Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى * - تەرجىمىلەر مۇندەرىجىسى

PDF XML CSV Excel API
Please review the Terms and Policies

مەنالار تەرجىمىسى سۈرە: زۇمەر   ئايەت:
قُلْ اِنِّیْۤ اُمِرْتُ اَنْ اَعْبُدَ اللّٰهَ مُخْلِصًا لَّهُ الدِّیْنَ ۟ۙ
“නියත වශයෙන් ම මා අල්ලාහ්ට අවංක ලෙසින් ඔහුට පමණක් දහම පුද කර නැමදීමට මා අණ කරනු ලැබුවෙමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
ئەرەپچە تەپسىرلەر:
وَاُمِرْتُ لِاَنْ اَكُوْنَ اَوَّلَ الْمُسْلِمِیْنَ ۟
තවද මුස්ලිම්වරුන්ගෙන් පළමුවැන්නා වීමට ද මම අණ කරනු ලැබුවෙමි.
ئەرەپچە تەپسىرلەر:
قُلْ اِنِّیْۤ اَخَافُ اِنْ عَصَیْتُ رَبِّیْ عَذَابَ یَوْمٍ عَظِیْمٍ ۟
“මාගේ පරමාධිපතිට මම පිටුපෑවේ නම් මහත් වූ දිනයක දඬුවම ගැන මම බිය වෙමි” යැයි නුඹ පවසනු.
ئەرەپچە تەپسىرلەر:
قُلِ اللّٰهَ اَعْبُدُ مُخْلِصًا لَّهٗ دِیْنِیْ ۟ۙۚ
“මාගේ යටහත්භාවය අල්ලාහ්ට අවංක ලෙසින් පුද කරමින් මම ඔහු නමදිමි” යැයි නුඹ පවසනු.
ئەرەپچە تەپسىرلەر:
فَاعْبُدُوْا مَا شِئْتُمْ مِّنْ دُوْنِهٖ ؕ— قُلْ اِنَّ الْخٰسِرِیْنَ الَّذِیْنَ خَسِرُوْۤا اَنْفُسَهُمْ وَاَهْلِیْهِمْ یَوْمَ الْقِیٰمَةِ ؕ— اَلَا ذٰلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِیْنُ ۟
එහෙයින් නුඹලා ඔහු හැර නුඹලා අභිමත දෑට ගැතිකම් කරනු. (නබිවරය!) “නියත වශයෙන් ම පරාජිතයින් වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන්ට හා තම පවුලට පාඩු ඇති කර ගත්තවුන් ය. දැන ගනු! එයයි ප්‍රකට පරාජය” යැයි නුඹ පවසනු.
ئەرەپچە تەپسىرلەر:
لَهُمْ مِّنْ فَوْقِهِمْ ظُلَلٌ مِّنَ النَّارِ وَمِنْ تَحْتِهِمْ ظُلَلٌ ؕ— ذٰلِكَ یُخَوِّفُ اللّٰهُ بِهٖ عِبَادَهٗ ؕ— یٰعِبَادِ فَاتَّقُوْنِ ۟
ඔවුනට ඉහළින් (නිරා) ගින්නෙන් වූ මහල් ද ඔවුනට පහළින් මහල් ද ඔවුනට ඇත. එය වනාහි අල්ලාහ් එමඟින් තම ගැත්තන් බිය ඇති කරවයි.“අහෝ මාගේ ගැත්තනි! එහෙයින් නුඹලා මට බිය බැතිමත් වනු.” (යැයි තවදුරටත් පවසනු.)
ئەرەپچە تەپسىرلەر:
وَالَّذِیْنَ اجْتَنَبُوا الطَّاغُوْتَ اَنْ یَّعْبُدُوْهَا وَاَنَابُوْۤا اِلَی اللّٰهِ لَهُمُ الْبُشْرٰی ۚ— فَبَشِّرْ عِبَادِ ۟ۙ
