Check out the new design

แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล สำหรับหนังสืออรรถาธิบายอัลกุรอานอย่างสรุป (อัลมุคตะศ็อร ฟีตัฟซีร อัลกุรอานิลกะรีม) * - สารบัญ​คำแปล


แปลความหมาย​ สูเราะฮ์: Al-Ma‘ārij   อายะฮ์:
یُّبَصَّرُوْنَهُمْ ؕ— یَوَدُّ الْمُجْرِمُ لَوْ یَفْتَدِیْ مِنْ عَذَابِ یَوْمِىِٕذٍ بِبَنِیْهِ ۟ۙ
සෑම මිනිසෙකුම තම සමීපතයා දෑසින් දැක ගනියි. සැඟවෙන්නේ නැත. නමුත් ඒ සමගම, නතරවී සිටින ස්ථානයේ භයානක කම හේතුවෙන් කිසිවෙක් කිසිවකු පිළිබඳ විමසන්නේ නැත. නිරයට නියම වූවන් ඔවුන් වෙනුවට තම දරුවන් දඬුවම සඳහා පරදුවට තබන්නට බලයි.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَصَاحِبَتِهٖ وَاَخِیْهِ ۟ۙ
තම බිරිය හා තම සහෝදරයා ද තමා වෙනුවට පරදුවට තබන්නට බලයි.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَفَصِیْلَتِهِ الَّتِیْ تُـْٔوِیْهِ ۟ۙ
දුෂ්කර අවස්ථාවන්හි තමන් සමගම නැවතී සිටි, ඔහුට වඩාත් සමීප වූ තම ඥාතියා ද පරදුවට තබන්නට බලයි.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَمَنْ فِی الْاَرْضِ جَمِیْعًا ۙ— ثُمَّ یُنْجِیْهِ ۟ۙ
තවද මහපොළොවේ වෙසෙන ජින් වර්ගයා මිනිස් වර්ගයා හා වෙනත් දෑ ද ඔහු වෙනුවෙන් වන්දි වශයෙන් පරදුවට තබා නිරා ගින්නේ දඬුවමින් තමන් ආරක්ෂා කර ගන්නට බලයි.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
كَلَّا ؕ— اِنَّهَا لَظٰی ۟ۙ
මෙම වැරදි කරුවා සිතනවාක් මෙන් කරුණ නොපවතී. සැබැවින්ම එය මතුලොව ගින්නය. එය දළුලා ඇවිළ, පුළුස්සා දමන්නකි.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
نَزَّاعَةً لِّلشَّوٰی ۟ۚۖ
එහි ඇති දැඩි උෂ්ණත්වය හා ඇවිළීම හේතුවෙන් ඉතා දරුණු ලෙස හිසෙහි සම ඉවත් වී යනු ඇත.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
تَدْعُوْا مَنْ اَدْبَرَ وَتَوَلّٰی ۟ۙ
සත්යය පිටුපා, එයින් දුරස් වී, ඒ ගැන විශ්වාස නොකර ඒ අනුව ක්රියා නොකළ අය එය අමතයි.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَجَمَعَ فَاَوْعٰی ۟
එමෙන්ම ඔහු ධනය රැස් කොට, අල්ලාහ්ගේ මාර්ගයේ එයින් වියදම් කිරීමෙන් මිට මොළවා ගත්තේය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
اِنَّ الْاِنْسَانَ خُلِقَ هَلُوْعًا ۟ۙ
සැබැවින්ම මිනිසා තෘෂ්ණාවෙන් යුත් කලබලකාරී තත්ත්වයේ මවනු ලැබ ඇත.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
اِذَا مَسَّهُ الشَّرُّ جَزُوْعًا ۟ۙ
ඔහුට යම් රෝගාබාධයකින් හෝ දිළිඳුකමින් හෝ යම් හානියක් ඇති වූ විට ඔහු ඉවසනුයේ ඉතා සුළු වශයෙනි.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَّاِذَا مَسَّهُ الْخَیْرُ مَنُوْعًا ۟ۙ
පොහොසත් කමක් හා ලාබයක් වැනි යම් සතුටු දායක දෙයක් ඇති වූ විට එය අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමෙන් අධික වශයෙන් වැළකී සිටින්නෙකු විය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
اِلَّا الْمُصَلِّیْنَ ۟ۙ
නමුත් සලාතය ඉටු කරන්නන් හැර. ඔවුහු මෙම නින්දාසහගත ගුණාංගවලින් නිරෝගිමත් වූවන් වෙති.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
الَّذِیْنَ هُمْ عَلٰی صَلَاتِهِمْ دَآىِٕمُوْنَ ۟
