Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አን-ነሕል   አንቀጽ:
وَمَاۤ اَرْسَلْنَا مِنْ قَبْلِكَ اِلَّا رِجَالًا نُّوْحِیْۤ اِلَیْهِمْ فَسْـَٔلُوْۤا اَهْلَ الذِّكْرِ اِنْ كُنْتُمْ لَا تَعْلَمُوْنَ ۟ۙ
අහෝ දූතය! නුඹට පෙර අප දේව පණිවිඩ දන්වා සිටීම සඳහා මිනිසුන් අතර පිරිමින් මිස වෙනත් කිසිවෙකු නොඑව්වෙමු. එසේ දූතවරුන් ලෙස අපි මලක්වරුන් ද නොඑව්වෙමු. මෙය අපගේ සුපුරුදු පිළිවෙතයි. සැබැවින්ම ඔවුන් මිනිසුන් බව නුඹලා නොදන්නෙහු නම් නුඹලා එය හෙළා දකින්නේ නම් පෙර පැමිණි ආගම් ලත් ජනයාගෙන් විමසා බලනු. සැබැවින්ම ඔවුන් මිනිසුන් මිස මලක්වරුන් නොවන බව ඔවුන් නුඹලාට දැනුම් දෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بِالْبَیِّنٰتِ وَالزُّبُرِ ؕ— وَاَنْزَلْنَاۤ اِلَیْكَ الذِّكْرَ لِتُبَیِّنَ لِلنَّاسِ مَا نُزِّلَ اِلَیْهِمْ وَلَعَلَّهُمْ یَتَفَكَّرُوْنَ ۟
එම මිනිස් දූතවරුන්, පැහැදිලි සාධක හා පහළ කරන ලද දිව්ය ග්රන්ථ සමග අපි එව්වෙමු. අහෝ දූතය! නුඹ ජනයාට පැහැදිලි කිරීමට අවශ්ය දෑ ඔවුනට පැහිදිලි කරනු පිණිස නුඹ වෙත අපි අල් කුර්ආනය පහළ කළෙමු. ඔවුන්ගේ බුද්ධිය භාවිත කර එහි අන්තර්ගතව ඇති කරුණු තුළින් ඔවුන් උපදෙස් ලැබිය හැකිවනු පිණිස.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَاَمِنَ الَّذِیْنَ مَكَرُوا السَّیِّاٰتِ اَنْ یَّخْسِفَ اللّٰهُ بِهِمُ الْاَرْضَ اَوْ یَاْتِیَهُمُ الْعَذَابُ مِنْ حَیْثُ لَا یَشْعُرُوْنَ ۟ۙ
අල්ලාහ්ගේ මාර්ගයෙන් ජනයා වැළැක්වීම සඳහා කුමන්ත්රණ සැළසුම් කළවුන්, කාරූන් පොළොවට ගිල ගනු ලැබුවාක් මෙන් අල්ලාහ් ඔවුන් ගිලෙන්නට සැලැස්වීම ගැන ඔවුන් සුරක්ෂිත ද? එසේ නැතහොත් දඬුවම පැමිණීම ගැන කිසිදු බලාපොරොත්තුවකින් තොර ව සිටි තත්ත්වයක එම දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුන් සුරක්ෂිත ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوْ یَاْخُذَهُمْ فِیْ تَقَلُّبِهِمْ فَمَا هُمْ بِمُعْجِزِیْنَ ۟ۙ
ඔවුන්ගේ ගමන්වලදී හෝ ඔවුන්ගේ ව්යාපාරික කටයුතුවලදී ඔවුන් නිරත ව, ඔබ මොබ සැරිසරන විට දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුන් සුරක්ෂිත ද? ඔවුන් එයින් මිදෙන්නන් හෝ වළක්වනු ලබන්නන් හෝ නොවෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوْ یَاْخُذَهُمْ عَلٰی تَخَوُّفٍ ؕ— فَاِنَّ رَبَّكُمْ لَرَءُوْفٌ رَّحِیْمٌ ۟
