Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አን-ነሕል   አንቀጽ:
وَلَا تَتَّخِذُوْۤا اَیْمَانَكُمْ دَخَلًا بَیْنَكُمْ فَتَزِلَّ قَدَمٌ بَعْدَ ثُبُوْتِهَا وَتَذُوْقُوا السُّوْٓءَ بِمَا صَدَدْتُّمْ عَنْ سَبِیْلِ اللّٰهِ ۚ— وَلَكُمْ عَذَابٌ عَظِیْمٌ ۟
නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු ව රවටා දමන පරිදි වංචනික ලෙස නුඹලාගේ දිවුරුම් පත් කර නොගනු. නුඹලාගේ ආශාවන්ට අනුගත වෙමින් නුඹලා කැමති වේලාවක එය කඩ කිරීමටත් කැමති වේලාවක එය විනාශ කිරීමටත් තැත් නොකරනු. සැබැවින්ම නුඹලා එසේ කළේ නම් නුඹලා ඍජු මාර්ගයේ ස්ථාවරව සිටීමෙන් පසුව නුඹලාගේ පාද එයින් ලිස්සා යනු ඇත. අල්ලාහ්ගේ මාර්ගයෙන් නුඹලා නොමග ගිය බැවින් ද සෙසු අය ද නුඹලා ඉන් නොමඟ හැරිය බැවින් ද නුඹලා දඬුවම විඳවනු ඇත. නුඹලාට දඬුවම ගුණ කරමින් දෙනු ලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَشْتَرُوْا بِعَهْدِ اللّٰهِ ثَمَنًا قَلِیْلًا ؕ— اِنَّمَا عِنْدَ اللّٰهِ هُوَ خَیْرٌ لَّكُمْ اِنْ كُنْتُمْ تَعْلَمُوْنَ ۟
අල්ලාහ්ගේ ගිවිසුම කඩ කිරීමටත් එය ඉටු නොකර අතහැර දැමීමටත් නුඹලා අල්ප මිලකට එම ගිවිසුම හුවමාරු නොකරනු. නුඹලා ඒ ගැන දන්නෙහු නම් සැබැවින්ම එම ගිවිසුම කඩ කිරීම සඳහා නුඹලා ලබා ගන්නා අල්ප මිලට වඩා අල්ලාහ් අබියස ඇති උපකාරය ද මෙලොවෙහි ලැබෙන සම්පත් ද මතුලොවෙහි ඇති සදාතනික සැප පහසුකම් ද නුඹලාට උතුම් වන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَا عِنْدَكُمْ یَنْفَدُ وَمَا عِنْدَ اللّٰهِ بَاقٍ ؕ— وَلَنَجْزِیَنَّ الَّذِیْنَ صَبَرُوْۤا اَجْرَهُمْ بِاَحْسَنِ مَا كَانُوْا یَعْمَلُوْنَ ۟
අහෝ ජනයිනි! නුඹලා ළඟ ඇති ධනය වින්දනය හා සැප පහසුකම් අධික ව තිබුණ ද ඒවා අවසන් වී යන්නේය. අල්ලාහ් අබියස ඇති ප්රතිඵල සදා පවතින්නකි. ඉතිරි ව පවතින දෑට වඩා විනාශ වී යන දෑට නුඹලා වැදගත්කමක් දෙනුයේ කෙසේද? ගිවිසුම් මත ඉවසීමෙන් සිට එය කඩ නොකරන්නන්හට සැබැවින්ම අපි ප්රතිඵල පිරිනමන්නෙමු. ඔවුන්ගේ තිළිණ ඔවුන් අවනත වී ක්රියා කරමින් සිටි දෑට වඩා යහපත් වන්නේය. යහපතකට එවන් දස ගුණයක් තිළිණ අපි ඔවුනට පිරිනමන්නෙමු. එය ද හත්සීය ගුණය දක්වාත් ඊටත් වැඩියෙන් ද අධික ලෙස ගුණ කර දෙන්නෙමුෙ
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَنْ عَمِلَ صَالِحًا مِّنْ ذَكَرٍ اَوْ اُ وَهُوَ مُؤْمِنٌ فَلَنُحْیِیَنَّهٗ حَیٰوةً طَیِّبَةً ۚ— وَلَنَجْزِیَنَّهُمْ اَجْرَهُمْ بِاَحْسَنِ مَا كَانُوْا یَعْمَلُوْنَ ۟
පිරිමියෙකු හෝ වේවා ස්ත්රියක හෝ වේවා කවරෙකු ආගමික පිළිවෙතට අනුකූල ව යම් දැහැමි ක්රියාවක් සිදු කරන්නේ ද ඔහු අල්ලාහ්ව විශ්වාස කළ අයෙකි. සැබැවින්ම මෙලොව ජීවිතයේදී අපි ඔහුට අල්ලාහ්ගේ නියමය ගැන තෘප්තියෙන් පසුවන විශ්වාසය ගොඩ නැගුණු අවනත වීම සඳහා ආශිවාද කරනු ලැබූ යහපත් ජීවිතයක් ගත කරන්නට සලසා දෙමු. සැබැවින්ම ඔවුන් මෙලොවෙහි සිදු කළ දැහැමි ක්රියාවන් සඳහා වඩාත් යහපත් තිළිණ අපි ඔවුනට මතුලොවෙහි පිරිනමන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاِذَا قَرَاْتَ الْقُرْاٰنَ فَاسْتَعِذْ بِاللّٰهِ مِنَ الشَّیْطٰنِ الرَّجِیْمِ ۟
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹ අල් කුර්ආනය පාරායනය කරන්නට සිතුවේ නම් අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් නෙරපා හරින ලද ෂෙයිතාන්ගේ කුකුස්වලින් ආරක්ෂාව නුඹ අල්ලාහ් වෙතින් පතනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّهٗ لَیْسَ لَهٗ سُلْطٰنٌ عَلَی الَّذِیْنَ اٰمَنُوْا وَعَلٰی رَبِّهِمْ یَتَوَكَّلُوْنَ ۟
අල්ලාහ් විශ්වාස කොට තමන්ගේ සියලු කටයුතු ඔහු වෙත පමණක් භාර කරන්නන් මත ආධිපත්යය දරන්නට ෂෙයිතාන්ට කිසිදු බලයක් නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّمَا سُلْطٰنُهٗ عَلَی الَّذِیْنَ یَتَوَلَّوْنَهٗ وَالَّذِیْنَ هُمْ بِهٖ مُشْرِكُوْنَ ۟۠
සැබැවින්ම කුකුස් ඇති කරමින් ඔහු තම ආධිපත්යය දරනුයේ ඔහු ව මිතුරෙක් ලෙස ගෙන ඔහුගේ පෙළඹවීමට යටත් වූවන් මතය. ඔහුගේ පෙළඹවීම හේතුවෙන් ඔවුහු අල්ලාහ් සමග වෙනත් අය නමදින දේව ආදේශකයින් වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا بَدَّلْنَاۤ اٰیَةً مَّكَانَ اٰیَةٍ ۙ— وَّاللّٰهُ اَعْلَمُ بِمَا یُنَزِّلُ قَالُوْۤا اِنَّمَاۤ اَنْتَ مُفْتَرٍ ؕ— بَلْ اَكْثَرُهُمْ لَا یَعْلَمُوْنَ ۟
අල් කුර්ආනයේ නීතිමය පාඨයක් තවත් පාඨයකින් අපි වෙනස් කළ විට, -යම් ප්රඥාවක් සඳහා එසේ අල් කුර්ආනයෙන් වෙනස් කරන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඉන් වෙනස් නොකරන දෑ පිළිබඳවත් ඔහු සර්වඥානීය.- "අහෝ මුහම්මද්! නුඹ අල්ලාහ් මත කරුණු මවා බොරු පවසන්නෙහිය" යැයි ඔවුහු පැවසුවෝය. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සැබැවින්ම එම වෙනස් කිරීම, ගැඹුරු දේව ප්රඥාවක් නිසාවෙන් වන්නක් බව නොදනිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ نَزَّلَهٗ رُوْحُ الْقُدُسِ مِنْ رَّبِّكَ بِالْحَقِّ لِیُثَبِّتَ الَّذِیْنَ اٰمَنُوْا وَهُدًی وَّبُشْرٰی لِلْمُسْلِمِیْنَ ۟
අහෝ දූතය! කිසිදු වරදක් නැති, කිසිදු වෙනස් කිරීමක් නැති, කිසිදු ව්යාකූලත්වයක් නැති, සත්යයෙන් යුත් අල් කුර්ආනය ශුද්ධවන්ත අල්ලාහ් අබියසින් පහළ කළේ ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමාය. එය, ඉන් නව දෙයක් පහළ කරනු ලබන සෑම අවස්ථාවකම ඉන් සමහරක් වෙනස් කරනු ලබන සෑම අවස්ථාවකම අල්ලාහ් පිළිබඳ විශ්වාස කළවුන්ගේ විශ්වාසය එමගින් ස්ථීර කරනු පිණිසය. එමෙන්ම සත්ය වෙත ඔවුනට මඟ පෙන්වීම පිණිසය. තවද ගෞරවණීය ප්රතිඵල ලැබීම සම්බන්ධයෙන් මුස්ලිම්වරුන්ට ශුභාරංචි දන්වනු පිණිසය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• العمل الصالح المقرون بالإيمان يجعل الحياة طيبة.
දේව විශ්වාසය සමඟ බැඳුණු දැහැමි ක්රියාවන් ජීවිතය යහපත් කරනු ඇත.

