Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى * - تەرجىمىلەر مۇندەرىجىسى

PDF XML CSV Excel API
Please review the Terms and Policies

مەنالار تەرجىمىسى سۈرە: پەتىھ   ئايەت:
قُلْ لِّلْمُخَلَّفِیْنَ مِنَ الْاَعْرَابِ سَتُدْعَوْنَ اِلٰی قَوْمٍ اُولِیْ بَاْسٍ شَدِیْدٍ تُقَاتِلُوْنَهُمْ اَوْ یُسْلِمُوْنَ ۚ— فَاِنْ تُطِیْعُوْا یُؤْتِكُمُ اللّٰهُ اَجْرًا حَسَنًا ۚ— وَاِنْ تَتَوَلَّوْا كَمَا تَوَلَّیْتُمْ مِّنْ قَبْلُ یُعَذِّبْكُمْ عَذَابًا اَلِیْمًا ۟
නුඹලා වඩාත් බලාධිකාරයෙන් යුත් පිරිසකට එරෙහිව කැඳවනු ලබන්නේ ය. නුඹලා ඔවුන් සමඟ සටන් කරනු ඇත. එසේ නැතහොත් ඔවුන් යටත් වනු ඇත යැයි ගැමි අරාබිවරුන් අතරින් පමා වී රැඳී සිටියවුන්හට (නබිවරය!) නුඹ පවසනු. එහෙයින් නුඹලා (නියෝගයට) අවනත වූයෙහු නම් අල්ලාහ් නුඹලාට යහපත් කුලියක් පිරිනමනු ඇත. එහෙත් නුඹලා මීට පෙර හැරී ගියාක් මෙන් නුඹලා හැරුණේ නම් ඔහු නුඹලාට වේදනීය දඬුවමකින් දඬුවම් කරනු ඇත.
ئەرەپچە تەپسىرلەر:
لَیْسَ عَلَی الْاَعْمٰی حَرَجٌ وَّلَا عَلَی الْاَعْرَجِ حَرَجٌ وَّلَا عَلَی الْمَرِیْضِ حَرَجٌ ؕ— وَمَنْ یُّطِعِ اللّٰهَ وَرَسُوْلَهٗ یُدْخِلْهُ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ ۚ— وَمَنْ یَّتَوَلَّ یُعَذِّبْهُ عَذَابًا اَلِیْمًا ۟۠
(සටනට සහභාගී නො වීම) අන්ධයා මත වරදක් නො වේ. තවද කොරා මත ද වරදක් නො වේ. රෝගියා මත ද වරදක් නො වේ. තවද කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දූතයාට අවනත වන්නේ ද ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන්වලට ඔහු ඔහුව ඇතුළත් කරයි. එහෙත් කවරෙකු පිටුපාන්නේ ද ඔහු වේදනීය දඬුවමකින් ඔහුට දඬුවම් කරයි.
ئەرەپچە تەپسىرلەر:
لَقَدْ رَضِیَ اللّٰهُ عَنِ الْمُؤْمِنِیْنَ اِذْ یُبَایِعُوْنَكَ تَحْتَ الشَّجَرَةِ فَعَلِمَ مَا فِیْ قُلُوْبِهِمْ فَاَنْزَلَ السَّكِیْنَةَ عَلَیْهِمْ وَاَثَابَهُمْ فَتْحًا قَرِیْبًا ۟ۙ
ගස යට සිට දේවත්වය විශ්වාස කරන්නන් නුඹට ප්‍රතිඥා දුන් විට අල්ලාහ් ඔවුන් සැබැවින් ම පිළිගත්තේ ය. එවිට ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ ඔහු දැන සිටියේ ය. එවිට ඔවුන් වෙත ශාන්තභාවය පහළ කළේ ය. තවද සමීපයෙන් පවත්නා ජයග්‍රහණයක් ඔවුනට ඇති කළේ ය.
