Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى * - تەرجىمىلەر مۇندەرىجىسى

PDF XML CSV Excel API
Please review the Terms and Policies

مەنالار تەرجىمىسى سۈرە: مائىدە   ئايەت:
مِنْ اَجْلِ ذٰلِكَ ؔۛۚ— كَتَبْنَا عَلٰی بَنِیْۤ اِسْرَآءِیْلَ اَنَّهٗ مَنْ قَتَلَ نَفْسًا بِغَیْرِ نَفْسٍ اَوْ فَسَادٍ فِی الْاَرْضِ فَكَاَنَّمَا قَتَلَ النَّاسَ جَمِیْعًا ؕ— وَمَنْ اَحْیَاهَا فَكَاَنَّمَاۤ اَحْیَا النَّاسَ جَمِیْعًا ؕ— وَلَقَدْ جَآءَتْهُمْ رُسُلُنَا بِالْبَیِّنٰتِ ؗ— ثُمَّ اِنَّ كَثِیْرًا مِّنْهُمْ بَعْدَ ذٰلِكَ فِی الْاَرْضِ لَمُسْرِفُوْنَ ۟
ඒ හේතුවෙන් සැබැවින් ම ප්‍රාණ ඝාතනයක් හේතුවෙන් හෝ මහපොළොවේ කලහකාරී තත්ත්වයක් හේතුවෙන් හෝ මිස කවරෙකු යම් ආත්මයක් ඝාතනය කළේ ද ඔහු මුළු මිනිස් සමූහයා ඝාතනය කළා හා සමාන ය. තවද කවරෙකු එය (ආත්මය) ජීවත් කරවන්නේ ද ඔහු මුළු මිනිස් සමූහයා ජීවත් කළා හා සමානය යැයි ඉස්රාඊල්ගේ දරුවනට නියම කළෙමු. තවද අපගේ දූතවරු පැහැදිලි සාධක සමඟ සැබැවින් ම ඔවුන් වෙත පැමිණියෝ ය. අනතුරුව ඔවුන් අතුරින් බොහෝ දෙනා ඉන් පසුව ද මිහිතලයේ සීමාව ඉක්මවා කටයුතු කරන්නන් වූහ.
ئەرەپچە تەپسىرلەر:
اِنَّمَا جَزٰٓؤُا الَّذِیْنَ یُحَارِبُوْنَ اللّٰهَ وَرَسُوْلَهٗ وَیَسْعَوْنَ فِی الْاَرْضِ فَسَادًا اَنْ یُّقَتَّلُوْۤا اَوْ یُصَلَّبُوْۤا اَوْ تُقَطَّعَ اَیْدِیْهِمْ وَاَرْجُلُهُمْ مِّنْ خِلَافٍ اَوْ یُنْفَوْا مِنَ الْاَرْضِ ؕ— ذٰلِكَ لَهُمْ خِزْیٌ فِی الدُّنْیَا وَلَهُمْ فِی الْاٰخِرَةِ عَذَابٌ عَظِیْمٌ ۟ۙ
සැබැවින් ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමඟ සටන් වැද කලහකම් කරමින් මහපොළොවේ සැරිසරන්නන්ගේ ප්‍රතිවිපාකය ඔවුන් ඝාතනය කරනු ලැබීම හෝ ඔවුන් එල්ලා මරනු ලැබීම හෝ ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද මාරුවෙන් මාරුවට කපා දමනු ලැබීම හෝ එම භූමියෙන් ඔවුන්ව පිටුවහල් කරනු ලැබීම ය. එය ඔවුනට මෙලොවෙහි වන අවමානයයි. මතු ලොවෙහි ද ඔවුනට අතිමහත් දඬුවමක් ඇත.
ئەرەپچە تەپسىرلەر:
اِلَّا الَّذِیْنَ تَابُوْا مِنْ قَبْلِ اَنْ تَقْدِرُوْا عَلَیْهِمْ ۚ— فَاعْلَمُوْۤا اَنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟۠
එහෙත් නුඹලා ඔවුන් කෙරෙහි බලය යෙදවීමට පෙර පාපක්ෂමා ඉල්ලා සිටියවුන් හැර. එබැවින් සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; කරුණා ගුණයෙන් යුක්ත ය; යැයි නුඹලා දැන ගනු.
ئەرەپچە تەپسىرلەر:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوا اتَّقُوا اللّٰهَ وَابْتَغُوْۤا اِلَیْهِ الْوَسِیْلَةَ وَجَاهِدُوْا فِیْ سَبِیْلِهٖ لَعَلَّكُمْ تُفْلِحُوْنَ ۟
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද ඔහු වෙතට (සමීප වීමේ) මාධ්‍යයන් නුඹලා සොයනු. ඔහුගේ මාර්ගයේ නුඹලා අරගල කරනු. නුඹලාට ජය අත්පත් කර ගත හැකි ය.
ئەرەپچە تەپسىرلەر:
اِنَّ الَّذِیْنَ كَفَرُوْا لَوْ اَنَّ لَهُمْ مَّا فِی الْاَرْضِ جَمِیْعًا وَّمِثْلَهٗ مَعَهٗ لِیَفْتَدُوْا بِهٖ مِنْ عَذَابِ یَوْمِ الْقِیٰمَةِ مَا تُقُبِّلَ مِنْهُمْ ۚ— وَلَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
සැබැවින් ම ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට මහපොළොවේ ඇති සියල්ල තිබී ඒ සමඟ ම ඒ හා සමාන තවත් දෑ ද තිබී, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමින් මිදීමට එය ඔවුන් වන්දි වශයෙන් කැප කළ ද, ඔවුන්ගෙන් එය පිළිගනු නො ලැබේ. තවද ඔවුනට වේදනා සහගත දඬුවමක් ඇත.
ئەرەپچە تەپسىرلەر:
 
مەنالار تەرجىمىسى سۈرە: مائىدە
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى - تەرجىمىلەر مۇندەرىجىسى

رۇۋاد تەرجىمە مەركىزىدىكى بىر گۇرۇپ ئالىملار رىبۋە دەۋەت جەمئىيىتى ۋە ئىسلامىي مەزمۇنلارنى تەمىنلەش جەمئىيىتى بىلەن ھەمكارلىشىپ تەرجىمە قىلغان.

تاقاش