Check out the new design

Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm * - Indise ng mga Salin


Salin ng mga Kahulugan Ayah: (89) Surah: An-Nahl
وَیَوْمَ نَبْعَثُ فِیْ كُلِّ اُمَّةٍ شَهِیْدًا عَلَیْهِمْ مِّنْ اَنْفُسِهِمْ وَجِئْنَا بِكَ شَهِیْدًا عَلٰی هٰۤؤُلَآءِ ؕ— وَنَزَّلْنَا عَلَیْكَ الْكِتٰبَ تِبْیَانًا لِّكُلِّ شَیْءٍ وَّهُدًی وَّرَحْمَةً وَّبُشْرٰی لِلْمُسْلِمِیْنَ ۟۠
සෑම සමූහයක්ම ඔවුන් දරා සිටි දේව විශ්වාසය හා දේව ප්රතික්ෂේපය ගැන ඔවුන් මත සාක්ෂි පැවසීම සඳහා ඒ ඒ සමූහයාගේ දහම් දූතයාව අපි අවදි කරන දින අහෝ දූතය! මෙනෙහි කර බලනු. එම දූතයා ඔවුන්ගේම වර්ගයේ කෙනෙකි. ඔවුන්ගේ භාෂාවෙන්ම කතා කරයි. ඒ සියලු සමූහයා මත ඔබ ව සාක්ෂිකරුවකු ලෙස අපි ගෙන එන්නෙමු. හලාල් හෙවත් අනුමත දෑ ද, හරාම් හෙවත් තහනම් දෑ ද, කුසල් හා දඬුවම් ද, වෙනත් කරුණු ද පැහැදිලි කිරීමට අවශ්ය සියලු දෑ නුඹ පැහැදිලි කරනු වස් අපි නුඹ මත අල් කුර්ආනය පහළ කර ඇත්තෙමු. එය මිනිස් සංහතියට සත්ය වෙත මඟපෙන්වන්නක් ලෙසත් එය විශ්වාස කොට එහි ඇති දෑ අනුව කටයුතු කරන්නන්හට ආශිර්වාදයක් ලෙසත් අල්ලාහ්ව විශ්වාස කරන්නන් බලාපොරොත්තුවන සදා සැපත ගැන ඔවුනට ශුභාරංචි දන්වන්නක් ලෙසත් අපි පහළ කර ඇත්තෙමු.
Ang mga Tafsir na Arabe:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• للكفار الذين يصدون عن سبيل الله عذاب مضاعف بسبب إفسادهم في الدنيا بالكفر والمعصية.
අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළැක්වූ දේව ප්රතික්ෂේපකයින් හට ඔවුන් මෙලොවෙහි දේව ප්රතික්ෂේපය හා පාපකම් සිදු කරමින් කලහකාරීව හැසුරුණු හේතුවෙන් දෙගුණයක දඬුවම හිමි වනු ඇත.

• لا تخلو الأرض من أهل الصلاح والعلم، وهم أئمة الهدى خلفاء الأنبياء، والعلماء حفظة شرائع الأنبياء.
මහපොළොව දැහැමියන් හා විද්වතුන්ගෙන් හිස් වන්නේ නැත. ඔවුන් නබිවරුන්ගේ නියෝජිතයින් වන යහමගෙහි නායකයින් හා නබිවරුන්ගේ පිළිවෙත් ආරක්ෂා කරන විද්වතුන් වෙති.

• حدّدت هذه الآيات دعائم المجتمع المسلم في الحياة الخاصة والعامة للفرد والجماعة والدولة.
පොදු හා පුද්ගලික ජීවිතයේ ඒක පුද්ගලික සමාජමය හා දේශීය වශයෙන් පිහිටිය යුතු මුස්ලිම් ප්රජාවේ කුළුණු මෙම පාඨ තුළින් සීමා කර ඇත.

• النهي عن الرشوة وأخذ الأموال على نقض العهد.
අල්ලස් ගැනීමේ හා ගිවිසුම් කඩ කරමින් ධනය අයුතු ලෙස පැහැර ගැනීමේ තහනම.

 
Salin ng mga Kahulugan Ayah: (89) Surah: An-Nahl
Indise ng mga Surah Numero ng Pahina
 
Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm - Indise ng mga Salin

Inilabas ng Markaz Tafsīr Lid-Dirāsāt Al-Qur’ānīyah (Sentro ng Tafsīr Para sa mga Pag-aaral Pang-Qur’an).

Isara