Check out the new design

Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm * - Indise ng mga Salin


Salin ng mga Kahulugan Surah: Al-Ahzāb   Ayah:

අල්-අහ්සාබ්

Ilan sa mga Layon ng Surah:
بيان عناية الله بنبيه صلى الله عليه وسلم، وحماية جنابه وأهل بيته.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිළිබඳ වූ අල්ලාහ්ගේ අවධානය පැහැදිලි කිරීම හා එතුමා අසළින් සිටි උදවිය සහ එතුමාගේ පවුලේ අයගේ ආරක්ෂාව.

یٰۤاَیُّهَا النَّبِیُّ اتَّقِ اللّٰهَ وَلَا تُطِعِ الْكٰفِرِیْنَ وَالْمُنٰفِقِیْنَ ؕ— اِنَّ اللّٰهَ كَانَ عَلِیْمًا حَكِیْمًا ۟ۙ
අහෝ නබිවරය! නුඹ සහ නුඹ සමග සිටින්නන් අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට භක්තිමත් ව කටයුතු කිරීමෙහි ස්ථාවර ව සිටිනු. ඔහුට පමණක් බිය වනු. දේව ප්රතික්ෂේපකයින්ගේ හා කුහකයින්ගේ ආශාවන් අතරට නුඹ යටත් නොවනු. දේව ප්රතික්ෂේපකයින් හා කුහකයින් සිදු කරන කුමන්ත්රණ පිළිබඳ ව සැබැවින්ම අල්ලාහ් මැනවින් දාන්නාය. එමෙන්ම ඔහුගේ මැවීම් හා ඔහුගේ සැලසුම් කිරීම් හි ඔහු මහා ප්රඥාවන්තය.
Ang mga Tafsir na Arabe:
وَّاتَّبِعْ مَا یُوْحٰۤی اِلَیْكَ مِنْ رَّبِّكَ ؕ— اِنَّ اللّٰهَ كَانَ بِمَا تَعْمَلُوْنَ خَبِیْرًا ۟ۙ
නුඹේ පරමාධිපති නුඹ වෙත පහළ කරන දිව්ය පණිවිඩ අනුගමනය කරනු. සැබැවින්ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ අභිඥානවන්තය. ඒවායින් කිසිවක් ඔහුට අතපසු වන්නේ නැත. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට මතු ප්රතිඵල පිරිනමනු ඇත.
Ang mga Tafsir na Arabe:
وَّتَوَكَّلْ عَلَی اللّٰهِ ؕ— وَكَفٰی بِاللّٰهِ وَكِیْلًا ۟
සියලු කටයුතු වලදී අල්ලාහ් මත පමණක් නුඹ ස්ථාවර ව රැඳී සිටිනු. ඔහුගේ ගැත්තන් අතරින් ඔහු මත සියල්ල පවරන්නන් හට සුවිශුද්ධයාණන් වන ඔහු ප්රමාණවත්ය.
Ang mga Tafsir na Arabe:
مَا جَعَلَ اللّٰهُ لِرَجُلٍ مِّنْ قَلْبَیْنِ فِیْ جَوْفِهٖ ۚ— وَمَا جَعَلَ اَزْوَاجَكُمُ الّٰٓـِٔیْ تُظٰهِرُوْنَ مِنْهُنَّ اُمَّهٰتِكُمْ ۚ— وَمَا جَعَلَ اَدْعِیَآءَكُمْ اَبْنَآءَكُمْ ؕ— ذٰلِكُمْ قَوْلُكُمْ بِاَفْوَاهِكُمْ ؕ— وَاللّٰهُ یَقُوْلُ الْحَقَّ وَهُوَ یَهْدِی السَّبِیْلَ ۟
පිරිමියකුගේ ලය පෙදෙසෙහි හදවත් දෙකක් ඇති නොකළාක් මෙන්ම මහ්රම් තත්ත්වයේ දී බිරින්දෑවරු මව්වරුන්ගේ ස්ථානයට අල්ලාහ් පත් නොකළේය. දරුකමට හදා වඩා ගත් දරුවන් නුඹලාගේ කොඳු නාරටියෙන් බිහි වූ දරුවන්ගේ ස්ථානයට ඔහු පත් නොකළේය. එහෙයින් ලිහාර්, එනම් බිරිය තම මව හා සහෝදරියගේ ස්ථානයේ තබා, ස්වාමි පුරුෂයා ඇය ව තහනම් කර ගැනීම හා දරුකමට හදා වඩා ගත් දරුවන් තම දරුවන්ගේ ස්ථානයේ තැබීම ඉස්ලාමය අවලංගු කළ අඥාන කාලයේ සිරිත් අතරින් විය. මෙම ලිහාර් හා දරුකම නුඹලාගේ මුවවල්වලින් දොඩන ප්රකාශ මිස එහි යථාර්ථය නොවන්නේය. බිරිය මව මෙන් නැත. එමෙන්ම දරුකමට හදා වඩා ගත් දරුවා, තම දරුවා මෙන් වාද කරන්නාගේ දරුවකු ද නොවන්නේය. තම ගැත්තන් ක්රියා කරනු පිණිස සුවිශුද්ධ අල්ලාහ් සත්යය ප්රකාශ කර සිටියි. ඔහු නිවැරැදි දෑ වෙත මඟ පෙන්වනු ඇත.
Ang mga Tafsir na Arabe:
