Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى * - تەرجىمىلەر مۇندەرىجىسى


مەنالار تەرجىمىسى ئايەت: (50) سۈرە: ئەھزاب
یٰۤاَیُّهَا النَّبِیُّ اِنَّاۤ اَحْلَلْنَا لَكَ اَزْوَاجَكَ الّٰتِیْۤ اٰتَیْتَ اُجُوْرَهُنَّ وَمَا مَلَكَتْ یَمِیْنُكَ مِمَّاۤ اَفَآءَ اللّٰهُ عَلَیْكَ وَبَنٰتِ عَمِّكَ وَبَنٰتِ عَمّٰتِكَ وَبَنٰتِ خَالِكَ وَبَنٰتِ خٰلٰتِكَ الّٰتِیْ هَاجَرْنَ مَعَكَ ؗ— وَامْرَاَةً مُّؤْمِنَةً اِنْ وَّهَبَتْ نَفْسَهَا لِلنَّبِیِّ اِنْ اَرَادَ النَّبِیُّ اَنْ یَّسْتَنْكِحَهَا ۗ— خَالِصَةً لَّكَ مِنْ دُوْنِ الْمُؤْمِنِیْنَ ؕ— قَدْ عَلِمْنَا مَا فَرَضْنَا عَلَیْهِمْ فِیْۤ اَزْوَاجِهِمْ وَمَا مَلَكَتْ اَیْمَانُهُمْ لِكَیْلَا یَكُوْنَ عَلَیْكَ حَرَجٌ ؕ— وَكَانَ اللّٰهُ غَفُوْرًا رَّحِیْمًا ۟
අහෝ නබිවරය! නුඹ මහර් ‘විවාහ ත්යාග’ පිරිනැමූ නුඹේ බිරියන් සැබැවින්ම අපි නුඹට අනුමත කළෙමු. එමෙන්ම යුද්ධයේ දී ලැබුණු වහල් කාන්තාවන් අතර නුඹ අතට පත් වූ කාන්තාවන් ද අපි නුඹට අනුමත කළෙමු. තවද නුඹ සමග මක්කාවේ සිට මදීනාවට නික්ම ආ නුඹේ මාමාවරුන්ගේ දියණියන් විවාහ කර ගැනීමත් නුඹගේ නැන්දාවරුන්ගේ දියණියන් විවාහ කර ගැනීමත් නුඹට අනුමත කළෙමු. තවද නුඹගේ පුංචි අම්මා, ලොකු අම්මාවරුන්ගේ දියණියන් හා නුඹගේ බාප්පා හා මහප්පාවරුන්ගේ දියණියන් විවාහ කර ගැනීමත් නුඹට අනුමත කළෙමු. කිසිදු ‘මහර්’ විවාහ ත්යාගයක් අපේක්ෂාවෙන් තොර ව තම ජීවිතය නුඹ වෙනුවෙන් පිරිනැමූ දේව විශ්වාසී කාන්තාව ද, නුඹ ඇයව විවාහ කර ගන්නට අපේක්ෂා කළෙහි නම් එසේ ඇය ව විවාහ කර ගැනීම ද අපි නුඹට අනුමත කළෙමු. ත්යාගයක් ලෙස පිරිනමනු ලැබූ කාන්තාව විවාහ කර ගැනීම සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට පමණක් සුවිශේෂී වූ කරුණක් වන අතර එය සමාජය තුළ වෙනත් කිසිවෙකුට අනුමත නොවූවකි. දේව විශ්වාසීන්ට ඔවුන්ගේ බිරියන් සම්බන්ධයෙන් සිව් දෙනෙකුට වඩා ඉක්මවා ගොස් විවාහ වීම ඔවුනට සුදුසු නොවන පරිදි අපි ඔවුනට අනිවාර්යය කර ඇත්තේ කුමක් දැ?යි යන්න වගත්, ඔවුන් සතු වහලියන් කිසිදු සීමා කිරීමකින් තොරව ඔවුන් අභිමත කරන අය සමග පහස විඳීමට ඔවුනට අනුමැතිය ලබා දීමෙන්, ඔවුන් සම්බන්ධයෙන් ඔවුනට අප දහම් ගත කළ දෑ ගැනත් සැබැවින්ම අපි දනිමු. සඳහන් කරනු ලැබූ දෑ අතර නුඹ හැර වෙනත් කිසිවෙකුට අපි අනුමත නොකළ දෑ අපි නුඹට අනුමත කළෙමු. එය නුඹට දුෂ්කරතාවක් හෝ පීඩනයක් ඇති නොවනු පිණිසය. අල්ලාහ් තම ගැත්තන් අතරින් ඔහුගෙන් සමාව අයදින්නන්හට අති ක්ෂමාශීලී විය. ඔවුන් කෙරෙහි මහා කාරුණික විය.
ئەرەپچە تەپسىرلەر:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• الصبر على الأذى من صفات الداعية الناجح.
•පීඩාවන් මත ඉවසීමේ ගුණාංගය සාර්ථක ඇරයුම් කරන්නෙකුගේ ගුණාංග අතරට ඇතුළත් වේ.

• يُنْدَب للزوج أن يعطي مطلقته قبل الدخول بها بعض المال جبرًا لخاطرها.
•ලිංගිකව එකතු වීමට පෙර සැමියා විසින් දික්කසාද කරනු ලැබූ කාන්තාවට, ඇයට අත් වූ අවදානම් තත්ත්වයට වන්දියක් වශයෙන් කිසියම් සම්පතක් පිරිනැමීම සැමියා කෙරෙහි පවරනු ලැබ ඇත.

• خصوصية النبي صلى الله عليه وسلم بجواز نكاح الهبة، وإن لم يحدث منه.
•ත්යාග වශයෙන් පිරිනමන ලැබූ කාන්තාවන් - එය ඔහු විසින් සිදු නොවූව ද - විවාහ කර ගැනීමේ අනුමැතිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට පමණක් සුවිශේෂී වූ කටයුත්තකි.

 
مەنالار تەرجىمىسى ئايەت: (50) سۈرە: ئەھزاب
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى - تەرجىمىلەر مۇندەرىجىسى

قۇرئان تەتقىقاتى تەپسىر مەركىزى چىقارغان.

تاقاش