ඔවුහු ඔවුන්ගේ සලාතය මත අඛණ්ඩ ව නිරත ව සිටින්නෝ වෙති. වෙනතකට යොමු නොවෙති. නියමිත වේලාවෙහි එය ඉටු කරති.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَالَّذِیْنَ فِیْۤ اَمْوَالِهِمْ حَقٌّ مَّعْلُوْمٌ ۟
ඔවුන්ගේ ධනයෙහි නියමිත කොටසක් වෙන් කළ අය වෙති.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
لِّلسَّآىِٕلِ وَالْمَحْرُوْمِ ۟
ඔවුහු එය ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නන්හට ද යම්කිසි හේතු කාරණාවක් මත ආහාර වළක්වනු ලැබූවන් අතරින් ඔවුන්ගෙන් ඉල්ලා නොසිටින්නන්හට ද පිරිනමති.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَالَّذِیْنَ یُصَدِّقُوْنَ بِیَوْمِ الدِّیْنِ ۟
තවද ඔවුන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තමන්ට සරිලන පරිදි සියලු දෑ සඳහා අල්ලාහ් ප්රතිඵල පිරිනමන දිනයක් බවට තහවුරු කරති.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَالَّذِیْنَ هُمْ مِّنْ عَذَابِ رَبِّهِمْ مُّشْفِقُوْنَ ۟ۚ
තවද ඔවුන් වනාහි, ඔවුන් තම දැහැමි ක්රියාවන් ඉදිරිපත් කිරීමත් සමගම ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම පිළිබඳ බියෙන් පසුවන්නෝ වෙති.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
اِنَّ عَذَابَ رَبِّهِمْ غَیْرُ مَاْمُوْنٍ ۪۟
සැබැවින්ම ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම බිය විය යුත්තකි. කිසිදු බුද්ධිමතෙකුට එයින් සුරක්ෂිත බව විශ්වාස කළ නොහැක.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَالَّذِیْنَ هُمْ لِفُرُوْجِهِمْ حٰفِظُوْنَ ۟ۙ
තවද ඔවුන් වනාහි, තම රහස්ය පෙදෙස් ආවරණය කරමින් හා අශීලාචාර දැයින් දුරස් කරමින් ආරක්ෂා කරන්නෝ වෙති.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
اِلَّا عَلٰۤی اَزْوَاجِهِمْ اَوْ مَا مَلَكَتْ اَیْمَانُهُمْ فَاِنَّهُمْ غَیْرُ مَلُوْمِیْنَ ۟ۚ
ඔවුන්ගේ බිරියන් හෝ ඔවුන් සතු කරගත් වහලියන් හෝ හැර. ඔවුන් සමග සංසර්ගයේ නිරත වෙමින් පහස විදීමෙහි ඔවුන් දොස් නගනු ලබන්නන් නොවෙති.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
فَمَنِ ابْتَغٰی وَرَآءَ ذٰلِكَ فَاُولٰٓىِٕكَ هُمُ الْعٰدُوْنَ ۟ۚ
එහෙයින් කවරෙකු සඳහන් කරනු ලැබූ පරිදි බිරියන් හා වහලියන් හැර අයුතු ලෙස පහස විඳින්නට බලන්නේ ද අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගියවුන් වන්නේ ඔවුහුමය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَالَّذِیْنَ هُمْ لِاَمٰنٰتِهِمْ وَعَهْدِهِمْ رٰعُوْنَ ۟
ධනය හෝ රහස්ය කරුණක් විශ්වාසයෙන් යුතුව ඔවුනට පවරනු ලැබූ දෑ ද, ජනයා ඔවුන් සමග ගිවිසගත් ඔවුන්ගේ ගිවිසුම් ද ඔවුහු ආරක්ෂා කරන්නෝ වෙති. ඔවුන්ගේ භාරකාරත්වයට ඔවුහු වංචා නොකරති. ඔවුන්ගේ ගිවිසුම් කඩ නොකරති.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَالَّذِیْنَ هُمْ بِشَهٰدٰتِهِمْ قَآىِٕمُوْنَ ۟
ඉල්ලා සිටින පරිදි ඔවුන් සාක්ෂි දැරීමෙහි ස්ථාවර ව සිටිති. සමීප සම්බන්ධකම් හෝ සතුරුකම් එහි දී බලපෑමක් ලෙස ඇති කර ගන්නේ නැත.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَالَّذِیْنَ هُمْ عَلٰی صَلَاتِهِمْ یُحَافِظُوْنَ ۟ؕ