اُدْعُوْهُمْ لِاٰبَآىِٕهِمْ هُوَ اَقْسَطُ عِنْدَ اللّٰهِ ۚ— فَاِنْ لَّمْ تَعْلَمُوْۤا اٰبَآءَهُمْ فَاِخْوَانُكُمْ فِی الدِّیْنِ وَمَوَالِیْكُمْ ؕ— وَلَیْسَ عَلَیْكُمْ جُنَاحٌ فِیْمَاۤ اَخْطَاْتُمْ بِهٖ وَلٰكِنْ مَّا تَعَمَّدَتْ قُلُوْبُكُمْ ؕ— وَكَانَ اللّٰهُ غَفُوْرًا رَّحِیْمًا ۟
සැබැවින්ම නුඹලාගේ දරුවන් යැයි නුඹලා අවධාරණය කරන දරුවන් ඔවුන්ගේ සැබෑ පියවරුන්ගේ වාසගම සමග සම්බන්ධ කර අමතනු. එවිට ඔවුන් ඔවුන් සමග සම්බන්ධකම් පවත් වනු ඇත. එය අල්ලාහ් අබියස වූ යුක්ති ධර්මයකි. ඔවුනට ඔවුන්ගේ පියවරුන් සමග සම්බන්ධ කරන වාසගම් නුඹලා නොදන්නෙහු නම් ඔවුන් දහම තුළ නුඹලාගේ සහෝදරයින් වෙති. වහල්භාවයෙන් නිදහස් වූ නුඹලා අතර නිදහස් පුද්ගලයෝ වෙති. ‘මාගේ සහෝදරයා, මාගේ මහප්පාගේ සහෝදරයා’ වැනි ප්රකාශවලින් ඔවුන් ඇරයුම් කරනු. නුඹලා අතරින් කිසිවකුට වැරදී ඔහුගේ හිමිකම් පෑමට අයැදුම්කරුවෙකු ඉදිරිපත් කළහොත් ඔබ කෙරෙහි පාපයක් නැත. නමුත් ඒ ගැන උවමනාවෙන්ම කතා කරන අවස්ථාවේ නුඹලා පාපයින් බවට පත් වන්නෙහුය. තම ගැත්තන් අතරින් පාපක්ෂමාවේ නිරත වන්නන් හට අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔවුන් වරදට හසුකර නොගන්නා පරිදි ඔහු ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
Ang mga Tafsir na Arabe:
اَلنَّبِیُّ اَوْلٰی بِالْمُؤْمِنِیْنَ مِنْ اَنْفُسِهِمْ وَاَزْوَاجُهٗۤ اُمَّهٰتُهُمْ ؕ— وَاُولُوا الْاَرْحَامِ بَعْضُهُمْ اَوْلٰی بِبَعْضٍ فِیْ كِتٰبِ اللّٰهِ مِنَ الْمُؤْمِنِیْنَ وَالْمُهٰجِرِیْنَ اِلَّاۤ اَنْ تَفْعَلُوْۤا اِلٰۤی اَوْلِیٰٓىِٕكُمْ مَّعْرُوْفًا ؕ— كَانَ ذٰلِكَ فِی الْكِتٰبِ مَسْطُوْرًا ۟
නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දේවත්වය විශ්වාස කරන්නන් කවර කරුණක් වෙත ඇරයුම් කරමින් සිටියේ ද ඔවුන්ගේ ආත්මාවන් ඒ හැර වෙනත් දෑ වෙත නැඹුරු වුවද එම විෂයයන්හි ඔවුන්ගේ ආත්මාවන් පිළිබඳ එතුමාණන් වඩාත් උරුමය ඇත්තාය. එතුමාගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) බිරින්දෑවරු සියලුම දේවත්වය විශ්වාස කරන්නන් සඳහා මව්වරුන්ගේ ස්ථානයේ සිටිති. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා අභාවයට පත් වූ පසු ව දේවත්වය විශ්වාස කරන කවරෙකු විසින් හෝ ඔවුන්ගෙන් එක් තැනැත්තියක් හෝ විවාහ කර ගැනීම තහනම් වන්නේය. ඉස්ලාමය ආරම්භයේ තමන් අතර උරුමකම් පාමින් සිටි දෙවියන් විශ්වාස කළ අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම ගිය අයවලුන් අතරින් අල්ලාහ්ගේ තීන්දුව අනුව ලේ ඥාතීත්වය ඇත්තෝ එකිනෙකා උරුමකම් පෑමට වාඩාත් සුදුස්සෝ වූවෝය. ඉන් පසුව ඔවුන්ගේ උරුමකම් පෑමේ නීතිය වෙනස් කරනු ලැබීය. අහෝ දේවත්වය විශ්වාස කළවුනි! එනමුත් උරුමය නොමැති ව නුඹලාගේ හිතමිතුරන් වෙත ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කිරීමේ හා ඔවුන් සමග සම්බන්ධකම් පැවැත්වීමේ අපේක්ෂාවෙන් එසේ කටයුතු කරන්නේ නම් ඒ සඳහා නුඹලාට අනුමැතිය ඇත. මෙම නීතිය ‘ලව්හුල් මහ්ෆූල්’ නම් සටහන් පුවරුවේ පේළිවල විය. ඒ අනුව කටයුතු කිරීම අනිවාර්යය වන්නේය.
Ang mga Tafsir na Arabe:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• لا أحد أكبر من أن يُؤْمر بالمعروف ويُنْهى عن المنكر.
•යහපත නියෝග කර අයහපතින් වළක්වාලන අයට වඩා ශ්රේෂ්ඨ වෙනත් අයකු නැත.

