Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى * - تەرجىمىلەر مۇندەرىجىسى

PDF XML CSV Excel API
Please review the Terms and Policies

مەنالار تەرجىمىسى سۈرە: يۈسۈپ   ئايەت:
فَلَمَّا ذَهَبُوْا بِهٖ وَاَجْمَعُوْۤا اَنْ یَّجْعَلُوْهُ فِیْ غَیٰبَتِ الْجُبِّ ۚ— وَاَوْحَیْنَاۤ اِلَیْهِ لَتُنَبِّئَنَّهُمْ بِاَمْرِهِمْ هٰذَا وَهُمْ لَا یَشْعُرُوْنَ ۟
ඔවුහු ඔහුව කැටුවා ගෙන ගිය කල්හි ඔවුහු ඔහුව ළිං අඳුරෙහි තබන්නට එක් වූහ. තවද නියත වශයෙන් ම ඔවුන් නොදැන සිටිය දී ඔවුන්ගේ මෙම විෂයය සම්බන්ධයෙන් නුඹ ඔවුනට දන්වා සිටිනු ඇතැයි ද අපි ඔහු (යූසුෆ්) වෙත දන්වා සිටියෙමු.
ئەرەپچە تەپسىرلەر:
وَجَآءُوْۤ اَبَاهُمْ عِشَآءً یَّبْكُوْنَ ۟ؕ
තවද ඔවුහු හඩා වැළපෙමින් අඳුරු සමයේ ඔවුන්ගේ පියාණන් වෙත පැමිණියෝ ය.
ئەرەپچە تەپسىرلەر:
قَالُوْا یٰۤاَبَانَاۤ اِنَّا ذَهَبْنَا نَسْتَبِقُ وَتَرَكْنَا یُوْسُفَ عِنْدَ مَتَاعِنَا فَاَكَلَهُ الذِّئْبُ ۚ— وَمَاۤ اَنْتَ بِمُؤْمِنٍ لَّنَا وَلَوْ كُنَّا صٰدِقِیْنَ ۟
‘අපගේ පියාණනි! නියත වශයෙන් ම අපි ගොස් තරඟ වැදුනෙමු. අපගේ භාණ්ඩ සමඟ යූසුෆ්ව ද අත හැර දැමුවෙමු. එවිට වෘකයා ඔහුව කා දැමී ය. අපි සත්‍යවාදීන්ව සිටිය ද ඔබ අපව විශ්වාස කරන්නකු නො වනු ඇතැයි’ ඔවුහු පැවසුවෝ ය.
ئەرەپچە تەپسىرلەر:
وَجَآءُوْ عَلٰی قَمِیْصِهٖ بِدَمٍ كَذِبٍ ؕ— قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ اَنْفُسُكُمْ اَمْرًا ؕ— فَصَبْرٌ جَمِیْلٌ ؕ— وَاللّٰهُ الْمُسْتَعَانُ عَلٰی مَا تَصِفُوْنَ ۟
ඔවුහු ව්‍යාජ ලේ ඔහුගේ කමිසය මත තවරා ගෙන ආවෝය. (එවිට) නුඹලාගේ ආත්මාවන් නුඹලාට මෙය අලංකාරවත් කළේය. එබැවින් (මා කළ යුත්තේ) අලංකාර ඉවසීමය. තවද අල්ලාහ් නුඹලා වර්ණනා කරන දෑ කෙරෙහි උදව් පතනු ලබන්නාය. (එහෙයින් මම ඔහුගෙන්ම උදව් පතමි.) යැයි ඔහු පැවසීය.
ئەرەپچە تەپسىرلەر:
وَجَآءَتْ سَیَّارَةٌ فَاَرْسَلُوْا وَارِدَهُمْ فَاَدْلٰی دَلْوَهٗ ؕ— قَالَ یٰبُشْرٰی هٰذَا غُلٰمٌ ؕ— وَاَسَرُّوْهُ بِضَاعَةً ؕ— وَاللّٰهُ عَلِیْمٌۢ بِمَا یَعْمَلُوْنَ ۟