අල්ලාහ් ගැන ඔවුන් බියෙන් පසුවන තත්ත්වයේ ඔහුගේ දඬුවම ඔවුනට අත්වීම ගැන ඔවුන් අභයදායී වන්නෝ ද? සෑම තත්ත්වයකම ඔවුනට දඬුවම් කිරීමට අල්ලාහ් බලය ඇත්තාය. සැබැවින්ම නුඹලාගේ පරමාධිපති ඉතා සෙනෙහෙවන්තය මහා කාරුණිකය. තම ගැත්තන් පාපක්ෂමාවෙහි නිරත ව ඔහු වෙත යොමු වනු ඇතැයි යන අපේක්ෂාවෙන් ඔහු ඔවුනට දඬුවම ඉක්මන් නොකරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوَلَمْ یَرَوْا اِلٰی مَا خَلَقَ اللّٰهُ مِنْ شَیْءٍ یَّتَفَیَّؤُا ظِلٰلُهٗ عَنِ الْیَمِیْنِ وَالشَّمَآىِٕلِ سُجَّدًا لِّلّٰهِ وَهُمْ دٰخِرُوْنَ ۟
මෙම බොරුකාරයින් ඔහුගේ මැවීම් වෙත බලා කල්පනා නොකරන්නෙහු ද? ඒවායෙහි හෙවණ හිරුගේ චලනය අනුගමනය කරමින් දකුණටත් වමටත් නැඹුරු වෙයි. හිරුගේ ගමන දහවල උදා කරයි. සඳුට රාත්රිය හිමිය. ඒවා ඒවායෙහි පරමාධිපතියාණන්ට යටහත්ව යථාර්ථයෙන්ම ඔහුට සිරස නමමින් වැඳ වැටෙති. ඒවා ඔහුට වහල්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلِلّٰهِ یَسْجُدُ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ مِنْ دَآبَّةٍ وَّالْمَلٰٓىِٕكَةُ وَهُمْ لَا یَسْتَكْبِرُوْنَ ۟
අහස්හි පවතින සියලු දෑ ද, මහපොළොවේ පවතින සියලු සත්වයින් ද අල්ලාහ්ට පමණක් හිස නමා වැඳ වැටෙති. මලාඉකාවරුන් ද ඔහුට පමණක් හිස නමා වැඳ වැටෙති. අල්ලාහ්ට නැමදුම් කිරීමටත් ඔහුට යටත්වීමටත් ඔවුහු උඩඟු නොවෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَخَافُوْنَ رَبَّهُمْ مِّنْ فَوْقِهِمْ وَیَفْعَلُوْنَ مَا یُؤْمَرُوْنَ ۟
නිරන්තරයෙන් ඔවුන් ඔහුට නැමදුම් කරමින් හා අවනත වෙමින් සිටිනවාත් සමගම ඔහුගේ පැවැත්මෙන්, ඔහුගේ ආධිපත්යයෙන් හා ඔහුගේ බල මහිමයෙන් ඔවුනට ඉහළින් සිටින ඔවුන්ගේ පරමාධිපතිට ඔවුහු බිය වෙති. ඔවුන්ගේ පරමාධිපති ඔවුනට යටත් වන මෙන් කවර කරුණක් නියෝග කර ඇත්තේ ද ඒ අනුව ඔවුහු ක්රියා කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ اللّٰهُ لَا تَتَّخِذُوْۤا اِلٰهَیْنِ اثْنَیْنِ ۚ— اِنَّمَا هُوَ اِلٰهٌ وَّاحِدٌ ۚ— فَاِیَّایَ فَارْهَبُوْنِ ۟
ශුද්ධවන්ත අල්ලාහ් ඔහුගේ සියලුම ගැත්තන් හට, "නුඹලා නැමදුමට දෙදෙනෙකු නොගනු. සැබැවින්ම සැබෑ ලෙස නැමදුමට සුදුස්සා වන්නේ අල්ලාහ් පමණය. ඔහුට දෙවැනියෙකු නැත. ඔහුට කිසිදු හවුල්කරුවෙකු ද නැත. එහෙයින් නුඹලා මට පමණක් බිය වනු මා හැර වෙනත් කිසිවෙකුට බිය නොවනු" යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَهٗ مَا فِی السَّمٰوٰتِ وَالْاَرْضِ وَلَهُ الدِّیْنُ وَاصِبًا ؕ— اَفَغَیْرَ اللّٰهِ تَتَّقُوْنَ ۟
අහස්හි ඇති දෑ ද, මහපොළොවෙහි ඇති දෑ ද මැවීමෙන් පාලනය කිරීමෙන් හා සැලසුම් කිරීමෙන් ඔහුට පමණක් සතුය. අවනත වීම යටහත් වීම ස්ථාවර අවංකත්වය ඔහුට පමණක් සතු විය යුතුය. අල්ලාහ් නොවන දෑට නුඹලා බිය වන්නෙහු ද? නැත. එසේ නොව, නුඹලා ඔහුට පමණක් බියවනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا بِكُمْ مِّنْ نِّعْمَةٍ فَمِنَ اللّٰهِ ثُمَّ اِذَا مَسَّكُمُ الضُّرُّ فَاِلَیْهِ تَجْـَٔرُوْنَ ۟ۚ
