Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى * - تەرجىمىلەر مۇندەرىجىسى

PDF XML CSV Excel API
Please review the Terms and Policies

مەنالار تەرجىمىسى سۈرە: ئەنئام   ئايەت:
وَاِذْ قَالَ اِبْرٰهِیْمُ لِاَبِیْهِ اٰزَرَ اَتَتَّخِذُ اَصْنَامًا اٰلِهَةً ۚ— اِنِّیْۤ اَرٰىكَ وَقَوْمَكَ فِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟
“ඔබ දෙවිවරු ලෙස පිළිම ගන්නෙහි ද? සැබැවින් ම ඔබ හා ඔබගේ ජනයා පැහැදිලි මුළාවෙහි සිටිනු මම දකිමි” යැයි ඉබ්රාහීම් තම පියා වන ආzදර්ට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
ئەرەپچە تەپسىرلەر:
وَكَذٰلِكَ نُرِیْۤ اِبْرٰهِیْمَ مَلَكُوْتَ السَّمٰوٰتِ وَالْاَرْضِ وَلِیَكُوْنَ مِنَ الْمُوْقِنِیْنَ ۟
අහස්හි හා මහපොළොවේ ආධිපත්‍යයන් ඉබ්රාහීම්ට අප පෙන්වූයේ එලෙස ය. තවද (එය) ඔහු තරයේ විශ්වාස කරන්නන් අතරින් වනු පිණිස ය.
ئەرەپچە تەپسىرلەر:
فَلَمَّا جَنَّ عَلَیْهِ الَّیْلُ رَاٰ كَوْكَبًا ۚ— قَالَ هٰذَا رَبِّیْ ۚ— فَلَمَّاۤ اَفَلَ قَالَ لَاۤ اُحِبُّ الْاٰفِلِیْنَ ۟
රාත්‍රිය ඔහුව (අන්ධකාරයෙන්) වෙළා ගත් කල්හි තරුවක් දැක මෙය මාගේ පරමාධිපති යැයි ඔහු පවසා සිටී ය. එහෙත් එය සැඟ වී ගිය කල්හි සැඟ වී යන්නන් මම ප්‍රිය නො කරමි යැයි ඔහු පැවසී ය.
ئەرەپچە تەپسىرلەر:
فَلَمَّا رَاَ الْقَمَرَ بَازِغًا قَالَ هٰذَا رَبِّیْ ۚ— فَلَمَّاۤ اَفَلَ قَالَ لَىِٕنْ لَّمْ یَهْدِنِیْ رَبِّیْ لَاَكُوْنَنَّ مِنَ الْقَوْمِ الضَّآلِّیْنَ ۟
පසුව සඳු උදා වනු දුටු කල්හි මෙය මාගේ පරමාධිපති යැයි ඔහු පවසා සිටී ය. එහෙත් එය සැඟ වී ගිය කල්හි මාගේ පරමාධිපති මට මඟ නො පෙන්වූයේ නම් සැබැවින් ම මම මුළා වූ ජනයා අතරින් වන්නට තිබිණ යැයි පැවසී ය.
ئەرەپچە تەپسىرلەر:
فَلَمَّا رَاَ الشَّمْسَ بَازِغَةً قَالَ هٰذَا رَبِّیْ هٰذَاۤ اَكْبَرُ ۚ— فَلَمَّاۤ اَفَلَتْ قَالَ یٰقَوْمِ اِنِّیْ بَرِیْٓءٌ مِّمَّا تُشْرِكُوْنَ ۟
පසුව හිරු උදා වනු දුටු කල්හි මෙය මාගේ පරමාධිපති ය; මෙය (සියල්ලට වඩා) අතිවිශාලය යැයි පවසා සිටී ය. එහෙත් එයද සැඟ වී ගිය කල්හි මාගේ ජනයිනි! නුඹලා ආදේශ කරන දැයින් සැබැවින් ම මම නිදොස් වෙමි යැයි පැවසී ය.
ئەرەپچە تەپسىرلەر:
اِنِّیْ وَجَّهْتُ وَجْهِیَ لِلَّذِیْ فَطَرَ السَّمٰوٰتِ وَالْاَرْضَ حَنِیْفًا وَّمَاۤ اَنَا مِنَ الْمُشْرِكِیْنَ ۟ۚ
අහස් හා මහපොළොව මැවූ ඔහු වෙත මම මාගේ මුහුණ අවංක ලෙසින් හරවමි. තවද මම ආදේශ තබන්නන් අතරින් නො වෙමි.
ئەرەپچە تەپسىرلەر:
وَحَآجَّهٗ قَوْمُهٗ ؕ— قَالَ اَتُحَآجُّوْٓنِّیْ فِی اللّٰهِ وَقَدْ هَدٰىنِ ؕ— وَلَاۤ اَخَافُ مَا تُشْرِكُوْنَ بِهٖۤ اِلَّاۤ اَنْ یَّشَآءَ رَبِّیْ شَیْـًٔا ؕ— وَسِعَ رَبِّیْ كُلَّ شَیْءٍ عِلْمًا ؕ— اَفَلَا تَتَذَكَّرُوْنَ ۟
තවද ඔහුගේ ජනයා ඔහු සමඟ වාද කළේ ය. සැබැවින් ම මට යහ මඟ පෙන්වා තිබිය දී අල්ලාහ් සම්බන්ධයෙන් නුඹලා මා සමඟ වාද කරන්නෙහු ද? යැයි ඔහු විමසී ය. නුඹලා කවර දෙයකට ආදේශ කරන්නෙහුද ඒ ගැන මම බිය නො වෙමි. එහෙත් මාගේ පරමාධිපති යම් කිසිවක් අභිමත කළේ නම් මිස. (මට කිසිවක් සිදු නො වේ.) මාගේ පරමාධිපති සියලු දෑ පිළිබඳව දැනුමෙන් පුළුල් විය. නුඹලා මෙනෙහි කළ යුතු නො වේ ද?
ئەرەپچە تەپسىرلەر:
وَكَیْفَ اَخَافُ مَاۤ اَشْرَكْتُمْ وَلَا تَخَافُوْنَ اَنَّكُمْ اَشْرَكْتُمْ بِاللّٰهِ مَا لَمْ یُنَزِّلْ بِهٖ عَلَیْكُمْ سُلْطٰنًا ؕ— فَاَیُّ الْفَرِیْقَیْنِ اَحَقُّ بِالْاَمْنِ ۚ— اِنْ كُنْتُمْ تَعْلَمُوْنَ ۟ۘ
කවර දෙයක් සම්බන්ධයෙන් නුඹලා වෙත සාධකයක් පහළ නො කළේ ද එවන් දෙයක් අල්ලාහ්ට ආදේශ කිරීමට නුඹලා නො බියව සිටිය දී නුඹලා ආදේශ කළ දෑට මා බිය වන්නේ කෙසේ ද? එබැවින් නුඹලා දැන සිටින්නෙහු නම් මෙම දෙපිරිසෙන් අභයදායිත්වයට වඩා සුදුසු වනුයේ කුම(න පිරිස)ක් ද?
ئەرەپچە تەپسىرلەر:
 
مەنالار تەرجىمىسى سۈرە: ئەنئام
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى - تەرجىمىلەر مۇندەرىجىسى

رۇۋاد تەرجىمە مەركىزىدىكى بىر گۇرۇپ ئالىملار رىبۋە دەۋەت جەمئىيىتى ۋە ئىسلامىي مەزمۇنلارنى تەمىنلەش جەمئىيىتى بىلەن ھەمكارلىشىپ تەرجىمە قىلغان.

تاقاش