Check out the new design

แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล สำหรับหนังสืออรรถาธิบายอัลกุรอานอย่างสรุป (อัลมุคตะศ็อร ฟีตัฟซีร อัลกุรอานิลกะรีม) * - สารบัญ​คำแปล


แปลความหมาย​ อายะฮ์: (3) สูเราะฮ์: Yūnus
اِنَّ رَبَّكُمُ اللّٰهُ الَّذِیْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ فِیْ سِتَّةِ اَیَّامٍ ثُمَّ اسْتَوٰی عَلَی الْعَرْشِ یُدَبِّرُ الْاَمْرَ ؕ— مَا مِنْ شَفِیْعٍ اِلَّا مِنْ بَعْدِ اِذْنِهٖ ؕ— ذٰلِكُمُ اللّٰهُ رَبُّكُمْ فَاعْبُدُوْهُ ؕ— اَفَلَا تَذَكَّرُوْنَ ۟
අහෝ එසේ පුදුමයට පත් වන්නනි! සැබැවින්ම නුඹලාගේ පරමාධිපති දින හයකින් අති විශාලව පවතින අහස් හා පුළුල් ව විහිදී පවතින මහපොළොව මවා පසුව අර්ෂ් හෙවත් දේව රාජධානිය ඉහළට නැග ස්ථාපිත විය. නුඹලාගේම වර්ගයාගෙන් වූ මිනිසෙකු වෙත එය පහළ කිරීම ගැන නුඹලා පුදුමයට පත් වනුයේ කෙසේද? ඔහුගේ විශාල අධිරාජ්යය තුළ සියල්ල සැලසුම් කර තීන්දු කරනුයේ ඔහු තනිවමය. මැදිහත් වන්නෙකුට ඔහු අවසර දීමෙන් හා ඔහු ව පිළිගැනීමෙන් පසුව මිස කිසිදු කටයුත්තක දී ඔහු ඉදිරියේ මැදිහත් වන්නට කිසිවෙකු නැත. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ ඔහු නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ය. එහෙයින් ඔහුට පමණක් අවංක ලෙස නුඹලා ගැතිකම් කරනු. මේ සියලු සාධක හා සාක්ෂි තුළින් නුඹලා ඔහුගේ ඒකීයත්වය ගැන උපදෙස් ලැබිය යුතු නොවේ ද? කවරෙකු අවම වශයෙන් හෝ උපදෙස් ලබන්නේද ඔහු එය දැන ඔහු ගැන විශ්වාසය තබනු ඇත.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
ประโยชน์​ที่​ได้รับ​:
• إثبات نبوة النبي صلى الله عليه وسلم وأن إرساله أمر معقول لا عجب فيه .
•නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ නබිත්වය නොහොත් වක්තෘභාවය තහවුරු කිරීම, සැබැවින්ම එසේ එතුමාණන්ව එවීම පුදුමයක් නොව බුද්ධිමය කටයුත්තක් බව අවධාරණය කිරීම.

• خلق السماوات والأرض ومن فيهما، وتدبير الأمر، وتقدير الأزمان واختلاف الليل والنهار كلها آيات عظيمة دالة على ألوهية الله سبحانه.
අහස් හා මහපොළොව මැවීම, ඒ දෙකෙහි ඇති දෑ නිර්මාණය කිරීම, කටයුතු සැළසුම් කිරීම, කාල වේලාවන් නිර්ණය කිරීම, රාත්රිය හා දහවල මාරුවෙන් මාරුව පැමිණීම යනාදී සියල්ල අල්ලාහ්ගේ දේවත්වය පෙන්වා දෙන අතිමහත් සංඥා වෙති.

• الشفاعة يوم القيامة لا تكون إلا لمن أذن له الله، ورضي قوله وفعله.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කිසිවකු වෙනුවෙන් මැදිහත් වීමට අවසර ලැබෙනුයේ අල්ලාහ් අනුමත කළ හා ඔහුගේ ප්රකාශය හා ක්රියාව ගැන තෘප්තියට පත් වූ අයට පමණි.

• تقدير الله عز وجل لحركة الشمس ولمنازل القمر يساعد على ضبط التاريخ والأيام والسنين.
•හිරුගේ චලනය හා සඳුගේ අවධියන් අල්ලාහ් නිර්ණය කිරීම තුළින් දිනය, දවස හා වර්ෂ සටහන් කර ගැනීමට ප්රයෝජනවත් වන්නේය.

 
แปลความหมาย​ อายะฮ์: (3) สูเราะฮ์: Yūnus
สารบัญสูเราะฮ์ หมายเลข​หน้า​
 
แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล สำหรับหนังสืออรรถาธิบายอัลกุรอานอย่างสรุป (อัลมุคตะศ็อร ฟีตัฟซีร อัลกุรอานิลกะรีม) - สารบัญ​คำแปล

โดย ศูนย์ตัฟซีรเพื่อการศึกษาอัลกุรอาน

ปิด