Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى * - تەرجىمىلەر مۇندەرىجىسى

PDF XML CSV Excel API
Please review the Terms and Policies

مەنالار تەرجىمىسى سۈرە: پۇسسىلەت   ئايەت:
وَقَالُوْا لِجُلُوْدِهِمْ لِمَ شَهِدْتُّمْ عَلَیْنَا ؕ— قَالُوْۤا اَنْطَقَنَا اللّٰهُ الَّذِیْۤ اَنْطَقَ كُلَّ شَیْءٍ وَّهُوَ خَلَقَكُمْ اَوَّلَ مَرَّةٍ وَّاِلَیْهِ تُرْجَعُوْنَ ۟
තවද “අපට එරෙහිව නුඹලා සාක්ෂි දැරුවේ ඇයි දැ?” යි ඔවුහු ඔවුන්ගේ හම්වලින් විමසති. “සියලු දෑ කතා කෙරෙව්වා වූ අල්ලාහ් අපවද කතා කෙරෙව්වේ ය. තවද නුඹලා මුල්වරට මැව්වේ ඔහු ය. තවද ඔහු වෙත මය නුඹලා නැවත යොමු කරනු ලබනුයේ” යැයි ඒවා පවසා සිටිනු ඇත.
ئەرەپچە تەپسىرلەر:
وَمَا كُنْتُمْ تَسْتَتِرُوْنَ اَنْ یَّشْهَدَ عَلَیْكُمْ سَمْعُكُمْ وَلَاۤ اَبْصَارُكُمْ وَلَا جُلُوْدُكُمْ وَلٰكِنْ ظَنَنْتُمْ اَنَّ اللّٰهَ لَا یَعْلَمُ كَثِیْرًا مِّمَّا تَعْمَلُوْنَ ۟
තවද නුඹලාගේ සවන් හෝ නුඹලාගේ දෘෂ්ටීන් හෝ නුඹලාගේ හම් හෝ නුඹලාට එරෙහිව සාක්ෂි නො දරා සිටීමට (ඒවාට නො දැනෙන පරිදි) නුඹලා සැඟ වී සිටින්නන් නො වීය. එනමුත් නියත වශයෙන් ම නුඹලා සිදු කරන දැයින් බොහෝ දෑ අල්ලාහ් නො දන්නේ යැයි නුඹලා සිතුවෙහු ය.
ئەرەپچە تەپسىرلەر:
وَذٰلِكُمْ ظَنُّكُمُ الَّذِیْ ظَنَنْتُمْ بِرَبِّكُمْ اَرْدٰىكُمْ فَاَصْبَحْتُمْ مِّنَ الْخٰسِرِیْنَ ۟
තවද ඒවා නුඹලා නුඹලාගේ පරමාධිපති පිළිබඳ සිතූ නුඹලාගේ සිතුවිල්ල ය. එය නුඹලාව විනාශ කර දැමුවේ ය. එහෙයින් නුඹලා පරාජිතයින් අතරට පත් වූයෙහු ය.
ئەرەپچە تەپسىرلەر:
فَاِنْ یَّصْبِرُوْا فَالنَّارُ مَثْوًی لَّهُمْ ؕ— وَاِنْ یَّسْتَعْتِبُوْا فَمَا هُمْ مِّنَ الْمُعْتَبِیْنَ ۟
එහෙයින් ඔවුහු ඉවසිලිවන්ත වුව ද නිරා ගින්න ඔවුනට සතු නිවහන වී ඇත. තවද ඔවුහු නැවත පිහිට පැතුව ද (එසේ) පිහිට දෙනු ලබන්නන් අතරින් ඔවුහු නැත.
ئەرەپچە تەپسىرلەر:
وَقَیَّضْنَا لَهُمْ قُرَنَآءَ فَزَیَّنُوْا لَهُمْ مَّا بَیْنَ اَیْدِیْهِمْ وَمَا خَلْفَهُمْ وَحَقَّ عَلَیْهِمُ الْقَوْلُ فِیْۤ اُمَمٍ قَدْ خَلَتْ مِنْ قَبْلِهِمْ مِّنَ الْجِنِّ وَالْاِنْسِ ۚ— اِنَّهُمْ كَانُوْا خٰسِرِیْنَ ۟۠
