Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى * - تەرجىمىلەر مۇندەرىجىسى

PDF XML CSV Excel API
Please review the Terms and Policies

مەنالار تەرجىمىسى سۈرە: قەسەس   ئايەت:
وَلَمَّا بَلَغَ اَشُدَّهٗ وَاسْتَوٰۤی اٰتَیْنٰهُ حُكْمًا وَّعِلْمًا ؕ— وَكَذٰلِكَ نَجْزِی الْمُحْسِنِیْنَ ۟
තවද ඔහු ඔහුගේ වැඩිවියට ළඟා වී පරිනතභාවයට පත් වූ කල්හි අපි ඔහුට ප්‍රඥාව හා ඥානය පිරිනැමුවෙමු. තවද එලෙසය අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.
ئەرەپچە تەپسىرلەر:
وَدَخَلَ الْمَدِیْنَةَ عَلٰی حِیْنِ غَفْلَةٍ مِّنْ اَهْلِهَا فَوَجَدَ فِیْهَا رَجُلَیْنِ یَقْتَتِلٰنِ ؗ— هٰذَا مِنْ شِیْعَتِهٖ وَهٰذَا مِنْ عَدُوِّهٖ ۚ— فَاسْتَغَاثَهُ الَّذِیْ مِنْ شِیْعَتِهٖ عَلَی الَّذِیْ مِنْ عَدُوِّهٖ ۙ— فَوَكَزَهٗ مُوْسٰی فَقَضٰی عَلَیْهِ ؗ— قَالَ هٰذَا مِنْ عَمَلِ الشَّیْطٰنِ ؕ— اِنَّهٗ عَدُوٌّ مُّضِلٌّ مُّبِیْنٌ ۟
තවද එහි වැසියන් නො සැලකිල්ලෙන් සිටි මොහොතක ඔහු නගරයට පිවිසී ය. තම පාර්ශවයෙන් වූ කෙනෙකු හා ඔහුගේ සතුරන්ගෙන් කෙනෙකු යන ගහ මරා ගන්නා පුද්ගලයින් දෙදෙනෙකු ඔහු දුටුවේ ය. එවිට තම පාර්ශවයේ පුද්ගලයා ඔහුගේ සතුරන්ගෙන් කෙනෙකු වූ අයට එරෙහිව ඔහුගෙන් උදව් පැතී ය. එවිට ඔහු(මූසා) ඔහුට පහරක් ගැසී ය. එවිට ඔහු මරණයට පත් විය. ‘මෙය ෂෙයිතාන්ගේ ක්‍රියාවකි. නියත වශයෙන් ම ඔහු නො මග යවන පැහැදිලි සතුරකි’ යැයි ඔහු පැවසී ය.
ئەرەپچە تەپسىرلەر:
قَالَ رَبِّ اِنِّیْ ظَلَمْتُ نَفْسِیْ فَاغْفِرْ لِیْ فَغَفَرَ لَهٗ ؕ— اِنَّهٗ هُوَ الْغَفُوْرُ الرَّحِیْمُ ۟
මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම මම මට ම අපරාධ කර ගත්තෙමි. එහෙයින් මට සමාව දෙනු මැනව! යැයි ඔහු ප්‍රාර්ථනා කළේ ය. එවිට ඔහු ඔහුට සමාව දුන්නේ ය. නියත වශයෙන් ම ඔහු මය මහා කරුණාන්විත අතික්ෂමාශීලී.
ئەرەپچە تەپسىرلەر:
قَالَ رَبِّ بِمَاۤ اَنْعَمْتَ عَلَیَّ فَلَنْ اَكُوْنَ ظَهِیْرًا لِّلْمُجْرِمِیْنَ ۟
මාගේ පරමාධිපතියාණනි! ඔබ මට ආශිර්වාද කළ දෑ හේතුවෙන් මම කිසිවිටෙක වැරදිකරන්නන්හට උර දෙන්නෙකු නො වෙමි යැයි ඔහු පැවසී ය.
ئەرەپچە تەپسىرلەر:
فَاَصْبَحَ فِی الْمَدِیْنَةِ خَآىِٕفًا یَّتَرَقَّبُ فَاِذَا الَّذِی اسْتَنْصَرَهٗ بِالْاَمْسِ یَسْتَصْرِخُهٗ ؕ— قَالَ لَهٗ مُوْسٰۤی اِنَّكَ لَغَوِیٌّ مُّبِیْنٌ ۟
එවිට ඔහු බියට පත්ව (උදෑසන) නගරය තුළ සුපරික්ෂාකාරීව පසු විය. පෙර දින ඔහුගෙන් උදව් පැතූ අයම නැවතත් ඔහුගෙන් උදව් පැතී ය. එවිට නියත වශයෙන් ම ඔබ පැහැදිලි අපරාධකාරයකි යැයි මූසා ඔහුට පැවසී ය.
ئەرەپچە تەپسىرلەر:
فَلَمَّاۤ اَنْ اَرَادَ اَنْ یَّبْطِشَ بِالَّذِیْ هُوَ عَدُوٌّ لَّهُمَا ۙ— قَالَ یٰمُوْسٰۤی اَتُرِیْدُ اَنْ تَقْتُلَنِیْ كَمَا قَتَلْتَ نَفْسًا بِالْاَمْسِ ۗ— اِنْ تُرِیْدُ اِلَّاۤ اَنْ تَكُوْنَ جَبَّارًا فِی الْاَرْضِ وَمَا تُرِیْدُ اَنْ تَكُوْنَ مِنَ الْمُصْلِحِیْنَ ۟
ඔවුන් දෙදෙනාට ම සතුරු වූ අය අල්ලා ගන්නට ඔහු සිතූ කල්හි, අහෝ මූසා! පෙර දින ඔබ කෙනෙකු මරා දැමුවාක් මෙන් ඔබ මා මරා දමන්නට සිතන්නෙහි ද? ඔබ මහපොළොවේ දැඩි පාලකයකු වීමට මිස වෙනකක් ඔබ අපේක්ෂා කරන්නේ නැත. එමෙන් ම ප්‍රතිසංස්කරණය කරන්නන් අතර වීමට ඔබ අපේක්ෂා කරන්නේ ද නැතැයි ඔහු පැවසී ය.
ئەرەپچە تەپسىرلەر:
وَجَآءَ رَجُلٌ مِّنْ اَقْصَا الْمَدِیْنَةِ یَسْعٰی ؗ— قَالَ یٰمُوْسٰۤی اِنَّ الْمَلَاَ یَاْتَمِرُوْنَ بِكَ لِیَقْتُلُوْكَ فَاخْرُجْ اِنِّیْ لَكَ مِنَ النّٰصِحِیْنَ ۟
තවද නගරයේ ඈත කෙළවර සිට මිනිසෙකු දිව ඇවිත් අහෝ මූසා! නියත වශයෙන් ම ප්‍රධානීහු ඔබ මරා දැමීමට ඔබ ගැන සාකච්ඡා කරති. එහෙයින් ඔබ පිටව යනු. නියත වශයෙන් ම මම ඔබට උපදෙස් දෙන්නන් අතරින් කෙනෙකු යැයි ඔහු පැවසී ය.
ئەرەپچە تەپسىرلەر:
فَخَرَجَ مِنْهَا خَآىِٕفًا یَّتَرَقَّبُ ؗ— قَالَ رَبِّ نَجِّنِیْ مِنَ الْقَوْمِ الظّٰلِمِیْنَ ۟۠
එවිට ඔහු බියට පත්ව සුපරීක්ෂාකාරීව ඉන් පිට වී ‘මාගේ පරමාධිපතියාණනි! අපරාධකාරී ජනයාගෙන් මා මුදවා ගනු මැනව’ යැයි ඔහු පැවසී ය.
ئەرەپچە تەپسىرلەر:
 
مەنالار تەرجىمىسى سۈرە: قەسەس
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى - تەرجىمىلەر مۇندەرىجىسى

رۇۋاد تەرجىمە مەركىزىدىكى بىر گۇرۇپ ئالىملار رىبۋە دەۋەت جەمئىيىتى ۋە ئىسلامىي مەزمۇنلارنى تەمىنلەش جەمئىيىتى بىلەن ھەمكارلىشىپ تەرجىمە قىلغان.

تاقاش