Check out the new design

Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm * - Indise ng mga Salin


Salin ng mga Kahulugan Ayah: (89) Surah: Al-Mā’idah
لَا یُؤَاخِذُكُمُ اللّٰهُ بِاللَّغْوِ فِیْۤ اَیْمَانِكُمْ وَلٰكِنْ یُّؤَاخِذُكُمْ بِمَا عَقَّدْتُّمُ الْاَیْمَانَ ۚ— فَكَفَّارَتُهٗۤ اِطْعَامُ عَشَرَةِ مَسٰكِیْنَ مِنْ اَوْسَطِ مَا تُطْعِمُوْنَ اَهْلِیْكُمْ اَوْ كِسْوَتُهُمْ اَوْ تَحْرِیْرُ رَقَبَةٍ ؕ— فَمَنْ لَّمْ یَجِدْ فَصِیَامُ ثَلٰثَةِ اَیَّامٍ ؕ— ذٰلِكَ كَفَّارَةُ اَیْمَانِكُمْ اِذَا حَلَفْتُمْ ؕ— وَاحْفَظُوْۤا اَیْمَانَكُمْ ؕ— كَذٰلِكَ یُبَیِّنُ اللّٰهُ لَكُمْ اٰیٰتِهٖ لَعَلَّكُمْ تَشْكُرُوْنَ ۟
දේව විශ්වාසී ජනයිනි! චේතනාවකින් තොරව ඔබ දිවුරා සිටින දෑ ගැන අල්ලාහ් ඔබෙන් ප්රශ්න කරන්නේ නැත. එසේ ඔබෙන් ප්රශ්න කරනුයේ ස්ථීර ලෙස චේතාන්විත ව දිවුරන දිවුරීම් පිළිබඳවය. ඔබ කරුණක් මත හදවතින්ම දිවුරා පසු ව කඩ කරන්නෙහුය. එසේ ඔබ කවර කරුණක් මත දිවුරා එය ප්රසිද්ධියේ ප්රකාශ කිරීමෙන් පසු ව කඩ කරන්නෙහු නම් ඒ සඳහා ප්රතිකර්මයක් වශයෙන් පහත සඳහන් කරුණු තුනෙන් එකක් තෝරා ඉටු කිරීම තුළින් එම පාපය අල්ලාහ් කමා කරනු ඇත. ඒවා නම් රටක ජනතාව පරිභෝජනය කරන මධ්යස්ථ ආහාර වේලක් බැගින් දුප්පතුන් දස දෙනෙකු සඳහා ආහාර සැපයීම, එසේ නැතහොත් පොදුවේ ඇඳුමක් යැයි සලකනු ලබන ඇදුම් සැපයීම, එසේත් නැතිනම් දේව විශ්වාසී වහළෙකු නිදහස් කිරීමයි. තම දිවුරුමට ප්රතිකර්මයක් වශයෙන් මෙම කරුණු තුනෙන් එකක් හෝ ලබා දීමට නොහැකි වූ විට දින තුනක් උපවාසයේ නිරතවීම එයට ප්රතිකර්මයක් වන්නේය. සඳහන් කරනු ලැබූ මේවා ඔබේ දිවුරීම් සඳහා වූ ප්රතිකර්මයයි. අහෝදේවත්වය විශ්වාස කරන ජනයිනි! ඔබ අල්ලාහ් මත දිවුරා පසු ව එය කඩ කරන්නෙහු නම් ඔබ අල්ලාහ් මත බොරුවට දිවුරා සිටීමෙන් ද අල්ලාහ් මත අධික ව දිවුරා සිටීමෙන් ද ඉටු කළ නොහැකි දෑ යහපතක් නම් ඒ මත දිවුරා සිටීමෙන්ද ආරක්ෂා වනු. එහෙයින් ඔබ යහපත සිදු කොට ඔබේ දිවුරීම් සඳහා ප්රතිකර්මයන් ඉටු කරනු. දිවුරුම් කඩ කිරීම සඳහා ප්රතිකර්මය ඔබට අල්ලාහ් පැහැදිලි කළාක් මෙන්ම හලාල් හා හරාම් සඳහා ඔහුගේ පැහැදිලි නීති රාමුවන් ඔහු ඔබට පැහැදිලි කර ඇත. එය ඔබ නොදන්නා දෑ ඔබට අල්ලාහ් ඉගැන්වීම වෙනුවෙන් ඔහුට කෘතඥ වනු.
Ang mga Tafsir na Arabe:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• الأمر بتوخي الطيب من الأرزاق وترك الخبيث.
•හොඳ හා නැවුම් ආහාර සම්පත් ප්රවේශමෙන් ගැනීමේ නියෝගය හා අයහපත් ආහාර අතහැර දැමීම.

• عدم المؤاخذة على الحلف عن غير عزم للقلب، والمؤاخذة على ما كان عن عزم القلب ليفعلنّ أو لا يفعلنّ.
•සිතේ චේතානාවෙන් තොරව දිවුරා සිටීම වරදක් ලෙස ගණන් ගනු නොලබන අතර එසේ ගණන් ගනුයේ සිතේ චේතනාවක් සහිත ව කරන ලද දිවුරුමක් සිදු කළ විට හෝ නොකළ විටය.

• بيان أن كفارة اليمين: إطعام عشرة مساكين، أو كسوتهم، أو عتق رقبة مؤمنة، فإذا لم يستطع المكفِّر عن يمينه الإتيان بواحد من الأمور السابقة، فليكفِّر عن يمينه بصيام ثلاثة أيام.
•දිවුරුම් කඩ කිරීම සඳහා වූ ප්රතිකර්මය පැහැදිලි කිරීම. එනම් දිළිඳුන් දහ දෙනෙකුට ආහාර සැපයීම හෝ ඔවුනට ඇඳුම් සැපයීම හෝ දේව විශ්වාසී වහල් කාන්තාවක් නිදහස් කිරීමයි. තමන්ගේ දිවුරුමට ප්රතිකර්මය වශයෙන් ඉහත සඳහන් කරුණු වලින් එකක් සිදු කිරීමට හැකියාව නොමැත්තා ඔහුගේ දිවුරුම වෙනුවෙන් ප්රතිකර්ම වශයෙන් දින තුනක් උපවායේ නිරත විය යුතුය.

• قوله تعالى: ﴿... إنَّمَا الْخَمْرُ ...﴾ هي آخر آية نزلت في الخمر، وهي نص في تحريمه.
•මත් පැන් විෂයයෙහි පහළ වූ අවසාන පාඨය (ඉන්නමල් කම්රු...) යන අල්ලාහ්ගේ ප්රකාශයයි. මත් පැන් තහනම් කිරීමේ මූලික නීති පාඨයද මෙයයි.

 
Salin ng mga Kahulugan Ayah: (89) Surah: Al-Mā’idah
Indise ng mga Surah Numero ng Pahina
 
Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm - Indise ng mga Salin

Inilabas ng Markaz Tafsīr Lid-Dirāsāt Al-Qur’ānīyah (Sentro ng Tafsīr Para sa mga Pag-aaral Pang-Qur’an).

Isara