Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 章: 尼萨仪   段:
مَنْ یُّطِعِ الرَّسُوْلَ فَقَدْ اَطَاعَ اللّٰهَ ۚ— وَمَنْ تَوَلّٰی فَمَاۤ اَرْسَلْنٰكَ عَلَیْهِمْ حَفِیْظًا ۟ؕ
රසූල්වරයාණන් කවර කරුණක් නියෝග කර සිටියේද එය පිළිපදිමින් කවරෙකු ඔහුට අවනත වන්නේද සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ නියෝගයට අවනත විය. අහෝ! දූතය, ඔබට අවනත වීමෙන් කවරෙකු දුරස් වන්නේද ඔහු පිළිබඳ ඔබ දුකට පත්විය යුතු නැත. ඔහුගේ ක්රියාවන් ආරක්ෂා කරන්නටත් ඔහු පිළිබඳ අධීක්ෂණය කරන්නටත් අපි ඔබ එව්වේ නැත. ඔහුගේ ක්රියාවන් සටහන් කරනුයේ ද ඒවා ගණනය කරනුයේ ද අපමය.
阿拉伯语经注:
وَیَقُوْلُوْنَ طَاعَةٌ ؗ— فَاِذَا بَرَزُوْا مِنْ عِنْدِكَ بَیَّتَ طَآىِٕفَةٌ مِّنْهُمْ غَیْرَ الَّذِیْ تَقُوْلُ ؕ— وَاللّٰهُ یَكْتُبُ مَا یُبَیِّتُوْنَ ۚ— فَاَعْرِضْ عَنْهُمْ وَتَوَكَّلْ عَلَی اللّٰهِ ؕ— وَكَفٰی بِاللّٰهِ وَكِیْلًا ۟
‘අපි ඔබේ නියෝගයට අවනත වන්නෙමු. එය පිළිපදින්නෙමු’ යැයි කුහකයෝ පවසති. නමුත් ඔවුන්ගෙන් පිරිසක් ඔබ වෙතින් හැරී ගිය විට ප්රසිද්ධියේ ඔබ වෙත කළ ප්රකාශයට පටහැණි ව රහසිගත අයුරින් කුමන්ත්රණය කරති. ඔවුන් කුමන්ත්රණය කරන දෑ පිළිබඳ ව අල්ලාහ් දනී. ඔවුන්ගේ එම කුමන්ත්රණයට අල්ලාහ් ප්රතිවිපාක දෙනු ඇත. එහෙයින් ඔබ ඔවුන් දෙස හැරී බැලිය යුතු නැත. ඔවුන් විසින් කිසිදු හානියක් ඔබට කළ නොහැක. ඔබේ කටයුතු අල්ලාහ් වෙත භාර කරන්න. ඒ කෙරෙහි ස්ථාවර ව සිටින්න. ඔබ කවර කරුණක් මත ස්ථාවර ව සිටින්නෙහිද එහි භාරකරුවා වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය.
阿拉伯语经注:
اَفَلَا یَتَدَبَّرُوْنَ الْقُرْاٰنَ ؕ— وَلَوْ كَانَ مِنْ عِنْدِ غَیْرِ اللّٰهِ لَوَجَدُوْا فِیْهِ اخْتِلَافًا كَثِیْرًا ۟
කිසිදු වෙනසක් හෝ කිසිදු වරදක් හෝ එහි දකින්නට නොමැතියි ඔවුනට තහවුරු වන තෙක් ඔබ කවර කරුණක් ගෙන ආවේද එය සත්ය බව ඔවුන් වටහා ගන්නා තෙක් ඔවුහු අල් කුර්ආනය පිළිබද නොසිතනුයේ ඇයි? ඒ ගැන අධ්යයනය නොකරනුයේ ඇයි? එය අල්ලාහ් නොවන වෙනත් කෙනෙකු වෙතින් වූයේ නම් සැබැවින්ම ඔවුහු එහි නීතිරීති වල අඩුපාඩුකම් මෙන් එහි අර්ථයන්හි බොහෝ වෙනස්කම් ද දකිනු ඇත.