ඔවුන් වනාහි තම සලාතය එහි නියමිත වේලාවෙහි ඉටු කරමින්, පිරිසිදු කම හා තැන්පත් බවින් ඒ හැර වෙනත් කාර්යයක නිරත නොවෙමින්, ඉතා ප්රවේසමින් සැළකිලිමත් ව ඉටු කරන්නෝ වෙති.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
اُولٰٓىِٕكَ فِیْ جَنّٰتٍ مُّكْرَمُوْنَ ۟ؕ۠
මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවූහු ස්වර්ග උයන්හි සම්භාවනීයයන් වෙති. එය ඔවුන් සදා පවතින සුව පහසුකම් ලැබීමෙන් හා ගෞරවනීය අල්ලාහ්ගේ මුහුණ බැලීමෙනි.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
فَمَالِ الَّذِیْنَ كَفَرُوْا قِبَلَكَ مُهْطِعِیْنَ ۟ۙ
අහෝ ධර්ම දූතය, නුඹ අවට සිටින නුඹේ සමාජයේ දෙවියන් ප්රතික්ෂේප කරන මොවුන් නුඹව බොරු කිරීමට ගෙන ගියේ කුමක් ද?
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
عَنِ الْیَمِیْنِ وَعَنِ الشِّمَالِ عِزِیْنَ ۟
නුඹේ වම් පැත්තට හා දකුණු පැත්තට කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් වටවෙමින් සිටියෝය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
اَیَطْمَعُ كُلُّ امْرِئٍ مِّنْهُمْ اَنْ یُّدْخَلَ جَنَّةَ نَعِیْمٍ ۟ۙ
අල්ලාහ් තමන් සුව පහසුකම් සහිත ස්වර්ගයට ඇතුළත් කරන බවත්, තමන් දේව ප්රතික්ෂේපයේ හිඳමින්ම එහි සදා පවතින පහසුකම් භුක්ති විදිය හැකි බවත්. ඔවුන් අතරින් සෑම කෙනෙකුම කල්පනය කරන්නේ ද?
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
كَلَّا ؕ— اِنَّا خَلَقْنٰهُمْ مِّمَّا یَعْلَمُوْنَ ۟
ඔවුන් නිරූපණය කරන මෙන් එම කරුණ නැත. ඔවුන් දන්නා හඳුනන දැයින් සැබැවින්ම අපි ඔවුන් මැව්වෙමු. නොවටිනා ද්රාවණයකින් අපි ඔවුන් මවා ඇත්තෙමු. ඔවුන් තමන්ටම යම් යහපත් හෝ හානියක් සිදු කර ගැනීමට නොහැකි දුබලයින් වෙති. එසේ නම් ඔවුන් උඩගු වන්නේ කෙසේද?
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
فَلَاۤ اُقْسِمُ بِرَبِّ الْمَشٰرِقِ وَالْمَغٰرِبِ اِنَّا لَقٰدِرُوْنَ ۟ۙ
හිරු උදාවන නැගෙනහිර දිශාවන් හා බටහිර දිශාවන් මෙන්ම සඳු හා වෙනත් ග්රහ තාරකාවන්හි හිමිපාණන් වන අල්ලාහ් තමන් මතම දිවුරමින් "සැබැවින්ම අපි බලය දරන්නෝ වෙමු" යැයි දිවුරා සිටියි.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
ประโยชน์​ที่​ได้รับ​:
• شدة عذاب النار حيث يود أهل النار أن ينجوا منها بكل وسيلة مما كانوا يعرفونه من وسائل الدنيا.
• මෙලොව මාධ්යයන් අතරින්, තමන් හදුනන සියලුම මාධ්යයන් ඉදිරිපත් කරමින් නිරා ගින්නෙන් මිදීමට නිරා වාසීන් ප්රිය කරන තරමට නිරා ගින්නේ ඇති බිහිසුණුකම.

• الصلاة من أعظم ما تكفَّر به السيئات في الدنيا، ويتوقى بها من نار الآخرة.
•මෙලොවෙහි සිදු කරන පාපකම් සඳහා බලවත් ප්රතිකර්මයක් වනුයේ සලාතයයි. එමගින් මතුලොව නිරා ගින්නෙන් ආරක්ෂාව සලසා ගත හැකි වේ.

• الخوف من عذاب الله دافع للعمل الصالح.
•අල්ලාහ්ගේ දඬුවමට බිය වීම දැහැමි ක්රියාවන් සඳහා පෙළඹවීමක් වන්නේය.

 
แปลความหมาย​ สูเราะฮ์: Al-Ma‘ārij
สารบัญสูเราะฮ์ หมายเลข​หน้า​
 
แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล สำหรับหนังสืออรรถาธิบายอัลกุรอานอย่างสรุป (อัลมุคตะศ็อร ฟีตัฟซีร อัลกุรอานิลกะรีม) - สารบัญ​คำแปล

โดย ศูนย์ตัฟซีรเพื่อการศึกษาอัลกุรอาน

ปิด