• رفع المؤاخذة بالخطأ عن هذه الأمة.
•සිදුවන අත්වැරදි ග්රහණය කිරීම මෙම සමූහයාගෙන් ඉවත් කර ඇත.

• وجوب تقديم مراد النبي صلى الله عليه وسلم على مراد الأنفس.
• ආත්මාවල අභිප්රායන්ට වඩා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ අභිප්රායන්ට මුල්තැන දීමේ අනිවාර්යභාවය.

• بيان علو مكانة أزواج النبي صلى الله عليه وسلم، وحرمة نكاحهنَّ من بعده؛ لأنهن أمهات للمؤمنين.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ බිරින්දෑවරුන්ගේ නිලයේ උසස්භාවය විස්තර කිරීම. එතුමාගෙන් පසු ව ඔවුන් විවාහ කර ගැනීමේ තහනම. ඊට හේතුව සැබැවින්ම ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන්ගේ මව්වරුන් වන බැවිණි.

 
Salin ng mga Kahulugan Surah: Al-Ahzāb
Indise ng mga Surah Numero ng Pahina
 
Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm - Indise ng mga Salin

Inilabas ng Markaz Tafsīr Lid-Dirāsāt Al-Qur’ānīyah (Sentro ng Tafsīr Para sa mga Pag-aaral Pang-Qur’an).

Isara