අහෝ ජනයිනි! ආධ්යාත්මික වශයෙන් හෝ ලෞකික වශයෙන් හෝ කවර ආශිර්වාදයක් නුඹලා සමග තිබෙන්නේ ද එය ශුද්ධ වූ අල්ලාහ්ගෙන් මිස වෙනත් කිසිවකුගෙන් නොවේ. පසු ව නුඹලාට පරීක්ෂණයක් හෝ රෝගාබාධයක් හෝ දිළිඳුකමක් හෝ අත් වූ විට ඔහු වෙත පමණක් කණ්ණලව් කර යටහත් පහත් වනු. නුඹලාට අත් වූ ඉරණම ඔහු නුඹලාගෙන් පහ කරනු ඇත. එහෙයින් කවරෙකු ආශිර්වාද පිරිනමා අභාග්යවන්තකම ඉවත් කරන්නේ ද නැමදුම් ලබන්නට අනිවාර්යය වනුයේ ඔහු පමණය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ اِذَا كَشَفَ الضُّرَّ عَنْكُمْ اِذَا فَرِیْقٌ مِّنْكُمْ بِرَبِّهِمْ یُشْرِكُوْنَ ۟ۙ
පසුව නුඹලාගේ ප්රාර්ථනාවට ඔහු පිළිතුරු දී නුඹලාට අත් වූ උවදුරු ඉවත් කළ විට නුඹලා අතරින් පිරිසක් ඔවුන්ගේ පරමාධිපති සමග වෙනත් අය නමදිමින් ඔහුට ආදේශ කරති. මොනයම් ලැජ්ජා සහගත කටයුත්තක් ද මෙය?
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• على المجرم أن يستحي من ربه أن تكون نعم الله عليه نازلة في جميع اللحظات ومعاصيه صاعدة إلى ربه في كل الأوقات.
•වැරදිකරන්නන් තම පරමාධිපති ගැන ලැජ්ජා විය යුතු කරණක් වනුයේ සෑම මොහොතකම ඔහු කෙරෙහි අල්ලාහ්ගේ ආශිර්වාද පහළ කරමින් තිබියදී සෑම වේලාවකම ඔහුගේ පාපකම් තම පරමාධිපති වෙත ඉහළ යමින් තිබිමයි.

• ينبغي لأهل الكفر والتكذيب وأنواع المعاصي الخوف من الله تعالى أن يأخذهم بالعذاب على غِرَّة وهم لا يشعرون.
•දෙවියන් ප්රතික්ෂේප කරන, බොරු කරන, විවිධ පාපකම්වල නිරත වන අයවලුන් ඔවුන් ගෞරවයෙන් සිටිය දී ඔවුන් නොදැනුවත්වම අල්ලාහ් ඔවුන් දඬුවමින් ග්රහණය කිරීම ගැන ඔවුන් අල්ලාහ්ට බිය වීම අවශ්ය වේ.

• جميع النعم من الله تعالى، سواء المادية كالرّزق والسّلامة والصّحة، أو المعنوية كالأمان والجاه والمنصب ونحوها.
•පෝෂණ සම්පත්, සහනය හා ආරෝග්යය වැනි භෞතිකමය කරුණු හෝ වේවා ආරක්ෂාව, සරණය, තත්ත්වය හා වෙනත් ආධ්යාත්මික කරුණු හෝ වේවා ඒ සියලු ආශිර්වාද උත්තරීතර අල්ලාහ්ගෙන් හිමි වූ දෑ ය.

• لا يجد الإنسان ملجأً لكشف الضُّرِّ عنه في وقت الشدائد إلا الله تعالى فيضجّ بالدّعاء إليه؛ لعلمه أنه لا يقدر أحد على إزالة الكرب سواه.
•දුෂ්කර කාලවලදී ඇති වන උවදුරු ඉවත් කිරීම සඳහා උත්තරීතර අල්ලාහ් වෙත මිස සරණක් ලැබිය හැකි වෙනත් තැනක් මිනිසාට නැත. එහෙයින් ප්රාර්ථනා කොට ඔහු වෙත නැඹුරු විය යුතුය. ඔහු හැර අභාග්යය ඉවත් කිරිමට කිසිවෙකුට හැකියාව නොමැති බව ඔහු දැනගත යුතු වේ.

 
የይዘት ትርጉም ምዕራፍ: አን-ነሕል
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት