Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى * - تەرجىمىلەر مۇندەرىجىسى

PDF XML CSV Excel API
Please review the Terms and Policies

مەنالار تەرجىمىسى سۈرە: ھەج   ئايەت:
اَلْمُلْكُ یَوْمَىِٕذٍ لِّلّٰهِ ؕ— یَحْكُمُ بَیْنَهُمْ ؕ— فَالَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ فِیْ جَنّٰتِ النَّعِیْمِ ۟
එදින සියලු බලය අල්ලාහ් සතු ය. ඔවුන් අතර ඔහු තීන්දු දෙයි. එහෙයින් දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුහු සැප පහසුකම් ඇති (ස්වර්ග) උයන්හි වෙති.
ئەرەپچە تەپسىرلەر:
وَالَّذِیْنَ كَفَرُوْا وَكَذَّبُوْا بِاٰیٰتِنَا فَاُولٰٓىِٕكَ لَهُمْ عَذَابٌ مُّهِیْنٌ ۟۠
තවද දේවත්වය ප්‍රතික්ෂේප කොට අපගේ වදන් බොරු කළවුන් වනාහි ඔවුනට අවමන් සහගත දඬුවමක් ඇත.
ئەرەپچە تەپسىرلەر:
وَالَّذِیْنَ هَاجَرُوْا فِیْ سَبِیْلِ اللّٰهِ ثُمَّ قُتِلُوْۤا اَوْ مَاتُوْا لَیَرْزُقَنَّهُمُ اللّٰهُ رِزْقًا حَسَنًا ؕ— وَاِنَّ اللّٰهَ لَهُوَ خَیْرُ الرّٰزِقِیْنَ ۟
තවද අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම ගොස් ඝාතනය කරනු ලැබූවන් හෝ මියගියවුන් වනාහි නියත වශයෙන් ම අල්ලාහ් ඔවුනට යහපත් පෝෂණයකින් පෝෂණය කරනු ඇත. තවද නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු මය පෝෂණය කරන්නන් අතරින් ඉතා ශ්‍රේෂ්ඨ වන්නේ.
ئەرەپچە تەپسىرلەر:
لَیُدْخِلَنَّهُمْ مُّدْخَلًا یَّرْضَوْنَهٗ ؕ— وَاِنَّ اللّٰهَ لَعَلِیْمٌ حَلِیْمٌ ۟
ඔවුහු ඒ ගැන තෘප්තියට පත් වන පිවිසුමකින් ඔවුන්ව ඔහු ඇතුළත් කරනු ඇත. තවද නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ඥානී ය; මහත් ඉවසිලිවන්ත ය.
ئەرەپچە تەپسىرلەر:
ذٰلِكَ ۚ— وَمَنْ عَاقَبَ بِمِثْلِ مَا عُوْقِبَ بِهٖ ثُمَّ بُغِیَ عَلَیْهِ لَیَنْصُرَنَّهُ اللّٰهُ ؕ— اِنَّ اللّٰهَ لَعَفُوٌّ غَفُوْرٌ ۟
එය (අල්ලාහ්ගේ නියමයයි). තවද කවරෙකු කවර දෙයකින් දඬුවම් කරනු ලැබුවේ ද ඒ හා සමානව ඔහුට දඬුවම් කොට, එයට පසුව ඔහු කෙරෙහි සීමාව ඉක්මවා හිංසා කරනු ලබයි නම් එවිට අල්ලාහ් සැබැවින් ම ඔහුට උදව් කරනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් ඉවසන්නා ය; අතික්ෂමාශීලී ය.
ئەرەپچە تەپسىرلەر:
ذٰلِكَ بِاَنَّ اللّٰهَ یُوْلِجُ الَّیْلَ فِی النَّهَارِ وَیُوْلِجُ النَّهَارَ فِی الَّیْلِ وَاَنَّ اللّٰهَ سَمِیْعٌ بَصِیْرٌ ۟
එය නියත වශයෙන් ම අල්ලාහ් රාත්‍රිය දහවලෙහි ඇතුළු කරන බැවින් ද, දහවල රාත්‍රිය තුළ ඇතුළු කරන බැවින් ද වේ. තවද නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව නිරීක්ෂක ය.
ئەرەپچە تەپسىرلەر:
ذٰلِكَ بِاَنَّ اللّٰهَ هُوَ الْحَقُّ وَاَنَّ مَا یَدْعُوْنَ مِنْ دُوْنِهٖ هُوَ الْبَاطِلُ وَاَنَّ اللّٰهَ هُوَ الْعَلِیُّ الْكَبِیْرُ ۟
එය නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු ම සත්‍යය බැවිනි. තවද ඔහු හැර දමා ඔවුන් අයැදින දෑ නිෂ්ඵල දෑම ය. තවද නියත වශයෙන් ම අල්ලාහ් උත්තරීතර ය; අතිශ්‍රෙෂ්ඨ ය.
ئەرەپچە تەپسىرلەر:
اَلَمْ تَرَ اَنَّ اللّٰهَ اَنْزَلَ مِنَ السَّمَآءِ مَآءً ؗ— فَتُصْبِحُ الْاَرْضُ مُخْضَرَّةً ؕ— اِنَّ اللّٰهَ لَطِیْفٌ خَبِیْرٌ ۟ۚ
නියත වශයෙන් ම අල්ලාහ් අහසින් ජලය පහළ කොට පසුව මහපොළොව සරුසාරවත් වීම නුඹ නො දුටුවෙහි ද? නියත වශයෙන් ම අල්ලාහ් මෛත්‍රි ය; අභිඥානවන්ත ය.
ئەرەپچە تەپسىرلەر:
لَهٗ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— وَاِنَّ اللّٰهَ لَهُوَ الْغَنِیُّ الْحَمِیْدُ ۟۠
අහස් තුළ ඇති දෑ ද, මහපොළොව තුළ ඇති දෑ ද ඔහු සතු ය. තවද නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු මය අවශ්‍යතාවන්ගෙන් තොර, ප්‍රශංසාලාභී වනුයේ.
ئەرەپچە تەپسىرلەر:
 
مەنالار تەرجىمىسى سۈرە: ھەج
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى - تەرجىمىلەر مۇندەرىجىسى

رۇۋاد تەرجىمە مەركىزىدىكى بىر گۇرۇپ ئالىملار رىبۋە دەۋەت جەمئىيىتى ۋە ئىسلامىي مەزمۇنلارنى تەمىنلەش جەمئىيىتى بىلەن ھەمكارلىشىپ تەرجىمە قىلغان.

تاقاش