Check out the new design

แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล สำหรับหนังสืออรรถาธิบายอัลกุรอานอย่างสรุป (อัลมุคตะศ็อร ฟีตัฟซีร อัลกุรอานิลกะรีม) * - สารบัญ​คำแปล


แปลความหมาย​ อายะฮ์: (2) สูเราะฮ์: Al-Mā’idah
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تُحِلُّوْا شَعَآىِٕرَ اللّٰهِ وَلَا الشَّهْرَ الْحَرَامَ وَلَا الْهَدْیَ وَلَا الْقَلَآىِٕدَ وَلَاۤ آٰمِّیْنَ الْبَیْتَ الْحَرَامَ یَبْتَغُوْنَ فَضْلًا مِّنْ رَّبِّهِمْ وَرِضْوَانًا ؕ— وَاِذَا حَلَلْتُمْ فَاصْطَادُوْا ؕ— وَلَا یَجْرِمَنَّكُمْ شَنَاٰنُ قَوْمٍ اَنْ صَدُّوْكُمْ عَنِ الْمَسْجِدِ الْحَرَامِ اَنْ تَعْتَدُوْا ۘ— وَتَعَاوَنُوْا عَلَی الْبِرِّ وَالتَّقْوٰی ۪— وَلَا تَعَاوَنُوْا عَلَی الْاِثْمِ وَالْعُدْوَانِ ۪— وَاتَّقُوا اللّٰهَ ؕ— اِنَّ اللّٰهَ شَدِیْدُ الْعِقَابِ ۟
අහෝ විශ්වාස කළවුනි! ගරු කරන මෙන් අල්ලාහ් නියෝග කර ඇති එහි ගරුත්වය හේතුවෙන් ඔහු විසින් තහනම් කළ දෑ අනුමත කර ගන්නට නොබලනු. මසා නිම කළ ඇඳුම් ඇඳීම වැනි ඉහ්රාම් තත්ත්වයේ තහනම් කරනු ලැබූ දැයින් ද දඬයම් කිරීම වැනි හරම් සීමාව තුළ සිදු කිරීමට තහනම් කරන ලද දැයින් ද වැළකී සිටිනු. (දුල් කඃදා, දුල් හිජ්ජා, මුහර්රම් හා රජබ් යන) ශුද්ධ වූ මාස වල යුද්ධ කිරීමට අනුමත කර නොගනු. අල්ලාහ් වෙනුවෙන් කැප කිරීම සඳහා හරම් වෙත හද්යු වශයෙන් පිරිනැමූ ගොවිපළ සතුන් කොල්ල කෑමෙන් හා එවැනි අයුතු මාර්ග වලින් එම සතුන් නියමිත ස්ථානයට ගෙනයාම වළක්වමින් ඒවා අනුමත කර නොගනු. ලෝමවලින් ගෙතූ ගෙල මාලවලින් හෝ වෙනත් සලකුණු වලින් කැප කිරීමට වෙන් කළ සතෙක් බවට සලකුණු තබන ලැබූ සත්වයා අනුමත කර නොගනු. ව්යාපාර ලාභය හා අල්ලාහ්ගේ තෘප්තිය පතා අල්ලාහ්ගේ ශුද්ධ නිවස අරමුණු කරමින් පැමිණෙන්නන් අනුමත කර නොගනු. හජ් හෝ උම්රා වන්දනාවේ ඉහ්රාම් තත්ත්වයෙන් මිදී, හරම් සීමාවෙන් බැහැරට ගියේ නම්, ඔබ කැමැති නම් දඬයමෙහි නිරත විය හැක. පිරිසකගේ කෝපය ඔබ ව ශුද්ධ වූ දේවස්ථානයෙන් වළක්වන අයුරින් කටයුතු නොකරනු. ඔවුන් අතර යුක්තිගරුක ව කටයුතු කිරීමට අමතක නොකරනු. අහෝ විශ්වාස කළවුනි! කවර දෙයක් නියෝග කරනු ලැබුවේ ද එය සිදු කිරීමටත් කවර දෙයක් තහනම් කරනු ලැබුවේද එය අතහැර දමන්නටත් නුඹලා එකිනෙකාට සහාය දෙනු. අදාළ පුද්ගලයා පාපියෙකු වන පරිදි දෙවියන්ට පිටුපාන කටයුතු වලට උපකාර නොකරනු. මිනිසුන්ගේ රුධිරය ඔවුන්ගේ සම්පත් ඔවුන්ගේ මාන්යයට හානි කරන පරිදි ඔවුනට එරෙහිව කටයුතු කරන සතුරන්හටත් උපකාර නොකරනු. අල්ලාහ්ට අවනත වෙමින් හා ඔහුට පිටුපෑමෙන් දුරස්වෙමින් ඔහුට බිය වනු. සැබැවින්ම අල්ලාහ් තමන්ට පිටුපාන්නන්හට දැඩි දඬුවම් පමුණුවනු ඇත. එහෙයින් ඔහුගේ දඬුවමින් ඔබ ප්රවේශම් වනු.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
ประโยชน์​ที่​ได้รับ​:
• عناية الله بجميع أحوال الورثة في تقسيم الميراث عليهم.
උරුමක්කරුවන් හට උරුමය බෙදා දීමේ දී උරුමය හා බැඳුනු සියලු තත්ත්වයන් කෙරෙහි වූ අල්ලාහ්ගේ අවධානය.

• الأصل هو حِلُّ الأكل من كل بهيمة الأنعام، سوى ما خصه الدليل بالتحريم، أو ما كان صيدًا يعرض للمحرم في حجه أو عمرته.
ගොවිපළ සියලු සතුන් ආහාරයට ගැනීමේ මූලධර්මය වනුයේ අනුමතය යන්නයි. නමුත් තහනම් යැයි පෙන්වා දුන් දෑ හා හජ් හෝ උම්රා වන්දනාවෙහි ඉහ්රාම් තත්ත්වයේ සිටියදී හරහට පැමිණෙන දඬයම් සතුන් හැර.

• النهي عن استحلال المحرَّمات، ومنها: محظورات الإحرام، والصيد في الحرم، والقتال في الأشهر الحُرُم، واستحلال الهدي بغصب ونحوه، أو مَنْع وصوله إلى محله.
තහනම් දෑ අනුමත කර ගැනීමේ තහනම. ඉහ්රාම් තත්ත්වයේ තහනම් කළ අනුමත කර ගැනීම හරම් සීමාව තුළදී දඬයම් කිරීම, ශුද්ධ වූ මාස වල යුද්ධ කිරීම, මංකොල්ලය වැනි අයුතු ක්රම වලින් ගත් සතුන් අනුමත කර ගැනීම, ඒවා නියමිත ස්ථානයට ගෙන යෑමෙන් වැළැක්වීම යනාදිය ඒවායින් සමහරෙකි.

 
แปลความหมาย​ อายะฮ์: (2) สูเราะฮ์: Al-Mā’idah
สารบัญสูเราะฮ์ หมายเลข​หน้า​
 
แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล สำหรับหนังสืออรรถาธิบายอัลกุรอานอย่างสรุป (อัลมุคตะศ็อร ฟีตัฟซีร อัลกุรอานิลกะรีม) - สารบัญ​คำแปล

โดย ศูนย์ตัฟซีรเพื่อการศึกษาอัลกุรอาน

ปิด