය. තවද නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය. ඒ සඳහා ඔහු එවැනි දෑ ආගමානුගත කර ඇත්තේ ඔබට යහපත ගෙන දෙනු පිණිස හා ඔබට හානියක් අත්වන්නට පෙර ඔබෙන් එම හානිය වළක්වනු පිණිසය. ගැත්තන්හට යහපත් වන්නේ කුමක්දැයි යන්න පිළිබඳ ඔහුගේ දැනුමට එය සාධකයක් වේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِعْلَمُوْۤا اَنَّ اللّٰهَ شَدِیْدُ الْعِقَابِ وَاَنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟ؕ
අහෝ! මිනිසුනි, තමන්ට පිටුපා කටයුතු කරන්නන්හට අල්ලාහ් දඬුවම් දීමේදී ඉතා දැඩිය. තමන් වෙත පසුතැවිලි වී යොමුවන්නන්හට අතික්ෂමාශීලීය. එමෙන්ම මහා කාරුණිකය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَا عَلَی الرَّسُوْلِ اِلَّا الْبَلٰغُ ؕ— وَاللّٰهُ یَعْلَمُ مَا تُبْدُوْنَ وَمَا تَكْتُمُوْنَ ۟
තමන්ට කවර දෙයක් ප්රචාරය කරන මෙන් අල්ලාහ් නියෝග කර ඇත්තේද එය හැර වෙනත් දෙයක් ප්රචාරය කිරීමට දූතයාණන්හට පැවරී නැත. ජනයා යහමග වෙත ගෙන යාමේ ආශිර්වාදය ද එතුමාණන්ට නැත. එය ඇත්තේ අල්ලාහ්ගේ අතෙහි පමණය. ඔබ මතුපිටින් ක්රියා කරන දෑ ද යහමග හෝ මුළාව ඔබ තුළ සඟවා සිටින දෑ ද ඔහු මැනවින් දනියි. ඒ අනුව ඔහු ඔබට මතු ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ لَّا یَسْتَوِی الْخَبِیْثُ وَالطَّیِّبُ وَلَوْ اَعْجَبَكَ كَثْرَةُ الْخَبِیْثِ ۚ— فَاتَّقُوا اللّٰهَ یٰۤاُولِی الْاَلْبَابِ لَعَلَّكُمْ تُفْلِحُوْنَ ۟۠
අහෝ! දූතය, සෑම දෙයකම අයහපත් දෑ, එය ඔබ ව අධික ලෙස මවිතයට පත් කළ ද සෑම දෙයකම යහපත් දෑ සමග සම නොවන්නේය. එය ඔබ අධික ව කළ විට එහි මහිමය පෙන්වා නොදෙනු ඇත. එහෙයින් බුද්ධිමතුනි, ස්වරගයේ ජයග්රහණය ඔබ ලබනු පිණිස අයහපත් දෑ අතහැර යහපත් දෑ සිදුකරමින් අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කරන්න.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَسْـَٔلُوْا عَنْ اَشْیَآءَ اِنْ تُبْدَ لَكُمْ تَسُؤْكُمْ ۚ— وَاِنْ تَسْـَٔلُوْا عَنْهَا حِیْنَ یُنَزَّلُ الْقُرْاٰنُ تُبْدَ لَكُمْ ؕ— عَفَا اللّٰهُ عَنْهَا ؕ— وَاللّٰهُ غَفُوْرٌ حَلِیْمٌ ۟
අහෝ විශ්වාස කළවුනි! ඔබට ප්රයෝජනයක් නැති කරුණු පිළිබඳ ඔබේ ධර්ම දූතයාණන්ගෙන් නොවිමසනු. එය ඔබේ ආගමික කටයුතු වලදී ඔබට ප්රයෝජනවත් නොවන්නේය. ඔබට යම් දෙයක් හෙළි වූයේ නම්, එහි ඇති දුෂ්කරතාව හේතුවෙන් ඔබ නිරායාසයට පත් වනු ඇත. අල්ලාහ්ගේ දූතයාණන්හට වහී පහළ වන මොහොතේ විමසීමට තහනම් කරන ලද කරුණක් පිළිබඳ ඔබ විමසා සිටියෙහු නම්, එය ඔබට පැහැදිලි කර දෙනු ලැබේ. එය අල්ලාහ්ට පහසු කාර්යයකි. අල් කුර්ආනය නිහඬ ව සිටි කරුණු සම්බන්ධයෙන් අල්ලාහ් නොසලකා හරින්නේය. එහෙයින් ඒ ගැන නොවිමසනු. සැබැවින්ම ඒ ගැන ඔබ විමසා සිටියෙහු නම් ඔබ වෙත එහි නීති අනුගමනය කරන්නට සිදු වනු ඇත. අල්ලාහ් වනාහි, ඔහුගේ ගැත්තන් ඔහු වෙත පශ්චාත්තාපයේ නිරත ව සමාව අයැද සිටි විට, අල්ලාහ් ඔවුන්ගේ පාපකම්වලට අතිශය සමාව දෙන්නාය. ඒ හේතුවෙන් ඔවුනට දඬුවම් කිරීමෙන් ඔහු ඉවසන සුළුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَدْ سَاَلَهَا قَوْمٌ مِّنْ قَبْلِكُمْ ثُمَّ اَصْبَحُوْا بِهَا كٰفِرِیْنَ ۟
ඔබට පෙර විසූ ජනයා ද මෙවැනිම ප්රශ්න විමසා සිටියෝය. ඔවුනට එවන් දුෂ්කරතා පැවරෙන කල්හි ඔවුන් එය ක්රියාත්මක නොකළෝය. ඒ හේතුවෙන් දෙවියන්ට ප්රතික්ෂේප කරන්නන් බවට ඔවුහු පත් වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَا جَعَلَ اللّٰهُ مِنْ بَحِیْرَةٍ وَّلَا سَآىِٕبَةٍ وَّلَا وَصِیْلَةٍ وَّلَا حَامٍ ۙ— وَّلٰكِنَّ الَّذِیْنَ كَفَرُوْا یَفْتَرُوْنَ عَلَی اللّٰهِ الْكَذِبَ ؕ— وَاَكْثَرُهُمْ لَا یَعْقِلُوْنَ ۟
ගොවිපළ සතුන් අල්ලාහ් අනුමත කර ඇත. දෙවියන්ට ආදේශ තබන්නන් තම පිළිම සඳහා කැප කිරීමට අල් බහීරා (නියමිත ඔටු පැටුවන් ගණනක් බිහි කළ විට උගේ කන කපා හරින ලද ඔටු දෙන) අස්සාඉබා (නියමිත වයස් සීමාවට පැමිණි විට ඔවුන්ගේ පිළිම සඳහා අතහැර දමන ලද ඔටු දෙන), අල් වසීලා (ගැහැනු පැටුවන් ගෙන් ගැහැනු පැටවුන් බිහි කළ ඔටු දෙන) අල්හාමි (නියමිත ඔටු ගණනක් බිහි කිරීමට හේතු වුණු පිරිමි ඔටුවා) වැනි ඔටු වර්ග තහනම් කළාක් මෙන් ඉන් කිසිවක් අල්ලාහ් තහනම් නොකළේය. නමුත් දේව ප්රතික්ෂේපකයෝ ඉහත සඳහන් වර්ග අල්ලාහ් විසින් තහනම් කරනු ලැබ ඇතැයි යන අවලාදය හා බොරුව විශ්වාස කළෝය. දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගෙන් බහුතරයක් දෙනා සත්ය හා අසත්ය අතරත් අනුමත හා තහනම් දෑ අතරත් වෙන් කර කටයුතු නොකරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الأصل في شعائر الله تعالى أنها جاءت لتحقيق مصالح العباد الدنيوية والأخروية، ودفع المضار عنهم.
•සැබැවින්ම අල්ලාහ්ගේ ආගමික සලකුණු වල පදනම වනුයේ, සැබැවින්ම ඒවා පැමිණ ඇත්තේ ගැත්තන්ගේ මෙලොව හා මතුලොව යහපත තහවුරු කිරීම පිණිස හා ඔවුන්ගෙන් හානිදායක දෑ වළක්වනු පිණිසය.

