Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 段: (272) 章: 拜格勒
لَیْسَ عَلَیْكَ هُدٰىهُمْ وَلٰكِنَّ اللّٰهَ یَهْدِیْ مَنْ یَّشَآءُ ؕ— وَمَا تُنْفِقُوْا مِنْ خَیْرٍ فَلِاَنْفُسِكُمْ ؕ— وَمَا تُنْفِقُوْنَ اِلَّا ابْتِغَآءَ وَجْهِ اللّٰهِ ؕ— وَمَا تُنْفِقُوْا مِنْ خَیْرٍ یُّوَفَّ اِلَیْكُمْ وَاَنْتُمْ لَا تُظْلَمُوْنَ ۟
අහෝ නබිවරය! සත්යය පිළිගැන්වීමටත් එය ඔවුන් පිළිපැදීමටත් ඔවුනට යහමග පිරිනැමීම හෝ ඔවුන් ඒ මත උසුලාගෙන යෑම නුඹගේ වගකීම නොවන්නේය. නුඹට අනිවාර්යය වනුයේ සත්යය වෙත ඔවුනට සාධක ගෙන හැර පෑම හා ඒ ගැන ඔවුන් දැනුවත් කිරීම පමණය. සත්යය ආශිර්වාද කිරීමත් ඒ වෙත මග පෙන්වීමත් අල්ලාහ් සතු වගකීමක් වන්නේය. ඔහු අභිමත කරන අය යහමග යවයි. යම් යහපත් කටයුත්තක් වෙනුවෙන් නුඹලා වියදම් කර ඇත්නම් එහි යහපත නුඹලා වෙත නැවත පැමිණෙනු ඇත. ඊට හේතුව අල්ලාහ් අවශ්යතාවන්ගෙන් තොර වන බැවිණි. නුඹලාගේ වියහියදම් අල්ලාහ් වෙනුවෙන් පමණක් විය යුතුය. සැබෑ මුඃමින්වරුන් හෙවත් දෙවියන් විශ්වාස කරන්නන් අල්ලාහ්ගේ තෘප්තිය උදෙසාම මිස වෙනත් කිසිදු අපේක්ෂාවකින් වියදම් නොකරති. නුඹලා වියදම් කළ යහපත් දෑ සුළු වුවද විශාල වුවද කිසිදු අඩුවකින් තොර ව පූර්ණ ව එහි කුසල් නුඹලාට පිරිනමනු ලබනු ඇත. අල්ලාහ් කිසිෙවෙකුට අසාධාරණයක් සිදු නොකරනු ඇත.
阿拉伯语经注:
这业中每段经文的优越:
• إذا أخلص المؤمن في نفقاته وصدقاته فلا حرج عليه في إظهارها وإخفائها بحسب المصلحة، وإن كان الإخفاء أعظم أجرًا وثوابًا لأنها أقرب للإخلاص.
•දෙවියන් විශ්වාස කරන තැනැත්තෙකු අවංක ලෙසින් තම දානමාන කටයුතු සිදු කරන්නේ නම් එහි යහපත ගැන සිතා ප්රසිද්ධියේ හෝ රහසිගත ව සිදු කිරීමෙහි කිසිදු වරදක් නැත. නමුත් එය රහසිගත ව සිදු කරන්නේ නම්, චිත්තපාරිශුද්ධිය හා අවංකභාවයට වඩාත් සමීප වන බැවින් කුසලින් හා ප්රතිඵලයෙන් ඉමහත් වනු ඇත.

• دعوة المؤمنين إلى الالتفات والعناية بالمحتاجين الذين تمنعهم العفة من إظهار حالهم وسؤال الناس.
•තැන්පත්බව හේතුවෙන් මිනිසුන්ගෙන් අයැද සිටීමෙන් හා තම සැබෑ තත්ත්වය හෙළි කිරීමෙන් වැළකී සිටින, අවශ්යතාවන්ගෙන් පෙළෙන උදවිය වෙත තම අවධානය යොමු කරන මෙන් දෙවියන් විශ්වාස කරන්නන්හට ඇරයුම් කිරීම.

• مشروعية الإنفاق في سبيل الله تعالى في كل وقت وحين، وعظم ثوابها، حيث وعد تعالى عليها بعظيم الأجر في الدنيا والآخرة.
•සෑම වේලාවකම සෑම අවස්ථාවකම අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීම ආගමානුගත කොට තිබීම. මෙලොව හා මතු ලොවෙහි ඒ සඳහා මහත් ප්රතිඵල ඇතැයි අල්ලාහ් දී ඇති ප්රතිඥාවට අනුව ඔවුනට හිමිවන ත්යාගයේ ඉමහත්භාවය.

 
含义的翻译 段: (272) 章: 拜格勒
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