Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى * - تەرجىمىلەر مۇندەرىجىسى

PDF XML CSV Excel API
Please review the Terms and Policies

مەنالار تەرجىمىسى سۈرە: ئىسرا   ئايەت:

අල් ඉස්රා

سُبْحٰنَ الَّذِیْۤ اَسْرٰی بِعَبْدِهٖ لَیْلًا مِّنَ الْمَسْجِدِ الْحَرَامِ اِلَی الْمَسْجِدِ الْاَقْصَا الَّذِیْ بٰرَكْنَا حَوْلَهٗ لِنُرِیَهٗ مِنْ اٰیٰتِنَا ؕ— اِنَّهٗ هُوَ السَّمِیْعُ الْبَصِیْرُ ۟
අපගේ සංඥාවන් ඔහුට පෙන්වනු පිණිස (මක්කාහ්වේ පිහිටි) මස්ජිදුල් හරාම්හි සිට ඒ අවට අපි සමෘද්ධිමත් කළ (ජෙරුසලමේ පිහිටි) මස්ජිදුල් අක්සා දක්වා තම ගැත්තාව එක් රාත්‍රියක ගමන් කෙරෙව්වා වූ ඔහු (අල්ලාහ්) සුවිශුද්ධ ය. නියත වශයෙන් ම ඔහු මය සර්ව ශ්‍රාවක. සර්ව නිරීක්ෂක.
ئەرەپچە تەپسىرلەر:
وَاٰتَیْنَا مُوْسَی الْكِتٰبَ وَجَعَلْنٰهُ هُدًی لِّبَنِیْۤ اِسْرَآءِیْلَ اَلَّا تَتَّخِذُوْا مِنْ دُوْنِیْ وَكِیْلًا ۟ؕ
තවද අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු. නුඹලා මගෙන් තොරව භාරකරුවකු නො ගනු යැයි පවසා ඉස්රාඊල්ගේ දරුවන්ට එය මග පෙන්වීමක් බවට පත් කළෙමු.
ئەرەپچە تەپسىرلەر:
ذُرِّیَّةَ مَنْ حَمَلْنَا مَعَ نُوْحٍ ؕ— اِنَّهٗ كَانَ عَبْدًا شَكُوْرًا ۟
(නුඹලා) නූහ් සමඟ අප (නැවෙහි) ඉසිලූ අයගේ පරපුරයි. නියත වශයෙන් ම ඔහු කෘතවේදී ගැත්තෙකු විය.
ئەرەپچە تەپسىرلەر:
وَقَضَیْنَاۤ اِلٰی بَنِیْۤ اِسْرَآءِیْلَ فِی الْكِتٰبِ لَتُفْسِدُنَّ فِی الْاَرْضِ مَرَّتَیْنِ وَلَتَعْلُنَّ عُلُوًّا كَبِیْرًا ۟
තවද "නියත වශයෙන් ම, නුඹලා මහපොළොවේ දෙවරක් කලහකම් කරනු ඇතැයි ද නුඹලා මහත් උදම්වීමකින් (අපරාධ ක්‍රියා කරමින්) උදම් වනු ඇතැයි ද ඉස්රාඊල් දරුවන්ට අපේ ධර්ම ග්‍රන්ථයේ තීන්දු කළෙමු.
ئەرەپچە تەپسىرلەر:
فَاِذَا جَآءَ وَعْدُ اُوْلٰىهُمَا بَعَثْنَا عَلَیْكُمْ عِبَادًا لَّنَاۤ اُولِیْ بَاْسٍ شَدِیْدٍ فَجَاسُوْا خِلٰلَ الدِّیَارِ وَكَانَ وَعْدًا مَّفْعُوْلًا ۟
ඒ දෙකින් පළමු ප්‍රතිඥාව පැමිණි විට අප සතු වඩාත් බලවත් ගැත්තන් නුඹලාට එරෙහිව අපි එව්වෙමු. එවිට ඔවුහු නිවෙස් අතරට රිංගා ගියෝ ය. එය සිදු කරනු ලබන ප්‍රතිඥාවක් විය.
ئەرەپچە تەپسىرلەر:
ثُمَّ رَدَدْنَا لَكُمُ الْكَرَّةَ عَلَیْهِمْ وَاَمْدَدْنٰكُمْ بِاَمْوَالٍ وَّبَنِیْنَ وَجَعَلْنٰكُمْ اَكْثَرَ نَفِیْرًا ۟
පසුව ඔවුනට එරෙහිව වාරය නුඹලා වෙත අපි නැවත ලබා දුනිමු. තවද ධනයෙන් හා දරුවන්ගෙන් අපි නුඹලාට උපකාර කළෙමු. තවද අපි නුඹලාව පිරිස් බලයෙන් අධික කළෙමු.
ئەرەپچە تەپسىرلەر:
اِنْ اَحْسَنْتُمْ اَحْسَنْتُمْ لِاَنْفُسِكُمْ ۫— وَاِنْ اَسَاْتُمْ فَلَهَا ؕ— فَاِذَا جَآءَ وَعْدُ الْاٰخِرَةِ لِیَسُوْٓءٗا وُجُوْهَكُمْ وَلِیَدْخُلُوا الْمَسْجِدَ كَمَا دَخَلُوْهُ اَوَّلَ مَرَّةٍ وَّلِیُتَبِّرُوْا مَا عَلَوْا تَتْبِیْرًا ۟
නුඹලා යහපත කර ඇත්නම් (එසේ) නුඹලා යහපත කර ඇත්තේ නුඹලාගේ ආත්මාවන්ට ය. තවද නුඹලා නපුරක් කර ඇත්නම් එය ද එයට ම ය. එහෙයින් අවසන් ප්‍රතිඥාව පැමිණි විට නුඹලාගේ මුහුණු ඔවුන් අවමන් කිරීමටත්, ඔවුන් එහි මුල්වරට පිවිසුණාක් මෙන් මස්ජිදයට පිවිසීමටත්, ඔවුහු උදම් වූ දෑ දැඩි ලෙස විනාශ කර දැමීමටත් (අපි ඔවුන්ව එව්වෙමු.)
ئەرەپچە تەپسىرلەر:
 
مەنالار تەرجىمىسى سۈرە: ئىسرا
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى - تەرجىمىلەر مۇندەرىجىسى

رۇۋاد تەرجىمە مەركىزىدىكى بىر گۇرۇپ ئالىملار رىبۋە دەۋەت جەمئىيىتى ۋە ئىسلامىي مەزمۇنلارنى تەمىنلەش جەمئىيىتى بىلەن ھەمكارلىشىپ تەرجىمە قىلغان.

تاقاش