• عدم الإعجاب بالكثرة، فإنّ كثرة الشيء ليست دليلًا على حِلِّه أو طِيبه، وإنما الدليل يكمن في الحكم الشرعي.
• අධිකත්වය පදනම් කරමින් හාස්යයට පත් නොවිය යුතුය. සැබැවින්ම අධික වස්තුව එය අනුමත බව හෝ යහපත් බව හෝ පෙන්වා දෙන්නක් නොවේ. එසේ පෙන්වා දීමට හැකිවනුයේ ආගමික තීන්දුව තුළ පමණය.

• من أدب المُسْتفتي: تقييد السؤال بحدود معينة، فلا يسوغ السؤال عما لا حاجة للمرء ولا غرض له فيه.
• තීන්දු පතන්නන්ගේ විනය විය යුත්තේ, නියමිත සීමාවන් තුළ පමණක් ප්රශ්නය සැලසුම් කිරීමය. පුද්දලයකු අවශ්යතාවක් නොමැති. එහි ඔහුට කිසිදු අභිලාෂයක් නොමැති දෑ පිළිබඳ ප්රශ්න කිරීම යුක්තිසහගත නොවන්නේය.

• ذم مسالك المشركين فيما اخترعوه وزعموه من محرمات الأنعام ك: البَحِيرة، والسائبة، والوصِيلة، والحامي.
•බහීරා, සාඉබා, වසීලා හා හාමී වැනි වර්ගයට අයත් ගොවිපළ සතුන් තහනම් කරන ලද සතුන් යැයි දේවත්වයට ආදේශ කරන්නන් උපකල්පනය කිරීමේ දී හා විශ්වාස කිරීමේ දී ඔවුන්ගේ අපකීර්තිමත් ගමන.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-ማኢዳህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት