Check out the new design

அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான சிங்கள மொழிபெயர்ப்பு * - மொழிபெயர்ப்பு அட்டவணை


மொழிபெயர்ப்பு வசனம்: (53) அத்தியாயம்: அல்அன்ஆம்
وَكَذٰلِكَ فَتَنَّا بَعْضَهُمْ بِبَعْضٍ لِّیَقُوْلُوْۤا اَهٰۤؤُلَآءِ مَنَّ اللّٰهُ عَلَیْهِمْ مِّنْ بَیْنِنَا ؕ— اَلَیْسَ اللّٰهُ بِاَعْلَمَ بِالشّٰكِرِیْنَ ۟
එලෙස අපි ඇතැමෙක් ඇතැමෙකු විසින් පරීක්ෂාවට ලක් කළෙමු. මෙලොව ඔවුනට හිමි කොටස් වලදී උස් පහත් වෙනස්කම් සහිත ව අපි ඔවුන් පත් කළෙමු. එමගින් අපි ඔවුන් පරීක්ෂාවට ලක් කළෙමු. දේව ප්රතික්ෂේපකයෝ දේව විශ්වාසී දිළිඳුන් දෙස බලා “අල්ලාහ් අප අතර උසස් කර ඇත්තේ මෙම දිළිඳු ජනයා දැ”යි විමසති. විශ්වාසය යහපත් ලෙස තිබුණේ නම් ඒ වෙත අපි අබිබබා නොයන්නෙමු. අබිබවා යන්නෝ අපමය. තම ආශිර්වාදයට තුති පුදකරන්නන් කවුරුන්දැයි අල්ලාහ් මැනවින් දැන එම විශ්වාසය වෙනුවෙන් ඔහු ඔවුනට ආශිර්වාද නොකරනු ඇත්ද? එය ප්රතික්ෂේප කරන්නන් කවුරුන්දැයි ඔහු මැනවින් දැන ඔවුන් අවමානයට පත් නොකරනු ඇත්ද? නමුත් ඔවුන් විශ්වාසය කරති. එසේය, සැබැවින්ම අල්ලාහ් ඔවුන් පිළිබඳ මැනවින් දන්නාය.
அரபு விரிவுரைகள்:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• الله تعالى يجعل العباد بعضهم فتنة لبعض، فتتفاوت درجاتهم في الرزق وفي الكفر والإيمان، والكفر والإيمان ليس منوطًا بسعة الرزق وضيقه.
•අල්ලාහ් තම ගැත්තන් අතරින් ඇතැමෙක් ඇතැමෙකුට පරීක්ෂණයක් ලෙස පත් කර ඇත. එහෙයින් පෝෂණය දේව ප්රතික්ෂේපය හා දේව විශ්වාසය යනාදියෙහි ඔවුන්ගේ තරාතිරම් එකිනෙකට වෙනස් ව පවතී. දේව ප්රතික්ෂේපය හා දේව විශ්වාසය පෝෂණය විස්තීරණ වීම හෝ එය සීමා වීම යන කරුණු මත යැපෙන්නක් නොවේ.

• من أخلاق الداعية طلاقة الوجه وإلقاء التحية والتبسط والسرور بأصحابه.
• සිනාමුසු මුහුණ, ආචාර කිරීම, සරල කම හා තම සගයින් පිළිබඳ සතුටු වීම යනාදිය ප්රචාරකයකු සතු යහපත් ගතිගුණවලින් ඇතමක් වේ.

• على الداعية اجتناب الأهواء في عقيدته ومنهجه وسلوكه.
•ප්රචාරකයකු තම ප්රතිපත්තිය තුළ තම ක්රියාවලිය තුළ හා තම ගමන් මගෙහි තම ආශාවන් අනුගමනය කිරීමෙන් වැළකී සිටිය යුතුය.

• إثبات تفرد الله عز وجل بعلم الغيب وحده لا شريك له، وسعة علمه في ذلك، وأنه لا يفوته شيء ولا يعزب عنه من مخلوقاته شيء إلا وهو مثبت مدوَّن عنده سبحانه بأدق تفاصيله.
•ගුප්ත දෑ පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් සතු බවත් ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැති බවත් එහි ඔහුගේ දැනුම පුළුල් බවත් තහවුරු කිරීම. සැබැවින්ම ඔහුගේ මැවීම් කිසිවක් ඒවායෙහි පුළුල් විස්තර ඔහු අබියස සටහන් කිරීමෙන් මිස කිසිවක් ඔහුගෙන් මිදී යන්නේ නැත.

 
மொழிபெயர்ப்பு வசனம்: (53) அத்தியாயம்: அல்அன்ஆம்
அத்தியாயங்களின் அட்டவணை பக்க எண்
 
அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான சிங்கள மொழிபெயர்ப்பு - மொழிபெயர்ப்பு அட்டவணை

வெளியீடு அல்குர்ஆன் ஆய்வுகளுக்கான தப்ஸீர் மையம்

மூடுக