Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 章: 塔拉格   段:

අල් අලක්

每章的意义:
الإنسان بين هدايته بالوحي وضلاله بالاستكبار والجهل.
දිව්ය පණිවිඩ තුළින් යහමඟ ලැබීම හා උඩඟුකම හා අඥාන කම හේතුවෙන් නොමග යෑම අතර මිනිසා සිටී.

اِقْرَاْ بِاسْمِ رَبِّكَ الَّذِیْ خَلَقَ ۟ۚ
අහෝ දූතය! ඔබ වෙත එවන ලද දේව පණිවුඩය, සියලු මැවීම් නිර්මාණය කළ ඔබේ පරමාධිපති අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කොට කියවනු.
阿拉伯语经注:
خَلَقَ الْاِنْسَانَ مِنْ عَلَقٍ ۟ۚ
ශුක්ර බිඳුවක තත්ත්වයේ සිට පසුව කූඩැල්ලෙකුගේ ස්වරූපයෙන් දිස්වන ලේ කැටියක් බවට පත්කොට එමගින් ඔහු මිනිසාව මැව්වේය.
阿拉伯语经注:
اِقْرَاْ وَرَبُّكَ الْاَكْرَمُ ۟ۙ
අහෝ දූතය! ඔබ වෙත අල්ලාහ් පහළ කළ පණිවුඩය ඔබ කියවනු. ඔබේ පරමාධිපති අති ගෞරවනීයය. ඔහුගේ ගෞරවයට සමීප වන්නට වෙනත් කිසිදු ගෞරවනීය කෙනෙකු නොමැත. ඔහු මහත් ත්යා්ගශීලීය. මහත් සේ උපකාර කරන්නාය.
阿拉伯语经注:
الَّذِیْ عَلَّمَ بِالْقَلَمِ ۟ۙ
ඔහු පන්හිඳෙන් අදින්නට හා ලියන්නට ඉගැන්වීය.
阿拉伯语经注:
عَلَّمَ الْاِنْسَانَ مَا لَمْ یَعْلَمْ ۟ؕ
මිනිසා නොදැන සිටි දෑ ඔහු ඉගැන්වීය.
阿拉伯语经注:
كَلَّاۤ اِنَّ الْاِنْسَانَ لَیَطْغٰۤی ۟ۙ
ඇත්තෙන්ම අබූ ජහල් වැනි පාපී මිනිසුන් අල්ලාහ්ගේ සීමාවන් ගැන තර්ක කරමින් ඒවා අබිබවා ගොස් කටයුතු කරති.
阿拉伯语经注:
اَنْ رَّاٰهُ اسْتَغْنٰی ۟ؕ
එය තමන් සතු නිල හා ධන බලය හේතුවෙන් තමන් ස්වාධීන යැයි ඔහු සිතූ බැවිනි.
阿拉伯语经注:
اِنَّ اِلٰی رَبِّكَ الرُّجْعٰی ۟ؕ
අහෝ මිනිසාණෙනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී නැවත හැරී යා යුත්තේ ඔබේ පරමාධිපති වෙතමය. එවිට සෑම කෙනෙකුටම ඔහු උපයාගත් දෑට උචිත වූ පරිදි ඔහු(අල්ලාහ්) ප්රතිඵල පිරිනමනු ඇත.
阿拉伯语经注:
اَرَءَیْتَ الَّذِیْ یَنْهٰی ۟ۙ
(දහම් කටයුතුවලින්) වළක්වමින් සිටි අබූ ජහල්ගේ පුදුම සහගත හැසිරීම ඔබ දුටුවෙහිද?
阿拉伯语经注:
عَبْدًا اِذَا صَلّٰی ۟ؕ
අපගේ ගැත්තා වූ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කඃබා දේවස්ථානයේ සලාතය ඉටු කරමින් සිටි විට ඔහු ඔහුව වැළැක්වීය.
阿拉伯语经注:
اَرَءَیْتَ اِنْ كَانَ عَلَی الْهُدٰۤی ۟ۙ
මෙසේ වළක්වන්නා තම පරමාධිපතිගෙන් වූ යම් සාධකයක් මත හෝ යහමග මත සිටිනු ඔබ දුටුවේද?
阿拉伯语经注:
اَوْ اَمَرَ بِالتَّقْوٰی ۟ؕ
එසේ නැතහොත් අල්ලාහ්ගේ නියෝගයන් පිළිපැද ඔහු වැළැක් වූ දැයින් වැළකී ඔහු කෙරෙහි බැතිමත් වී කටයුතු කරන මෙන් ඔහු මිනිසාට අණ කර සිටින්නේද? මෙසේ තිබියදී ඒ මත සිටින්නාව ඔහු වළක්වන්නේද?
阿拉伯语经注:
这业中每段经文的优越:
• رضا الله هو المقصد الأسمى.
• අල්ලාහ් තම නබිවරයාගේ පැසසුම උසස් කිරීම තුළින් එතුමාට කළ උපකාරය.

• أهمية القراءة والكتابة في الإسلام.
• අල්ලාහ්ගේ තෘප්තිය - එයයි උසස් අරමුණ වන්නේ.

• خطر الغنى إذا جرّ إلى الكبر والبُعد عن الحق.
• ඉස්ලාමය තුළ පවතින කියවීමේ හා ලිවීමේ වැදගත්කම.

• النهي عن المعروف صفة من صفات الكفر.
• ධනය මගින් උඬඟු වීම හා සත්යයෙන් දුරස්වීමේ භයානක කම.

• إكرام الله تعالى نبيه صلى الله عليه وسلم بأن رفع له ذكره.
• යහපත වැළැක්වීම දේව ප්රතික්ෂේපයේ ගුණාංගයකි.

 
含义的翻译 章: 塔拉格
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