阿拉伯语经注:
وَاِذَا جَآءَهُمْ اَمْرٌ مِّنَ الْاَمْنِ اَوِ الْخَوْفِ اَذَاعُوْا بِهٖ ؕ— وَلَوْ رَدُّوْهُ اِلَی الرَّسُوْلِ وَاِلٰۤی اُولِی الْاَمْرِ مِنْهُمْ لَعَلِمَهُ الَّذِیْنَ یَسْتَنْۢبِطُوْنَهٗ مِنْهُمْ ؕ— وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَیْكُمْ وَرَحْمَتُهٗ لَاتَّبَعْتُمُ الشَّیْطٰنَ اِلَّا قَلِیْلًا ۟
මුස්ලිම්වරුන්ගේ ආරක්ෂාව හා ඔවුන්ගේ සතුට පිළිබඳ යම් කරුණක් හෝ ඔවුන් බිය වන, ඔවුන් දුකට පත්වන යම් කරුණක් හෝ මෙම කුහකයින් වෙත පැමිණි විට ඒ පිළිබඳ දෙවරක් නොසිතා ඔවුන් පතුරුවා හරති. එම කරුණ අල්ලාහ්ගේ දූතයාණන් වෙත හෝ දැක්මක් ඇති, දැනුම ඇති උපදෙස් දෙන උදවිය වෙත යොමු කරන්නේ නම් එය පතුරවීම හෝ සැඟවීම යන කරුණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දෑ ඔවුන් දැන ගනු ඇත. අල්ලාහ් ඔබ වෙත ඉස්ලාමය දායාද නොකළේ නම්, අල් කුර්ආනයේ ආශිර්වාදය ඔබට දායාද නොකළේ නම් -අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! මෙම කුහකයින් කවර කරුණකින් පරීක්ෂාවට ලක් වන්නේද, එයම ඔබත් අත්විදිනු ඇත. ඔබ අතුරින් ස්වල්ප දෙනෙකු හැර ෂෙයිතාන් උපදවන කුතුහලයන් අනුගමනය කරනු ඇත.
阿拉伯语经注:
فَقَاتِلْ فِیْ سَبِیْلِ اللّٰهِ ۚ— لَا تُكَلَّفُ اِلَّا نَفْسَكَ وَحَرِّضِ الْمُؤْمِنِیْنَ ۚ— عَسَی اللّٰهُ اَنْ یَّكُفَّ بَاْسَ الَّذِیْنَ كَفَرُوْا ؕ— وَاللّٰهُ اَشَدُّ بَاْسًا وَّاَشَدُّ تَنْكِیْلًا ۟
අහෝ! දූතය, අල්ලාහ්ගේ වදන උසස් වනු පිණිස ඔබ අල්ලාහ්ගේ මාර්ගයේ යුද්ධ කරන්න. ඔබ වෙනත් අය ගැන ප්රශ්න නොකරනු ඇත. එමෙන්ම ඒ සඳහා බල කරනු නොලබන්නේය. සැබැවින්ම යුද්ධය සඳහා ඔබ ව ඔබ නිරත කරවනු මිස වෙනත් කිසිවක් ඔබට පවරනු නොලැබේ. යුද්ධයට සහභාගී වන්නට දෙවියන් විශ්වාස කරන්නන්හට ආශාව ඇති කරනු. ඒ සඳහා දිරිගන්වනු. ඔබ කරන යුද්ධය හේතුවෙන් දේව ප්රතික්ෂේපකයින්ගේ බලය අල්ලාහ් මැඩපවත්වන්නට පුළුවණ. අල්ලාහ් වඩාත් බලවත්ය. එමෙන්ම දඬුවම් පමුණුවීමෙහි වඩාත් දරුණුය.
