Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى * - تەرجىمىلەر مۇندەرىجىسى

PDF XML CSV Excel API
Please review the Terms and Policies

مەنالار تەرجىمىسى سۈرە: ئەنبىيا   ئايەت:
وَاِذَا رَاٰكَ الَّذِیْنَ كَفَرُوْۤا اِنْ یَّتَّخِذُوْنَكَ اِلَّا هُزُوًا ؕ— اَهٰذَا الَّذِیْ یَذْكُرُ اٰلِهَتَكُمْ ۚ— وَهُمْ بِذِكْرِ الرَّحْمٰنِ هُمْ كٰفِرُوْنَ ۟
තවද ප්‍රතික්ෂේප කළවුන් නුඹව දුටු විට නුඹලාගේ දෙවිවරුන් ගැන මෙනෙහි කරනුයේ මොහු දැ? යි පවසමින් නුඹව සරදමක් ලෙස මිස ඔවුහු නො ගනු ඇත. තවද ඔවුහු මහා කරුණාන්විතයාණන් මෙනෙහි කිරීමට ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.
ئەرەپچە تەپسىرلەر:
خُلِقَ الْاِنْسَانُ مِنْ عَجَلٍ ؕ— سَاُورِیْكُمْ اٰیٰتِیْ فَلَا تَسْتَعْجِلُوْنِ ۟
මිනිසා ඉක්මන් සුළු ගතියෙන් මවනු ලැබ ඇත. මාගේ සංඥාවන් මම නුඹලාට මතු පෙන්වමි. එහෙයින් නුඹලා මගෙන් (ඒවා) ඉක්මණින් නො පතනු.
ئەرەپچە تەپسىرلەر:
وَیَقُوْلُوْنَ مَتٰی هٰذَا الْوَعْدُ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
තවද නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදා (සිදු වන්නේ) දැ? යි ඔවුහු විමසති.
ئەرەپچە تەپسىرلەر:
لَوْ یَعْلَمُ الَّذِیْنَ كَفَرُوْا حِیْنَ لَا یَكُفُّوْنَ عَنْ وُّجُوْهِهِمُ النَّارَ وَلَا عَنْ ظُهُوْرِهِمْ وَلَا هُمْ یُنْصَرُوْنَ ۟
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්, ඔවුන්ගේ මුහුණු හා ඔවුන්ගේ කොඳු (නිරා) ගින්නෙන් ඔවුනට වළකාගත නොහැකි එමෙන් ම ඔවුනට උදව් කරනු නො ලබන අවස්ථාව ගැන දැන සිටියා නම්! (ඔවුන් ඉක්මන් නො වනු ඇත).
ئەرەپچە تەپسىرلەر:
بَلْ تَاْتِیْهِمْ بَغْتَةً فَتَبْهَتُهُمْ فَلَا یَسْتَطِیْعُوْنَ رَدَّهَا وَلَا هُمْ یُنْظَرُوْنَ ۟
එහෙත් ඔවුන් වෙත හදිසියේම එය පැමිණෙයි. එවිට එය ඔවුන් කම්පනයට පත් කරයි. එවිට එයට ප්‍රතිචාර දැක්වීමට ඔවුහු හැකියාව නො දරති. එමෙන් ම ඔවුන් අවකාශයද දෙනු නො ලබති.
ئەرەپچە تەپسىرلەر:
وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِّنْ قَبْلِكَ فَحَاقَ بِالَّذِیْنَ سَخِرُوْا مِنْهُمْ مَّا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟۠
තවද නුඹට පෙර ධර්ම දූතයින් සමච්චලයට ලක් කරනු ලැබී ය. එහෙයින් කවර දෙයක් පිළිබඳව ඔවුන් සමච්චල් කරමින් සිටියේ ද එය, ඔවුන් අතරින් සරදම් කළවුන් වටලා ගත්තේ ය.
ئەرەپچە تەپسىرلەر:
قُلْ مَنْ یَّكْلَؤُكُمْ بِالَّیْلِ وَالنَّهَارِ مِنَ الرَّحْمٰنِ ؕ— بَلْ هُمْ عَنْ ذِكْرِ رَبِّهِمْ مُّعْرِضُوْنَ ۟
මහා කරුණාන්විතයාණන්ගෙන් රාත්‍රියෙහි හා දහවලෙහි නුඹලාව ආරක්ෂා කරන්නේ කවරහු දැ? යි (නබිවරය!) නුඹ විමසනු. එහෙත් ඔවුහු ඔවුන්ගේ පරමාධිපති මෙනෙහි කිරීමෙන් පිටු දකින්නෝ වෙති.
ئەرەپچە تەپسىرلەر:
اَمْ لَهُمْ اٰلِهَةٌ تَمْنَعُهُمْ مِّنْ دُوْنِنَا ؕ— لَا یَسْتَطِیْعُوْنَ نَصْرَ اَنْفُسِهِمْ وَلَا هُمْ مِّنَّا یُصْحَبُوْنَ ۟
එසේ නැතහොත්, අපගෙන් තොරව ඔවුන් වළක්වාලන දෙවිවරුන් ඔවුනට වෙත් ද? තමන්ට ම උපකාර කිරීමට පවා ඔවුහු හැකියාව නො දරති. තවද ඔවුහු අපගෙන් ආරක්ෂා කරනු නො ලබති.
ئەرەپچە تەپسىرلەر:
بَلْ مَتَّعْنَا هٰۤؤُلَآءِ وَاٰبَآءَهُمْ حَتّٰی طَالَ عَلَیْهِمُ الْعُمُرُ ؕ— اَفَلَا یَرَوْنَ اَنَّا نَاْتِی الْاَرْضَ نَنْقُصُهَا مِنْ اَطْرَافِهَا ؕ— اَفَهُمُ الْغٰلِبُوْنَ ۟
එසේ නො ව, මොවුනට හා මොවුන්ගේ මුතුන් මිත්තන්හට දිගු ආයුෂ කාලයක් ගත වන තෙක් අපි භුක්ති විඳීමට සළස්වීමු; අපි මහපොළොව එහි පැතිකඩවලින් අඩු කරමින් එන බව ඔවුහු නො දුටුවෝ ද? එහෙයින් ඔවුන් (අප) අභිබවා යන්නෝ වෙත් ද?
ئەرەپچە تەپسىرلەر:
 
مەنالار تەرجىمىسى سۈرە: ئەنبىيا
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى - تەرجىمىلەر مۇندەرىجىسى

رۇۋاد تەرجىمە مەركىزىدىكى بىر گۇرۇپ ئالىملار رىبۋە دەۋەت جەمئىيىتى ۋە ئىسلامىي مەزمۇنلارنى تەمىنلەش جەمئىيىتى بىلەن ھەمكارلىشىپ تەرجىمە قىلغان.

تاقاش