Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى * - تەرجىمىلەر مۇندەرىجىسى

PDF XML CSV Excel API
Please review the Terms and Policies

مەنالار تەرجىمىسى سۈرە: ئىبراھىم   ئايەت:
قَالَتْ لَهُمْ رُسُلُهُمْ اِنْ نَّحْنُ اِلَّا بَشَرٌ مِّثْلُكُمْ وَلٰكِنَّ اللّٰهَ یَمُنُّ عَلٰی مَنْ یَّشَآءُ مِنْ عِبَادِهٖ ؕ— وَمَا كَانَ لَنَاۤ اَنْ نَّاْتِیَكُمْ بِسُلْطٰنٍ اِلَّا بِاِذْنِ اللّٰهِ ؕ— وَعَلَی اللّٰهِ فَلْیَتَوَكَّلِ الْمُؤْمِنُوْنَ ۟
අපි නුඹලා මෙන් මිනිසුන් මිස වෙනත් අය නො වෙමු. එනමුත් අල්ලාහ් තම ගැත්තන් අතරින් තමන් අභිමත කරන අයට (දූත මෙහෙවර) පිරිනමනු ඇත. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව අප නුඹලා වෙත ගෙන ඒමට කිසිදු සාක්ෂියක් අපට නො වීය. තවද අල්ලාහ් වෙත ම දේවත්වය විශ්වාස කරන්නන් (සියල්ල) භාර කළ යුතු වේ.
ئەرەپچە تەپسىرلەر:
وَمَا لَنَاۤ اَلَّا نَتَوَكَّلَ عَلَی اللّٰهِ وَقَدْ هَدٰىنَا سُبُلَنَا ؕ— وَلَنَصْبِرَنَّ عَلٰی مَاۤ اٰذَیْتُمُوْنَا ؕ— وَعَلَی اللّٰهِ فَلْیَتَوَكَّلِ الْمُتَوَكِّلُوْنَ ۟۠
තවද අල්ලාහ් වෙත භාර නො කර සිටීමට අපට කුමක් වී ද? තවද සැබැවින් ම ඔහු අපගේ මාර්ග අපට පෙන්වී ය. තවද නුඹලා අපහට කරන පීඩාවන් අපි ඉවසා දරා ගන්නෙමු. තවද භාර කරන්නන් අල්ලාහ් වෙත ම භාර කළ යුතු වේ.
ئەرەپچە تەپسىرلەر:
وَقَالَ الَّذِیْنَ كَفَرُوْا لِرُسُلِهِمْ لَنُخْرِجَنَّكُمْ مِّنْ اَرْضِنَاۤ اَوْ لَتَعُوْدُنَّ فِیْ مِلَّتِنَا ؕ— فَاَوْحٰۤی اِلَیْهِمْ رَبُّهُمْ لَنُهْلِكَنَّ الظّٰلِمِیْنَ ۟ۙ
තවද සැබැවින් ම අපි නුඹලාව අපගේ ප්‍රදේශයෙන් පිටුවහල් කරන්නෙමු. එසේ නැතහොත් නුඹලා අපගේ පිළිවෙත තුළට නැවත පැමිණිය යුතුය යැයි ප්‍රතික්ෂේප කළවුන් ඔවුන්ගේ රසූල්වරුන්ට පැවසූහ. එහෙයින් ඔවුන්ගේ පරමාධිපති සැබැවින් ම අපි අපාරධකරුවන් විනාශ කරන්නෙමු යැයි ඔවුනට දන්වා සිටියේ ය.
ئەرەپچە تەپسىرلەر:
وَلَنُسْكِنَنَّكُمُ الْاَرْضَ مِنْ بَعْدِهِمْ ؕ— ذٰلِكَ لِمَنْ خَافَ مَقَامِیْ وَخَافَ وَعِیْدِ ۟
තවද ඔවුන්ගෙන් පසුව අපි නුඹලාව එම ප්‍රදේශයේ පදිංචි කරවන්නෙමු. එය මා ඉදිරියේ (විනිශ්චය සඳහා) සිට ගැනීමට බිය වූවන් හා මාගේ අවවාදයට බිය වූවන්හට ය.
ئەرەپچە تەپسىرلەر:
وَاسْتَفْتَحُوْا وَخَابَ كُلُّ جَبَّارٍ عَنِیْدٍ ۟ۙ
තවද ඔවුහු ජය පැතූහ. තවද මුරණ්ඩුකම් පෑ සාහසික සෑම කෙනෙකුම විනාශයට පත් විය.
ئەرەپچە تەپسىرلەر:
مِّنْ وَّرَآىِٕهٖ جَهَنَّمُ وَیُسْقٰی مِنْ مَّآءٍ صَدِیْدٍ ۟ۙ
ඔහු පසුපස නිරය ඇත. තවද සැරව දියෙන් ඔහුට පොවනු ලැබේ.
ئەرەپچە تەپسىرلەر:
یَّتَجَرَّعُهٗ وَلَا یَكَادُ یُسِیْغُهٗ وَیَاْتِیْهِ الْمَوْتُ مِنْ كُلِّ مَكَانٍ وَّمَا هُوَ بِمَیِّتٍ ؕ— وَمِنْ وَّرَآىِٕهٖ عَذَابٌ غَلِیْظٌ ۟
ඔහු ටිකින් ටික එය ගිලී. එහෙත් එය පහසුවෙන් ගිලින්නට අපොහොසත් වෙයි. (එවිට) සෑම තැනකින් ම ඔහු වෙත මරණය පැමිණෙයි. එහෙත් ඔහු මිය යන්නෙකු නො වනු ඇත. ඔහු පසුපසින් දැඩි දඬුවමක් ඇත.
ئەرەپچە تەپسىرلەر:
مَثَلُ الَّذِیْنَ كَفَرُوْا بِرَبِّهِمْ اَعْمَالُهُمْ كَرَمَادِ ١شْتَدَّتْ بِهِ الرِّیْحُ فِیْ یَوْمٍ عَاصِفٍ ؕ— لَا یَقْدِرُوْنَ مِمَّا كَسَبُوْا عَلٰی شَیْءٍ ؕ— ذٰلِكَ هُوَ الضَّلٰلُ الْبَعِیْدُ ۟
තම පරමාධිපතිව ප්‍රතික්ෂේප කළවුන්ගේ උපමාව ඔවුන්ගේ ක්‍රියාවන් චණ්ඩ මාරුතයක් සහිත දිනක සුළඟ දැඩි ලෙස හසුකර ගත් අළු බඳු ය. ඔවුන් ඉපැයූ දැයින් කිසිවක් මත ඔවුහු ශක්තිය නො දරති. එය අන්ත මුළාවක්ම ය.
ئەرەپچە تەپسىرلەر:
 
مەنالار تەرجىمىسى سۈرە: ئىبراھىم
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى - تەرجىمىلەر مۇندەرىجىسى

رۇۋاد تەرجىمە مەركىزىدىكى بىر گۇرۇپ ئالىملار رىبۋە دەۋەت جەمئىيىتى ۋە ئىسلامىي مەزمۇنلارنى تەمىنلەش جەمئىيىتى بىلەن ھەمكارلىشىپ تەرجىمە قىلغان.

تاقاش