තවද අපි ඔවුනට සහචරයින් පත් කළෙමු. එවිට ඔවුහු ඔවුන්ගේ ඉදිරියේ ඇති දෑ ද ඔවුන්ගේ පසුපසින් ඇති දෑ ද ඔවුනට අලංකාර කර පෙන්වූවෝ ය. තවද ඔවුනට පෙර සිටි ජින්නුන් හා මිනිසුන් අතරින් ඉකුත්ව ගිය සමූහයන් තුළ තිබූ (දඬුවමේ) ප්‍රකාශය ඔවුන් වෙත නියම විය. නියත වශයෙන් ම ඔවුහු පරාජිතයින් වූවෝ ය.
ئەرەپچە تەپسىرلەر:
وَقَالَ الَّذِیْنَ كَفَرُوْا لَا تَسْمَعُوْا لِهٰذَا الْقُرْاٰنِ وَالْغَوْا فِیْهِ لَعَلَّكُمْ تَغْلِبُوْنَ ۟
තවද “මෙම කුර්ආනයට සවන් නො දෙනු. (එය අවහිර කරමින්) නිෂ්ඵල දෑ සිදු කරනු. (එවිට) නුඹලා අබිබවා යා හැකිය” යැයි ප්‍රතික්ෂේප කළවුන් පැවසුවෝ ය.
ئەرەپچە تەپسىرلەر:
فَلَنُذِیْقَنَّ الَّذِیْنَ كَفَرُوْا عَذَابًا شَدِیْدًا وَّلَنَجْزِیَنَّهُمْ اَسْوَاَ الَّذِیْ كَانُوْا یَعْمَلُوْنَ ۟
එහෙයින් සැබැවින් ම අපි ප්‍රතික්ෂේප කළවුනට දැඩි දඬුවමක් විඳින්නට සලස්වමු. තවද ඔවුන් සිදු කරමින් සිටි නපුරට අපි ඔවුනට ප්‍රතිවිපාක පිරිනමන්නෙමු.
ئەرەپچە تەپسىرلەر:
ذٰلِكَ جَزَآءُ اَعْدَآءِ اللّٰهِ النَّارُ ۚ— لَهُمْ فِیْهَا دَارُ الْخُلْدِ ؕ— جَزَآءً بِمَا كَانُوْا بِاٰیٰتِنَا یَجْحَدُوْنَ ۟
එය අල්ලාහ්ගේ සතුරන්ගේ ප්‍රතිවිපාකය වූ (නිරා) ගින්න ය. ඔවුන් අපගේ වදන් හෙළා දකිමින් සිටි බැවින් ප්‍රතිවිපාක වශයෙන් එහි ඔවුනට සදා නිවහන ඇත.
ئەرەپچە تەپسىرلەر:
وَقَالَ الَّذِیْنَ كَفَرُوْا رَبَّنَاۤ اَرِنَا الَّذَیْنِ اَضَلّٰنَا مِنَ الْجِنِّ وَالْاِنْسِ نَجْعَلْهُمَا تَحْتَ اَقْدَامِنَا لِیَكُوْنَا مِنَ الْاَسْفَلِیْنَ ۟
තවද “අපගේ පරමාධිපතියාණනි! ජින්වරුන් හා මිනිසුන්ගෙන් අපව නොමග යැවූ දෙවර්ගය අපහට පෙන්වනු මැනව! ඔවුන් දෙවර්ගය පහත් වූවන් අතරට පත්වනු පිණිස අපි අපගේ දෙපා යටට ඔවුන්ව පත් කරන්නෙමු” යැයි ප්‍රතික්ෂේප කළවුන් පවසනු ඇත.
ئەرەپچە تەپسىرلەر:
 
مەنالار تەرجىمىسى سۈرە: پۇسسىلەت
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى - تەرجىمىلەر مۇندەرىجىسى

رۇۋاد تەرجىمە مەركىزىدىكى بىر گۇرۇپ ئالىملار رىبۋە دەۋەت جەمئىيىتى ۋە ئىسلامىي مەزمۇنلارنى تەمىنلەش جەمئىيىتى بىلەن ھەمكارلىشىپ تەرجىمە قىلغان.

تاقاش