නපුරු බලවේගයන්ගෙන් (ඉවත් ව) ඒවාට නැමදුම් කිරීමෙන් වැළකී අල්ලාහ් වෙත නැඹුරු වූවන් වනාහි ඔවුනටය ශුභාශිංසනය ඇත්තේ. එහෙයින් මාගේ ගැත්තන්හට ඔබ සුබාරංචි දන්වනු.
ئەرەپچە تەپسىرلەر:
الَّذِیْنَ یَسْتَمِعُوْنَ الْقَوْلَ فَیَتَّبِعُوْنَ اَحْسَنَهٗ ؕ— اُولٰٓىِٕكَ الَّذِیْنَ هَدٰىهُمُ اللّٰهُ وَاُولٰٓىِٕكَ هُمْ اُولُوا الْاَلْبَابِ ۟
ප්‍රකාශයට සවන් දී එය වඩාත් අලංකාර අයුරින් අනුගමනය කරන්නන් වනාහි අල්ලාහ් ඔවුනට මග පෙන්වූ අය ඔවුහු ම ය. තවද ඔවුහු මය ප්‍රබුද්ධිමත් උදවිය වන්නෝ.
ئەرەپچە تەپسىرلەر:
اَفَمَنْ حَقَّ عَلَیْهِ كَلِمَةُ الْعَذَابِ ؕ— اَفَاَنْتَ تُنْقِذُ مَنْ فِی النَّارِ ۟ۚ
(නබිවරය!) කවුරුන් කෙරෙහි දඬුවම පිළිබඳ වදන නියම වූයේ ද ගින්නෙහි සිටින ඔහුව ඔබ ආරක්ෂා කරන්නෙක් වන්නෙහි ද?
ئەرەپچە تەپسىرلەر:
لٰكِنِ الَّذِیْنَ اتَّقَوْا رَبَّهُمْ لَهُمْ غُرَفٌ مِّنْ فَوْقِهَا غُرَفٌ مَّبْنِیَّةٌ ۙ— تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ ؕ۬— وَعْدَ اللّٰهِ ؕ— لَا یُخْلِفُ اللّٰهُ الْمِیْعَادَ ۟
එහෙත් තම පරමාධිපතිට බිය බැතිමත් වූ අය වනාහි ඔවුනට මන්දිර ඇත. ඒවාට ඉහළින් ඉදි කරන ලද තවත් මන්දිර ද ඇත. ඒවාට පහළින් ගංගාවෝ ගලා බසිති. (එය) අල්ලාහ්ගේ ප්‍රතිඥාවක් වශයෙනි. අල්ලාහ් එම ප්‍රතිඥාව කඩ නො කරයි.
ئەرەپچە تەپسىرلەر:
اَلَمْ تَرَ اَنَّ اللّٰهَ اَنْزَلَ مِنَ السَّمَآءِ مَآءً فَسَلَكَهٗ یَنَابِیْعَ فِی الْاَرْضِ ثُمَّ یُخْرِجُ بِهٖ زَرْعًا مُّخْتَلِفًا اَلْوَانُهٗ ثُمَّ یَهِیْجُ فَتَرٰىهُ مُصْفَرًّا ثُمَّ یَجْعَلُهٗ حُطَامًا ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَذِكْرٰی لِاُولِی الْاَلْبَابِ ۟۠
නියත වශයෙන් ම අල්ලාහ් අහසින් ජලය පහළ කොට එය මහපොළොවේ උල්පත් ලෙස ගලා යන්නට සලස්වා එමඟින් (විවිධ වර්ණවලින් යුත්) විවිධ වර්ගයේ බෝග හටගන්වා පැහෙන්නට සලස්වයි. එවිට ඔබ එය රන්වන් පැහැයෙන් දකිනු ඇත. පසුව එය ඉපැනැලි බවට පත් කරයි. නියත වශයෙන් ම එහි ප්‍රබුද්ධිමත් උදවියට උපදෙසක් ඇත.
ئەرەپچە تەپسىرلەر:
 
مەنالار تەرجىمىسى سۈرە: زۇمەر
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى - تەرجىمىلەر مۇندەرىجىسى

رۇۋاد تەرجىمە مەركىزىدىكى بىر گۇرۇپ ئالىملار رىبۋە دەۋەت جەمئىيىتى ۋە ئىسلامىي مەزمۇنلارنى تەمىنلەش جەمئىيىتى بىلەن ھەمكارلىشىپ تەرجىمە قىلغان.

تاقاش