阿拉伯语经注:
مَنْ یَّشْفَعْ شَفَاعَةً حَسَنَةً یَّكُنْ لَّهٗ نَصِیْبٌ مِّنْهَا ۚ— وَمَنْ یَّشْفَعْ شَفَاعَةً سَیِّئَةً یَّكُنْ لَّهٗ كِفْلٌ مِّنْهَا ؕ— وَكَانَ اللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ مُّقِیْتًا ۟
කවරෙකු තවත් කෙනෙකුට යහපත ගෙන දෙන්නට උත්සාහ දරන්නේද එහි ප්රතිඵලයෙන් කොටසක් ඔහුටද හිමි වන්නේය. කවරෙකු තවත් කෙනෙකුට අයහපතක් ගෙන දෙන්නට උත්සාහ දරන්නේද එහි විපාකයෙන් කොටසක් ඔහුටද අත් වන්නේය. මිනිසා කරන සෑම ක්රියාවක් පිළිබඳවම අල්ලාහ් සාක්ෂි දරනු ඇත. ඒ සඳහා ඔහු ඔහුට ප්රතිඵල පිරිනමනු ඇත. යහපත ඇති වීමට හේතුවක් වූයේද එමගින් ඔහුට ද කොටසක් හා භාග්යයක් හිමි වන්නේය. කවරෙකු නපුරක් ඇති වීමට හේතු වූයේද සැබැවින් එයින් කොටසක් ඔහුද ලබනු ඇත.
阿拉伯语经注:
وَاِذَا حُیِّیْتُمْ بِتَحِیَّةٍ فَحَیُّوْا بِاَحْسَنَ مِنْهَاۤ اَوْ رُدُّوْهَا ؕ— اِنَّ اللّٰهَ كَانَ عَلٰی كُلِّ شَیْءٍ حَسِیْبًا ۟
ඔබ වෙත කෙනෙකු සලාම් පැවසූ විට පිළිතුරු වශයෙන්, ඔබ වෙත ඔහු කළ සලාමයට වඩා ශ්රේෂ්ඨ අයුරින් ඔබ සලාම් පවසන්න. එසේ නැතහොත් ඒ අයුරින්ම පිළිතුරු දෙන්න. යහපත් අයුරින් පිළිතුරු දීම උතුම්ය. නියත වශයෙන්ම නුඹලා කරන දෑ සැබැවින්ම අල්ලාහ් ආරක්ෂා කර තබා ගන්නාය. සෑම කෙනෙකුම කරන ක්රියාවන් සඳහා ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.
阿拉伯语经注:
这业中每段经文的优越:
• تدبر القرآن الكريم يورث اليقين بأنه تنزيل من الله؛ لسلامته من الاضطراب، ويظهر عظيم ما تضمنه من الأحكام.
•ශුද්ධ වූ අල් කුර්ආනය පරිශීලනය කිරීම තුළින් සැබැවින්ම එය අල්ලාහ්ගෙන්ම පහළ වූ බවත් එය අඩුපාඩු වලින් තොර බවත් එහි අන්තර්ගත ව ඇති නීති රීති මහඟු බවත් විශ්වාසය උදා කරනු ඇත.

• لا يجوز نشر الأخبار التي تنشأ عنها زعزعة أمن المؤمنين، أو دبُّ الرعب بين صفوفهم.
•දේව විශ්වාස කරන්නන්ගේ ආරක්ෂාවට බාධා පමුණුවන හෝ ඔවුන් අතර භීතියක් ඇති කරන ප්රවෘත්ති පල කිරීම සුදුසු නොවන්නේය.

• التحدث بقضايا المسلمين والشؤون العامة المتصلة بهم يجب أن يصدر من أهل العلم وأولي الأمر منهم.
•මුස්ලිම්වරුන්ගේ තීන්දු තීරණ සහ ඒවාට අදාළ පොදු කටයුතු ගැන කථා කිරීම විද්වතුන් සහ ඔවුන්ගේ භාරකරුවන් විසින් නිකුත් කළ යුතුය.

• مشروعية الشفاعة الحسنة التي لا إثم فيها ولا اعتداء على حقوق الناس، وتحريم كل شفاعة فيها إثم أو اعتداء.
•මිනිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන, පාපයක් නොවන කරුණුවලදී යහපත් මැදිහත්වීම නිත්යානුකූල කර ඇති අතර පාපය හෝ වරදක් සිදුවන සෑම මැදිහත් වීමක්ම තහනම් කර ඇත.

 
含义的翻译 章: 尼萨仪
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