ئەرەپچە تەپسىرلەر:
وَّمَغَانِمَ كَثِیْرَةً یَّاْخُذُوْنَهَا ؕ— وَكَانَ اللّٰهُ عَزِیْزًا حَكِیْمًا ۟
(යුද පිටියේ හැර දමා යන) අධික යුද සම්පත් ද (පිරිනැමී ය.) ඔවුහු එය ගනු ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.
ئەرەپچە تەپسىرلەر:
وَعَدَكُمُ اللّٰهُ مَغَانِمَ كَثِیْرَةً تَاْخُذُوْنَهَا فَعَجَّلَ لَكُمْ هٰذِهٖ وَكَفَّ اَیْدِیَ النَّاسِ عَنْكُمْ ۚ— وَلِتَكُوْنَ اٰیَةً لِّلْمُؤْمِنِیْنَ وَیَهْدِیَكُمْ صِرَاطًا مُّسْتَقِیْمًا ۟ۙ
තවද අධික ලෙසින් (සතුරන් විසින් යුද පිටියේ හැර දමා ගිය) යුද සම්පත්, නුඹලා එය ලබා ගනු ඇතැයි අල්ලාහ් නුඹලාට ප්‍රතිඥා දුන්නේ ය. එමෙන් ම නුඹලාට ඔහු මෙය කල් ඇතිව ද දී ඇත. තවද ඔහු ජනයාගේ අත් නුඹලාගෙන් වැළැක් වීය. තවද එය දේවත්වය විශ්වාස කරන්නන්හට සංඥාවක් වනු පිණිස හා ඔහු නුඹලාට ඍජු මාර්ගය පෙන්වනු පිණිස ය.
ئەرەپچە تەپسىرلەر:
وَّاُخْرٰی لَمْ تَقْدِرُوْا عَلَیْهَا قَدْ اَحَاطَ اللّٰهُ بِهَا ؕ— وَكَانَ اللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرًا ۟
තවද නුඹලා (තවමත්) ඒ මත බලය නො දැරූ තවත් දෑ ද ඇත. අල්ලාහ් ඒවා සැබැවින් ම වට කරගෙන සිටියි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.
ئەرەپچە تەپسىرلەر:
وَلَوْ قَاتَلَكُمُ الَّذِیْنَ كَفَرُوْا لَوَلَّوُا الْاَدْبَارَ ثُمَّ لَا یَجِدُوْنَ وَلِیًّا وَّلَا نَصِیْرًا ۟
තවද ප්‍රතික්ෂේප කළවුන් නුඹලා සමඟ සටන් වැදුණේ නම් පසුපස හැරී ඔවුන් (දුව) යනු ඇත. පසුව ඔවුන් කිසිදු ආරක්ෂකයකු හෝ උදව්කරුවෙකු හෝ නො ලබනු ඇත.
ئەرەپچە تەپسىرلەر:
سُنَّةَ اللّٰهِ الَّتِیْ قَدْ خَلَتْ مِنْ قَبْلُ ۖۚ— وَلَنْ تَجِدَ لِسُنَّةِ اللّٰهِ تَبْدِیْلًا ۟
(එය) මීට පෙර ඉකුත්ව ගිය අල්ලාහ්ගේ පිළිවෙතයි. තවද අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිදු වෙනස් කිරීමක් නුඹ නො දකින්නේ ම ය.
ئەرەپچە تەپسىرلەر:
 
مەنالار تەرجىمىسى سۈرە: پەتىھ
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى - تەرجىمىلەر مۇندەرىجىسى

رۇۋاد تەرجىمە مەركىزىدىكى بىر گۇرۇپ ئالىملار رىبۋە دەۋەت جەمئىيىتى ۋە ئىسلامىي مەزمۇنلارنى تەمىنلەش جەمئىيىتى بىلەن ھەمكارلىشىپ تەرجىمە قىلغان.

تاقاش