තවද (වෙළෙඳ) නඩයක් පැමිණියේ ය. ඔවුනට ජලය සපයන්නකුව ඔවුහු එවුහ. එවිට ඔහු ඔහුගේ පනිට්ටුව (ළිඳට) දැමුවේ ය. ‘අහෝ ශුභාරංචියකි. මෙන්න, දරුවෙකි’ යැයි ඔහු පැවසුවේ ය. තවද (ළිඳෙන් පිටත ගත්) ඔවුහු වෙළඳ භාණ්ඩයක් ලෙසින් ඔහුව ද සඟවා ගත්තෝ ය. තවද ඔවුන් සිදු කරන දෑ පිළිබඳව අල්ලාහ් සර්ව ඥානී ය.
ئەرەپچە تەپسىرلەر:
وَشَرَوْهُ بِثَمَنٍ بَخْسٍ دَرَاهِمَ مَعْدُوْدَةٍ ۚ— وَكَانُوْا فِیْهِ مِنَ الزَّاهِدِیْنَ ۟۠
තවද ඔවුහු අඩු වටිනාකමට නියමිත රිදී කාසි ගණනකට ඔහුව විකුණා දැමුවෝ ය. තවද ඔහු සම්බන්ධයෙන් ඔවුහු උදාසීන වූවන් අතරින් වූහ.
ئەرەپچە تەپسىرلەر:
وَقَالَ الَّذِی اشْتَرٰىهُ مِنْ مِّصْرَ لِامْرَاَتِهٖۤ اَكْرِمِیْ مَثْوٰىهُ عَسٰۤی اَنْ یَّنْفَعَنَاۤ اَوْ نَتَّخِذَهٗ وَلَدًا ؕ— وَكَذٰلِكَ مَكَّنَّا لِیُوْسُفَ فِی الْاَرْضِ ؗ— وَلِنُعَلِّمَهٗ مِنْ تَاْوِیْلِ الْاَحَادِیْثِ ؕ— وَاللّٰهُ غَالِبٌ عَلٰۤی اَمْرِهٖ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَعْلَمُوْنَ ۟
තවද මිස්රයේ දී ඔහුව මිලට ගත් අය තම බිරිය අමතා ‘මොහුගේ නවාතැන ගෞරවයෙන් රැක බලා ගනු. මොහු අපට ප්‍රයෝජනවත් වන්නට පුළුවන. එසේ නැතහොත් අපගේ දරුවකු වශයෙන් ගනිමු’ යැයි පැවසුවේ ය. අපි යූසුෆ්ට පොළොවේ පහසුකම් සැලැස්වූයේ එලෙස ය. තවද අපි ඔහුට සිදුවීම්වල යථාර්ථය (අවබෝධ කර ගන්නට) ඉගැන් වූයෙමු. තවද අල්ලාහ් ඔහුගේ නියෝගය (ක්‍රියාත්මක කිරීම) මත බලය දරන්නා ය. එහෙත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.
ئەرەپچە تەپسىرلەر:
وَلَمَّا بَلَغَ اَشُدَّهٗۤ اٰتَیْنٰهُ حُكْمًا وَّعِلْمًا ؕ— وَكَذٰلِكَ نَجْزِی الْمُحْسِنِیْنَ ۟
තවද ඔහු පරිණතභාවයට පත් වූ කල්හි අපි ඔහුට ප්‍රඥාව හා ඥානය පිරිනැමුවෙමු. එලෙසය දැහැමියන්ට අපි ප්‍රතිඵල පිරිනමනුයේ.
ئەرەپچە تەپسىرلەر:
 
مەنالار تەرجىمىسى سۈرە: يۈسۈپ
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى - تەرجىمىلەر مۇندەرىجىسى

رۇۋاد تەرجىمە مەركىزىدىكى بىر گۇرۇپ ئالىملار رىبۋە دەۋەت جەمئىيىتى ۋە ئىسلامىي مەزمۇنلارنى تەمىنلەش جەمئىيىتى بىلەن ھەمكارلىشىپ تەرجىمە قىلغان.

تاقاش