• الطريق إلى السلامة من شر الشيطان هو الالتجاء إلى الله، والاستعاذة به من شره.
ෂෙයිතාන්ගේ නපුරු උවදුරුවලින් ආරක්ෂාව පැතීමේ මාර්ගය වනුයේ අල්ලාහ් වෙත යොමු වී ෂෙයිතාන්ගේ නපුරෙන් අල්ලාහ් වෙත ආරක්ෂාව පැතීමය.

• على المؤمنين أن يجعلوا القرآن إمامهم، فيتربوا بعلومه، ويتخلقوا بأخلاقه، ويستضيئوا بنوره، فبذلك تستقيم أمورهم الدينية والدنيوية.
අල් කුර්ආනය තමන් මෙහෙයවන නායකයා බවට පත් කිරීමත්, එහි ඇති දැනුමෙන් වැඩී, එහි ඇති සාදාචාරයන් තුළින් ගුණ යහපත් වී, එහි ආලෝකයෙන් ආලෝකය ලැබීමත් දේව විශ්වාසීන්ගේ යුතුකම වන්නේය. එමගින් ඔවුන්ගේ මෙලොව හා මතුලොව කටයුතු විධිමත් වනු ඇත.

• نسخ الأحكام واقع في القرآن زمن الوحي لحكمة، وهي مراعاة المصالح والحوادث، وتبدل الأحوال البشرية.
අල් කුර්ආනය පහළ වන සමයේ යම් කිසි ප්රඥාවක් සඳහා නීති වෙනස් කිරීම් සිදු විය. එය යහපත සිදුවීම් හා මිනිස් තත්ත්වයන් වෙනස්වීම සැලකිල්ලට ගනිමිනි.

 
የይዘት ትርጉም ምዕራፍ: አን-ነሕል
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት